Chaminda Vaas

in hive-133716 •  yesterday 

1000160239.jpg
source

ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ගෙන් කවුරු හරි ඇහුවොත් ලංකාවේ ක්‍රිකට් වලට බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්න කවුද කියලා, ඔයාලගේ උත්තරේ මොකක්ද?? මං හිතනවා ඔයාලට පිළිතුරු දෙකක් ඇති කියලා, ගොඩක් දුරට ඒ ලසිත් මාලිංග සහ චමින්ද වාස් වෙන්න පුළුවන්.ඉතින් ඇත්තටම මට මේ ලෙජන්ඩ්ල දෙන්නගේන් එක්කෙනෙක් තෝර ගන්න කිව්වොත් මම නම් තෝරාගන්නේ චමින්ද වාස්.මොකද ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වලට පන්දු යවන්නෙක් විදියට ලසිත් මාලිංගට වඩා ඉදිරියෙන් සිටිනවා.ඒ වගේම පිතිකරුවෙක් විදියටත් චමින්ද වාස් සාර්ථක වූ අවස්ථා නැතුවාම නෙවෙයි.ඉතින් කාලයක් තිබුනා ආරම්භක පිතිකරුවන් චමින්ද වාස්ගෙ පළවෙනි පන්දුවාරයට මුහුණ දෙන්න බය වුණ.

චමින්ද වාස් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වගේම ජාත්‍යන්තර cricket වලටත් වාර්තා පිට වාර්තා තබපුු ක්‍රීඩකයෙක්.ඒ අතරින් තරගයේ පළමු පන්දු තුනෙන්ම කඩුලු ත්‍රිත්වයක් දවා ගත් පන්දු යවන්නෙක් විදියට ඉන්න පළමු සහ එකම ක්‍රීඩකයා චමින්ද වාස්.1994 ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගත්ත චමින්ද වාස් , ටෙස්ට් පිටිය තුළ ඉනිම් 194දී කඩුලු 355 දවාගනිමින් වේග පන්දු යවන්නෙක් දවාගත් වැඩිම කඩුලු තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඔහු සමත් වෙලා තියෙනවා.ඒ වගේම එක්දින පිටිය තුළ ඉනිම් 320දී කඩුලු 400 දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර ඉහළ ස්ථානයක වැජබෙනවා. ඒ වගේම පිතිකරුවෙක් ලෙස ටෙස්ට් පිටිය තුළ චමින්ද වාස්ට අර්ධ ශතක 13 සහ ශතක 1ක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා.ඉතින් ඇත්තටම චමින්ද වාස් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට පමණක් නෙවේ ජාත්‍යන්තර ක්‍රිකට්වලටම බිහිවූ legendary player කෙනෙක්.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!