source
ඉතින් යාලුවනේ අද ලියන්න යන්නේ ශ්‍රී ලංකාවේ මේ දවස්වල සෑහෙන්න කතාවට ලක් වෙන ප්‍රවෘත්තියක් ගැන.ඔව් ඒ තමයි clean Srilanka ව්‍යාපෘතිය.ඉතින් මම හිතනවා ඔයාලත් මේ පිළිබඳව දැනටමත් දැනුවත් ඇති කියලා.නව රජය පත්වීමටත් පෙර තමයි මේ ප්‍රොජෙක්ට් එක ගැන ජනතාව දැනුවත් කළේ.ඒ වගේම රජයේ මේ ලබපු දැවැන්ත ජයග්‍රහණයට මේ ප්‍රොජෙක්ට් එක ගැන කතා කිරීමත් යම්තාක් දුරට හේතු සාධක වුණා.මොකද ජනතාවට අවශ්‍ය වුණා රටේ ගොඩක් ස්ථානවල පිරිසිදු බවක්.කොහොම හරි මේ clean srilanka project එක ක්‍රියාවට නැගුණේ මේ වසරේ ආරම්භයත් සමඟයි.
මේ ප්‍රොජෙක්ට් එකෙන් කෙරෙන්නේ බාහිර පරිසරය පමණක් පිරිසිදු කිරීමක් නොවේ.ඔව් ඒකත් වෙනවා තමයි,ඒත් ඊට එහාට ගියපු විශාල කාර්යභාරයක් මේ ව්‍යාපෘතිය ඇතුලෙ අන්තර්ගත වෙනවා.රජය විසින් ගොඩක් වෙලාවට ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරනවත් එක්ක.ඉතින් මේ පිළිබඳව විශාල විදිහට කතාවට නැඟුනේ, ත්‍රී රෝද රථවල සහ බස් රථවල විවිධ සැරසිලි ආයිත්තම් ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟ.ඇත්තටම ඒ පිළිබඳව ඔයාලගේ අදහස මොකද්ද? මගේ මතය නම් ඒ වැඩේ හරි.මොකද මම ගිහිල්ල තියන ගොඩක් බස් වල මාර්ග නීති කඩ වෙන ප්‍රමාණය ඉතා වැඩියි.එපමණක් නෙවෙයි අනවශ්‍ය විදිහට සැරසිලි වගේම බස් රථයේ වීදුරුවෙන් රියදුරුට පාර පේනවද කියලත් සැකයක් යම්තාක් දුරට ඇතිවෙනව.ඉතින් මට අනුව නම් රජය ගත්ත පියවර සර්ව සාධාරණයි.රටේ හැම මනුස්සයම සතුටු කරන්න අමාරුයි.යම් ප්‍රශ්නයක් විසඳද්දී කොහෙන් හරි ඒ නිසා පීඩාවට පත්වෙන පිරිසක් ඉන්නවා.ඒ නිසා රජය විසින් ගත යුතු පියවර තමයි කොහොම හරි රටේ නීතියත් ජනතාවගේ ආරක්ෂාවත් තහවුරු කරන එක.මේ ව්‍යාපෘතිය ඇතුළෙ හරි ලස්සනට ඒක දැක ගන්න පුළුවන්.ඉතින් ඒ නිසා රජයේ ඒ වැඩපිළිවෙල සාර්ථක කරගන්න අපිත් හැකියාවලින් දායක වෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
@tipu curate
;) Holisss...
--
This is a manual curation from the @tipU Curation Project.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Upvoted 👌 (Mana: 2/8) Get profit votes with @tipU :)
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit