ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව.අද ලියන්න යන්නෙ ක්‍රිකට් රසිකයො මේ දවස් ටික පුරාවට උද්‍යෝගිමත්ව බලපු LPL තරගාවලියෙ අවසන් මහා තරගය ගැන. කලින් තුන්පාරටම වඩා වෙනස් විදියකට ආරම්භ වූ LPL තරගාවලිය තවත් විශේශ වුනෙ තුන්පාරක්ම LPL ශූරතාව දිනාගත්ත jaffna කණ්ඩායම මෙවර අවසන් පූර්ව වටයෙන් ඉවත්වීමයි.ඒ අනුව මේ පාර පලමු වරට ශූරතාවයක පහස ලැබීමට දබුල්ල කන්ඩායමට හෝ නුවර කණ්ඩායමට උදාවුනා. ඉතින් අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනගත් දබුල්ල කණ්ඩායම ප්‍රතමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරා.ඒ අනුව පිටියට පිවිසි දබුල්ල කණ්ඩායමට එතරම් සාර්තක වීමට නුවර ක්ණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩ දුන්නේ නෑ.නුවර ක්ණ්ඩායමේ ප්‍රබලම තුරුම්පුව වූ නායක වනිදු මේ තරගයේ ක්‍රීඩා කරෙත් නෑ.ඉතින් කොහොමහරි මේ තරගයේ නුවර කණ්ඩායමට උන ලොකු අඩුපාඩුවක් ඒක.ඉතින් කොහොමහරි කමිදු මෙන්ඩිස් සහ නුවන් ප්‍රදීප් නැවත කණ්ඩායමට එක් කරගනිමින් තරගයට පැමීනි නුවර කණ්ඩායමේ බලාපොරොත්තු සපල කරගනිමින් මුල් කඩුලු තුන අඩු ලකුනු සංක්‍යාවක් තුල දවාගැනීමට සමත් වුනා.
තරගාවලිය පුරා සාර්තක වූ කුසල් ජනිත් පෙරේරා සහ දනංජයද සිල්වා මේ තරගයේත් පිලිවෙලින් ලකුනු 31 සහ 40ක් ලබාගනිමින් ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුනා.ඒ අනුව පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හතක් දැවී ලකුනු 147ක් ලබාගැනිමට සමත්වුනා.ඒ අනුව පලමු වරට LPL කුසලානය තමන් සතු කරගැනීමට පිටියට පිවිසියේ කමිදු මෙන්ඩ්ස් සහ මොහොමඩ් හැරිස්. කොහොමහරි කමිදුගේ දැවීයාමත් එක්ක පොඩ්ඩක් හිරවුනත් මැතිව්ස්ගේ ඉනිම හමුවේ ජයගන්න සමත් වුනා. ඒ අනුව මේ පාර වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් kandy කණ්ඩායම මෙවර ශූරයන් බවට පත්වීමට සමත් වුනා. ඒ අනුව කලින් පාරවල් වලටත් වඩා විශිශ්ට තරගාවලියක් බලාගන්නත් ක්‍රිකට් රසිකයන්ට අවස්තාව ලැබුනා.ඉතින් ඊලග අවුරුද්දෙ මීටත් වඩා හොද LPL තරගාවලියක පෙලහසර පාමින් මෙවර තරගාවලිය එලෙස අවසන් උනා.