ඉතින් යාළුවනේ අද ලියන්න යන්නේ එදා මෙදා තුර english action thriller movie category එක යටතේ බිහි වූ සුපිරිම ගණයේ ෆිල්ම් එකක් ගැන.මම හිතනවා ගොඩක් English movies වලට ආස අය දැනටමත් මේක බලල ඇති කියලා.ඉතින් මේ ෆිල්ම් එක කොච්චර හොඳ තත්වෙක තියනවදද කියනවනම් මේකට ඔස්කාර් සම්මාන පහක් ලැබිලා තියෙනවා.අනෙකුත් සම්මාන 60ක්ද ඒ වගේම 100ට එහා නිර්දේශ වීම් වලටද මෙම චිත්‍රපටය සුදුසුකම් ලබලා තියෙනවා.imdb 8.5ක අගයකුත් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා.ඔයාලට හිතාගන්න පුළුවන්නේ මේ චිත්‍රපටය කොයි වගේ තත්වෙක තියෙනවද කියලා දැනටම.මුල ඉඳලා අවසානයේ වෙනකම්ම ඇඟ හීරි වැටෙන කතාවක් තියෙන ඉතා සංවේදී ෆිල්ම් එකක් තමයි මේක.
වෙනද වගේම කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.මැක්සිමස් කියන්නේ රෝමානු අධිරාජ්‍යයේ වගේම රෝමානු අධිරාජ්‍ය්යා වන සීසර්ගේත් පක්ෂපාතීත්වය සහ ගෞරවය දිනාගත් අති දක්ෂ යුධ ජෙනරාල්වරයෙක්. ඉතින් ඔහුගේ දක්ෂකම නිසාම සීසර් තෝරා ගන්නවා ඔහුගෙන් පසුව රාජ්‍ය කටයුතු කරගෙන යාමට සුදුස්සා මැක්සිමස් බවට.ඒත් සීසර්ගේ පුතා කොමඩෝස් මේ තීරණයට කැමති වෙන්නේ නැහැ.ඒ නිසාම මැක්සිමස්ට ඔහු බලාපොරොත්තු නොවූ විදිය ඉරණමකට අත් විඳින්නවෙනවා.ඒ වුණත් මැක්සිමස්ගෙ දෛවය ඔහුට සිතුවුද්ධයට පලිය ගැනීමට සුපිරි අවස්ථාවක් නැවතත් ලබාදෙනවා.ඉතිං කතාව ගොඩනැගෙන්නේ ඒ මත.ඔයා තාමත් මේ ෆිල්ම් එක බලල නැත්නම් අදම බැලුවත් කමක් නෑ ඒ තරම් සුපිරිම ෆිල්ම් එකක් තමයි මේක....