ඉතින් ක්‍රිකට් රසිකයිනි අද ලියන්න යන්නේ ශ්‍රී ලංකාවේ වර්තමාන ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ සිටින දක්ෂතම සහ consistency player ගැන.ඒ තමයි දිනේෂ් චන්දිමාල්. දිනේෂ් චන්දිමාල් කියන්නේ ඒ කාලෙ ඉඳලම දැඩි කතාබහට ලක්වුණ ක්‍රීඩකයෙක්.දකුණත් පිතිකරුවෙක් වන දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට වරම් දිනාගන්නේ 2010 වර්ෂයේදී. ඒ සිම්බාබ්වෙ කණ්ඩායමට එරෙහිවයි. ඔව් එතකොට දැන් දිනේෂ් චන්දිමාල් වසර 15ක් විතර ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. අවාසනාවට කාලයක් දිනේෂ් චන්දිමාල්ගෙන් ශ්‍රී ලංකා තේරීම් කමිටුව හරියට වැඩක් ගත්තද කියලා ප්‍රශ්නයක් නම් මට තියෙනවා.චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වුන මුල්ම කාලයේ ඔහුගේ සුපිරි පිතිකරණය නිසාම ගොඩක් ක්‍රිකට් රසිකයින් සහ විචාරකයින්ගේ දැඩි පැසසුමටත් දැඩි කතාබහටත් ලක් උන ක්‍රීඩකයෙක් තමයි චන්දිමාල් කියන්නේ.
කොහොමින් කොහොමහරි ශ්‍රී ලංකාව ජයගත් 2014 ලෝක කුසලානයේත් අවසන් පූර්ව තරඟය වෙනකන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූයේ දිනේෂ්චන්දිමාල්.ඒ ඔහුගේ තරුණ වයසේ දී වීම තවත් විශේෂත්වයක්.නමුත් කාලෙන් කාලෙට චන්දිමාල්ගේ පිතිකරන ස්ථානය මාරු කිරීම නිසාම ඔහුගේ පිතිකරනයත් ටිකෙන් ටික වෙනස් වුණා.නමුත් ටෙස්ටිකට් පිටිය තුළ තමන්ටම ආවේණික ක්‍රීඩා විලාසයක් හදාගත් චන්දිමාල් වර්තමාන ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක් විදියට පත්වේලා ඉවරයි.වර්තමානයේ අංක තුන ස්ථානය දරන දිනේෂ් චන්දිමාල් එම ස්ථානයට සංගක්කාරට නොදෙවුනු විශ්වාසනීය පිතිකරණයක් රඳවාගෙන යාමට චන්දිමාල් සමත් වෙලා ඉවරයි.ඉනිම් 156 තුල දැනටමත් ලකුනු 6000 සීමාව පසුකර යාමට සමත් වෙලා තියෙන චන්දිමාල් ඔහුගේ පිතිකරන සාමාන්‍ය 40ට ඉහළින් පවත්වාගෙන යාමටත් සමත් වෙලා තියෙනව.නිසාම චන්දිමාල් කියන්නේ නම් මට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් වලට බිහි වූ විශිෂ්ටතමයෙක්.