IPL & Base Ball

in hive-133716 •  5 months ago 

FB_IMG_1714231507734.jpg

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. අද ලියන්න යන්නෙ මම ආසම මාතෘකාව ගැන . ඉතින් ඒ තමයි ක්‍රිකට්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමට ලගදි තරග සංචාරයක් නැතිනිසා අපේ ක්‍රිකට් රසිකයින්ටනම් පොඩ්ඩක් කල් බලන් ඉන්න වෙලා තියෙනවා. කොහොමහරි ක්‍රිකට් වලට ඇබ්බැහි වෙලා ඉන්න කට්ටියට නම් මේ කාලයේදී IPL බලන්න පුරුදු වෙලා ඉන්නවා.මාත් ක්‍රිකට් වලට තියෙන ආසාව නිසා IPL බලන්න පුරුදු වෙලා ඉන්නවා උනාට පෞද්ගලිකව IPL තරගාවලියට නම් වැඩි කැමැත්තක් නෑ. මේ තරගාවලියෙන් ඒක දෙගුණ තෙගුණ වුණා.ඉතින් ipl තරගාවලිය කියන්නේ ඉන්දියන් ක්‍රිකට් රසිකයින් පිස්සුවෙන් වගේ බලන , කණ්ඩායම් වලට බෙදිලා මාස දෙකක් පුරාවට දිව යන තරගාවලියක්.කණ්ඩායම් දහයක් තරග වදින මේ තරගාවලියේ overseas වල හොද ක්‍රීඩකයන් පවා ඇතුලත් වෙනව. ඉතින් මොකක්ද මේකේ තියෙන අවුල?එහෙම තරගාවලියක් තියන එක හොඳයිනෙ? ඔව් අද ලියන්න යන්නේ මේ ගැන.

FB_IMG_1714231461303.jpg

ඉතින් ඇත්තටම මොකක්ද මේකේ තියෙන අවුල?,ඉතින් ඔයාලා ඇත්තටම මේ අවුරුද්දේ ipl තරගාවලිය බැලුවනම් ඔයාටම ඒ අවුල ලොකුවටම තේරෙන්න ඇති.කොහොම හරි මටනම් ඒක ලොකුවටම දැනුනා.මං අවසානයට බලපු තරඟය පැවැත්වුණේ KKR සහ KXIP කණ්ඩායම් දෙක අතර.ඉතින් මේ තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ KKR කණ්ඩායමයි.ඉතින් ඔවුන් පන්දු වාර විස්ස අවසානයේදී ලකුණු 261 දැවැන්ත ඉලක්කයක් ලබාදෙන්න සමත් වුණා.ඔබටත් තේරෙනව ඇති ලකුණු 261 කියන්නේ සාමාන්‍යයෙන් එක් දින තරඟයක ලබාගන්නා ලකුණු සංඛ්‍යාවක්.ඉතින් ප්‍රශ්නය ඒක නෙවෙයි.එවන් ලකුණු සංඛ්‍යාවක් හඹාගෙන ගොස් ජයගන්නවා කියන්නේ. ඒ pitch සහ ක්‍රීඩාංගනය ගැන දෙවරක් හැරී බැලිය යුතුයි.මේ ප්‍රශ්නය තියෙන්නේ මෙම තරඟය පමණක් නොවෙයි.මෙම තරගාවලියේ ගොඩක් තරග ලකුණු 250 සීමාව හඹා යෑමට සමත් වුණා.ඉතින් ඒ නිසාම Rabada , Nortje , Stark , Ferguson වගේ විශිෂ්ට පන්දු යවන්නන් පවා දැඩි පහරදීමකට ලක්වුනා.ඉතින් මේ අවසාන තරඟයේදී Sam Curron පවා කියනවා ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රමයෙන් Base ball වලට හැරෙමින් පවතින බව.ක්‍රිකට් ක්‍රීඩාවෙ interesting එක වැඩි කරන්න සමහරවිට මෙහෙම කරනවා ඇති. ඒ උනාට ඒක ක්‍රීඩකයින්ට වගේම සමහර රසිකයින්ටත් කරන

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

ඇත්ත හැබැයි. මං ඊයේ මැච් එක බැලුවා අපි cricket game එක ගහනවා වගේ නිකං players ලා බැට් කරන්නේ. ලකුණු 261 chase කලේ easy. අම්මෝ ඒක නම් පිස්සු හැදෙන මැච් එකක් කියන feeling එක නම් ආවේ නෑ 🙂

ඊයෙ එකෙත් ලොකු වෙනසක් නෑ MI ලත් 250 ගාවට වෙනකන් ගැහුව 🙂

ඔව් 😂