ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා. ලියන්න දෙයක් ගැන හිතද්දි ඊයෙ දවස ගෙවුන හැටි ලිව්වනම් හොදයි කියල හිතුන. ඊයෙ දවස අපිට ටිකක් විශේශයි. මොකද කිව්වොත් අපිට ඊයෙ පලවෙනි field visit එක කරන්න අවස්තාව ලැබුන. Field visit එකට ගියේ රද්දොලුගම Water treatment plant එකට. අපේ Foundamental and Enviornmental Engineering subject එකේ waste water treatment unit එකට අදාලව තමයි තිබුනෙ.ඉතින් කොහොමහරි උදේ අපි කට්ටියම ඒකට එක්කන් ගිහින් ඒකෙන් වෙන process එක පැහැදිලි කරල දුන්නා. අපිට theory පාර්ට් එක ලෙක්චර්ස් වලදි කරත් physically ඒක වෙන හැටි දැකගත්තම ටිකක් තේරෙන ගතිය වැඩියි. අනික ඊටත් වඩා වටිනා දේවල් ගොඩක් ඒකෙන් දැනගනත් අපිට පුලුවන් වුනා. කොහොමහරි උදේ ඉදන් දවල් වෙනකන් අපි ඒකෙ වැඩපිළිවෙළ ගැන බලල හවස ආවෙ eco emmission test එක ගැන ටිකක් බලන්න. ඒකෙන් පරිසරයට තියෙන වාසියත් ඒකෙ වටිනාකම ගැනත් ඉගෙනගත්තට පස්සෙ අපේ field visit එක අවසන් කරල නැවත බෝඩිමට එන්න අවස්තාව ලැබුන.
ඉතින් දවසම නොකා හිටපු හින්ද හැමෝම් ආවෙ සෑහෙන්න බඩගින්නෙ. ආපු ගමන් මොනවහරි උයල බඩ පුරවගන්න හිතන් ආවත් වැඩ ඔක්කොම කනපිට ගැහුනෙ රයිස් කුකර් එක වැඩ කරපු නැති එකෙන් . ඉතින් කිසිම දෙයක් උයාගන්න විදියක් වුනේ නෑ. යන වියදම වැඩි නිසා කඩෙන් කන එක අපි තාවකාලිකව නවත්තල තිබ්බත් ඊයෙ ආයිත් රයිස් කුකර් එක හදන් ඇවිත් ඕකෙ ආයිත් උයල කන්න තරම් වෙලාවක් ඉවසන් ඉන්න බැරි වුනා. ඒක නිසා කට්ටියත් එක්ක කතාවෙලා කඩෙන් කන්න තීරණය කරා. ඉතින් තුන් වේලටම රයිස් එකක් කාල රෑට බඩ පුරවගන්න අපිට ඊයෙ සිදුවුනා.උදේ වරුවම ඇවිදපු නිසා බෝඩිමට ඇවිත් ඇදට වැටුනු ගමන්ම ඇහැරුනේ ආයිත් අද උදේ. ඉතින් ඔය විදියට තමයි ඊයෙ දවස ගතවුනේ.
අප්පා ගෙවල් එහා පැත්තටනේ ඇවිල්ලා තියෙන්නෙ🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
තුන් වේලම කඩෙන් කනවට වඩා බැරි බැරියාවෙ හරි බත් ටිකක් උයන් කන්න තියෙනවනම් හොඳයි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් ඒකනම් ඇත්ත 🙂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit