ඉතින් යාලුවනේ අද මම ලියන්න යන්නේ පෞද්ගලිකව මම ආසම ක්‍රීඩකයෙක් ගැන. ඇත්තටම කිව්වොත් මම මුලින් පාන්ඩ්‍යාට කැමතිම නැහැ. නමුත් ටිකක් කල් ඇති ඔහුගේ දක්ෂතාව නිසාම පාණ්ඩ්‍යට තියෙන කැමැත්තත් ටික ටික වැඩි වුණා.හාර්දික් පාන්ඩ්‍ය කියන්නෙ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්නවලටත් මුහුණ දීලා ඔහුගේ ක්‍රිකට් දිවිය විනාශ වීමට ඉඩ නොදී තව තවත් ඒ ප්‍රශ්නවලින් දිරිමත් වෙලා තවත් ඉස්සරහට ආපු ක්‍රීඩකයෙක්.ඇත්තටම අපිටත් ඕකෙන් ගන්න තියෙන ආදර්ශ නම් ගොඩයි.ඔයාලට මතක ඇති පසුගිය IPL තරගාවලියේදී hardik pandyaට ඉන්දියාවේ ක්‍රිකට් රසිකයන්ගෙන් තිබුණු අප්‍රසාදය.නමුත් ඊට පසුව පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේදී ඒක සම්පූර්ණයෙන් කනපිට හරවන්න උපනායක Hardik Pandya සමත් වුනා.අවසන් තරගයේදී විශිෂ්ට පන්දුවාරයක්ද සමඟින් ඉන්දියාවට ලෝක කුසලානය ලබාගන්න දැවැන්ත මෙහෙයක් Hardik pandya ට හිමිවුනේ මුළු ලෝකයේම ක්‍රිකට් රසිකයින්ගේ දැවැන්ත ප්‍රසාදයකුත් සමඟයි.
හරි ඉතින් වෙනද වගේම අපි Hardik pandya ක්‍රීඩකයාගේ දක්ෂතා ගැන පොඩ්ඩක් කතා කරමු.දැනට ලෝකයේ සිටින විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට Hardik pandya හඳුන්වන්න පුළුවන්.එක් දින සහ ටෙස්ට් තරග රටා දෙකේදීම තමන්ගේ පිතිකරන සාමාන්‍ය 30ට ඉහළින් පව්ත්වා ගැනීමට hardik සමත් වෙලා තියෙන අතර එක් දින සහ විස්සයි විස්ස තරඟ රටා තුල කඩුලු 90 ඉක්මවා දවා ගැනීමටත් ඔහු සමත් වෙලා තියෙනවා.IPL තරඟ රටාව තුළ Hardik Pandya කියන්නේ වෙනස්ම වගේම දැවැන්ත චරිතයක්.2022 වර්ෂයේදී IPL තරගාවලියේ අමුතුම විදියෙ වෙනසක් සමගින් Gujarat Titans කණ්ඩායම සම්බන්ධ වෙන අතර එහි නායකත්වය ලැබෙන්නේ Hardik pandya හටයි.එහිදී කෝඩුකාර මේ කණ්ඩායම ශූරතාවය ලබාගන්නේ Hardik pandya නම් චරිතය ගැන තව තවත් කතාබහට නංවමින්.ඊට පසු වර්ෂයේදීත් අනුශූරතාවය ලබා ගැනීමට පාණ්ඩ්‍යගේ නායකත්වයකුත් මේ කණ්ඩායම සමත් වෙනවා.ඒ නිසාම Hardik Pandya කියන්නේ එසේ මෙසේ ක්‍රීඩකයෙක් නෙවෙයි.