source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. අද ලියන්න යන්නෙ ජීවිතේ මනුස්සයෙක්ට නොවිය යුතුම දෙයක් ගැන.ඒ තමයි පසුතැවීම්. ඔව් තරහ , කේන්තිය, ඉරිසියාව ,දුක කියන හැගීම් ව්ලට වඩා දරුනුම හැගීමක් තමයි පසුතැවීම. මොකද ඒ පසුතැවීම ජීවිත කාලෙටම තියෙනව. පසුතැවීමක් ඔයාගෙ ජීවිත වලටත් ගොඩක් වෙලාවට එකතු වෙලා ඇති,ඉතින් ඒ හැගීම ඔයාලට අමුතුවෙන් තේරුම් කරන්න ඕන නෑනෙ.අද ලියන්න යන්නෙත් ඒ වගේ දෙයක් ගැන. ජීවිතේ හීන, අරමුණු පස්සෙන් අපි දුවද්දි අපිටත් නොදැනිම අපේ ආදරණීයන් අපෙන් දුරස් වෙනව. මන් කියන්න්‍ර් නැ ඔයා ඔයාගෙ අරමුණු පස්සෙන් දුවන එක නවත්තන්න කියල.නමුත් අපි දැනගන්න ඕන ජීවිතේ හැම්දේම සමබරව කලමනාකරනය කරගන්න. නැත්නම් අපි අවසානයේ අරමුනු හීන ඔක්කොම ලගාකරගත්තත් ඊට වඩා වටින දේවල් අපෙන් නැතිවෙලා ගිහින් තියේවි. අම්මයි , තාත්තයිත් ඒ වගෙ තමයි. ගොඩක් වෙලාවට විවාහයකින් පස්සෙ වෙනත් නිවසක පදිංචියකට ගියාම දෙමාපියන් අතර තියෙන බැදීම ටිකක් දුරට අඩුවෙනව.මං දැකල තියෙනව ඒ දුරස් බව ටිකෙන් ටික වැඩිවෙලා අන්තිමට අවුරුද්දකට පාරක්වත් ඒ දෙමව්පියන් බලන්න තියා, ඔවුන් ගැන විස්තරයක්වථ් හොයන්නෙ නැති ලමයි. ඔවුන්ට ආදරය රැකවරණය ඕනම කාලෙ ඒක දෙන්න බැරිනම් අපි මොන තැනක හිටයත් මොකටද?මේ කවියෙන් ඒක තවත් හිතට දැනෙනව. ඉතින් පස්සෙ පසුතැවිල තේරුමක් නෑ අපිට ඔවුන්ට සලකන්න බැරිවුනා කියල. ඔවුන් ඉන්න් කාලෙ පුලුවන් තර්ම් හොදින් සලකන්න අපි වග්බලාගන්න ඕන. මොකද ඔවුන් අපි වෙනුවෙන් කරපුව මෙච්චරයි කියල පෙන්නන්න බෑ.මේක මට කියවන්න හම්බුනේ මුහුනු පොතෙන් ඒක ඔයාල එක්කත් share කර්ගත්තනම් හොදයි කියල මට හිතුන.
සාමාන්‍යයෙන් තාත්තලා ළමයින්ට මැසේජ් යවන්නෙ නැතිම තරම් , මේ තාත්තත් එහෙම වෙන්නැති.. හැබැයි අවසානයේ දිග මැසේජ් එකක් යවනවා තමන්ගෙ එකම පුතාට.
ඒ මෙහෙම 👇
පුතේ අම්මා ,,____________
එකම විදිහට මාස ගාණක්
ඔයා සතිඅග එයිම හිතලා
දෙකට විතරම පාන්දර මහ
උයනවා ඇය නැගිටලා
මිඳුල් අතුගා ගෙවල් හෝදන්
නුබේ රෙදිටික තියනවා
මලුත් කඩලා වැඳන් බුදුනුත්
පේවෙලා මඟ බලනවා
....................................................
උදේ හත අට වෙද්දි මුහුණත්
පුලුටු කරගෙන මා දිහා
පුතේ බලබල උන්නෙ හිතකින්
නෙවෙයි ඈනම් ඉවසලා
දොලහ පහුවෙන විටදි ඇඳුමක්
දමන් යන්තම් සැරසිලා
පාර අයිනට ගිහින් එනකල්
ඉන්නවා ඇගෙ හුරතලා
.....................................................
හවස හත අට වෙද්දි හිමිහිට
ගාටලා ඈ ගේ දිහා
ටෝච් එකගෙන ආයෙ පාරට
යන්නෙ ඒවිම හිත හිතා
ෆෝන් වැඩනැති නිසා කලබල
වෙලා කඳුලුත් හල හලා
බැරිම තැන ඇය නින්දෙ වැටුනෙම
නොකා පුටුවේ ඇලවෙලා
.....................................................
පුතේ පාසල් යද්දි මතකයි
කෑම රස්නෙට ඕනෙ කියලා
අතේ අරගෙන දවල් උයලයි
දුන්නෙ ගෙනිහින් පයින් අම්මා
ඉහේ තියලයි උඹව හැදුවේ
රත්තරං මගෙ පනේ කියලා
හිතේ ඇතිනේ හුඟක් දේවල්
ඒකමයි ඔය උන්නෙ බලලා
.....................................................
කෝල් ගන්නෑ වැඩිය දැන්නම්
ලේලි අරගෙන තියයි බැනලා
නුඹට නම් නෑ අපිට කොහොමත්
කවුද ඉන්නේ නුඹව නැතිදා
එකයි කියලා සෙනෙහෙ දුන්නත්
කමක් නෑ නුඹ හිතින් හැරලා
" පුතේ එන්නට ඕනෙ නෑ මෙහෙ
හිතන්නෑ දැන් අම්මා ඕවා ,,
.......................................................
කමුද ඇහුව්වම හිනා වෙනවා
හිනාවෙද්දී අඬනවා
යමුද කිව්වම ඔහේ යනවා
අල්ල ගන්නේ පන්නලා
හිතට දුකමයි ඒත් කම්නෑ
මේක දැන්මට හුරුවෙලා
"ආයෙ එන්නට ඕනෙ නෑ නුඹ
පුතේ අම්මට පිස්සු හැදිලා ,, 😥
......................................................
මොනව ගැන පසුතැවීමක් ඉතිරිවුනත්
කවදාවත් අම්ම තාත්තට බලන්න බැරුවුනා කියන පසුතැවීම නම් ,,
ජීවිතේට එකතුකරගන්න එපා.
මොකද හේතු විරහිතව මේ ලෝකෙ වැඩියෙන්ම අපිට ආදරේ ,,
අම්මයි තාත්තයි .🙏
🥺
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit