source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව.කලින් කිව්ව වගේම අද ලියන්න යන්නෙ ලංකාවේ යාචක විහිළුව ගැන. ඔයාලත් බස් වලදි, කෝච්චියෙදි, බස් හෝල්ට් වලදි සහ තවත් නොයෙකුත් තැන් වලදි මුනගැහෙන යාචකයින්ට මුදල් දීල ඇති. මේක ලියන මාත් සෑහෙන්න දීල තියෙනව. මං සාමාන්‍යයෙන් ගෙදර ඉදන් කොලබ යද්දි , ආයිත් එද්දි එහෙම යන්නෙ කෝච්චියෙ නිසා මට සෑහෙන්න යාචකයින් හම්බෙනව. සමහර අයගෙ කකුලක් නෑ, තවත් සමහර අයගෙ කොන්ද කැඩිල, නැත්නම් සෑහෙන්න මුදලක් වියදම් කරල කරන්න ඕන සැත්කමක් කරන්න තියෙනව, හොදම එක තමයි ලමයව විකුනගෙන කන එක. ය කීපයක් විතරයි. කොහොමහරි මං කොලබ ඉදන් කටුනායකට යද්දි 10, 12 ක් අනිවාරෙන් හම්බෙනව. අපි කොච්චර ලංකාවෙ මිනිස්සුන්ගෙ වැරදි කිව්වත් ලංකාවේ මිනිස්සුන්ගෙ තියෙන හොදම ගුණාංගයක් තමයි ඉක්මනින් හිත උනු වෙන එක, ඉතින් මේ යාචකයින් හරි ලස්සනට ඒ දුර්වලම තැන ටාගට් කරනව.
source
දැන් මිනිස්සු සාමාන්‍යයෙන් රුපියලක් දෙකක් දෙන්නෙ නෑනෙ, දුන්නත් සමහර යාචකයින් ගන්නෙත් නෑ, එහෙම අයත් නැතුවම නෙවෙයි. කොහොමහරි බැරි ගාතෙ හරි විස්සක් පනහක් අඩුම දහයක් හරි දෙන්ව, කොහොමහරි එක පෙට්ටියකින් සීයකට එහා හොයන් තමයි බහින්නෙ. මං උදාහරණයකට ගන්නෙ කෝච්චි වලට ගොඩ වෙන යාචකයින් මොකද මට වැඩිපුර මුනගැහෙන්නෙ ඔවුන් නිසා. අනිත් තැන්වල ඉන්න අයත් මේ වගේම තමයි ඉතින්.මේකෙ මරුම.වැඩේ අහුවෙන්නෙ දවස ගානෙ යන මගීන්ට. අද දුම්රියට නැගල ලමයගෙ ලෙඩේ ගැන කියල ඒකෙ ඔක්කොම වාර්තා පෙන්නන සල්ලි එකතු කරන් යන ලමයගෙ දුප්පත් අහින්සක තාත්ත හෙට වෙනස් වෙනව. ඉතින් හෙට ලමය එකම උනත් වෙනත් අහින්සක දුප්පත් තාත්ත කෙනෙක් තමයි එන්නෙ.
අනික දුක කියල දුප්පත් අහින්ස්ක මිනිස්සුන්ගෙන් සල්ලි අරන් යන ගොඩක් යාචකයින් හවසට බාර් වලත් බලාගන්න පුලුවන්. අනික යාචකයන් කියන්නෙත් දැන් වෙනම බිස්නස් එකක් වෙලා ඉවරයි. මනුස්සයෙක් පෑනක් පැන්සලක් අරන් ඇවිත් රුපියල් පහක් තියන් විකුණනවනම් ගන්න මැලිවෙන්න හොද් නෑ. මොකද් ඔවුන්ගෙ මහන්සියට ගරුකිරීමක් තියෙන්න ඕන. නමුත් යාචකයන්ට සල්ලි දෙන්න කලින්නම් ටිකක් හිතන්න.
ඒ ළමයි නිදාගෙනමයි ඉන්නෙ. කාගෙ ළමයිද දන්නෙත් නෑ. ළමයි පව්!💔
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කියල වැඩක් නෑ 💔
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit