ජීවිතේ කනපිට ගහන මජර වැඩ

in hive-133716 •  2 years ago 

keys-to-happiness-success.jpg

source
අපි කරන සමහර වැඩ වලදි එක එක පුද්ගලයන්ගෙ ක්‍රියාවන් නිසා අපේ වැඩ අපි ගොඩක් වෙලාවට මග ඇතහැරල දානව.ඇත්ත මිනිස්සුන්ගෙ මජර වැඩ නිසා ජීවිත පිටින් නැති කරගත්ත මිනිස්සු ඉන්නව.ඉතින් ඒ වගේම සමහර මජර වැඩ මිනිස්සුන්ගෙ ජීවිත කෙලින් හිටවන්නත් බලපානව. මං මෙතනදි මිනිස්සු කරන මජර වැඩ සාදාරනීක්‍රණය කරන්න යන්නෙ නෑ. ඒත් ඔවුන් ඒ කාන මජර වැඩ ගැන ලොකුවට හිතන්න යන්න එපා. මොකද අපේ ජීවිතේ ඊලග පිටුව පෙරලෙන්නෙ ඒ මජර වැඩේ නිසා වෙන්න පුලුව්න්. මේක ගැන ලියවුනු ලස්සන කතාවකුත් තියෙනව. ඒකත් දාලම ඉවර කරන්නම්.


ඉන්දියාවෙ තියෙනව පොඩි ගමක් නානාකේදා කියල. ඒ ගමට ටිකක් දුරින් තියෙනව කණුවක් එක්ක බොඩ් එකක් නානාකේදා වලට තව 10km කියල. ඔය කනුවට ටිකක් ළඟින් තියෙනව පොඩි කඩයක් කණුහතරක් ඉන්දල පොල් අතු සෙවිලි කරල හදපු චායි හදන කඩයක්.කඩේ කරන්නෙ පොඩි කොල්ලෙක් අම්මා තාත්ත දෙන්නම නැති . කොල්ලගෙ හැම දවසක්ම ගෙවෙන්නෙ කඩේ රෑට නිදාගන්නෙත් කඩේමයි ඒ ඔහුට යන්න වෙන තැනක් නැති නිසා. කඩේට කොච්චර බිස්නස් තියෙද කියනවනම් සෙවිලි කරපු පොල් අතු වලට වඩා කඩේ වේලෙනව 😂.ඉතින් කොල්ල හෙන අමාරුව්‍ර්න් තමයි දවස් ගත කරේ.

ඉතින් ඔහොම කාලයක් ගියා. කොල්ලගෙ කඩේට වෙලා වාහනයක් ළඟින් යද්දි ඇස් ලොකු කරන් බලන් ඉන්නව මේක නවත්තයි කියල. ඒත් නෑ . ඒත් එක දවසක් රෑ යද්දි වාහනයක් නවත්තනව කඩේ ළඟ , නවත්තල අහනව කොල්ලගෙන් මල්ලි නානාකේදා වලට් කොච්චර දුරයිද කියල? , කොල්ල උත්තර දෙනව තව කිලෝමීටර් දහයයි කියල. ඉතින් ඒ වාහනේ ආපු පුද්ගලය කඩේ චායි තියෙනවද අහල එකක් ඉල්ලන් බොනව. ඔහොම තව වාහනයක් එනව , ඒ වාහන්‍රෙ යන්න කලින් තව එකක් , ඔහොම වාහන එක දිගට එනව. ඒ හැම වාහනයක්ම මොනවහරි පොඩි දෙයක් කාල චායි එකක් බීල තමයි යන්නෙ. දැන් කඩේ ටිකෙන් ටික බිස්නස් වැඩි වෙනව. ඒත් එන හැම වාහනේම එක ප්‍රශ්නයක් අහනව කොල්ලගෙන්. නානකේදා වලට කොච්චර දුරයිද?? ඒක අහල තමයි කට්ටිය චායි බොන්න මොනවහරි කන්න එහෙම එන්නෙ. කොල්ලට දැන් මේක ප්‍රශ්නයක්. ඇයි කඩේට පොඩ්ඩක් ඉස්සරහින් බෝඩ් එකක් ගහල තියෙද්දි මොකට අහනවද නානකේදා වලට දුර. කොල්ල නිකමට ගිහින් බෝඩ් එක දිහා බලනව. එතකොට තමයි දකින්නෙ කවුරුහරි කෙනෙක් නානකේදා කෑල තියේද්දි කිලෝමීටර් ගාන කලු අගුරු කෑල්ලකින් මකල දාල.ඉතින් මිනිස්සුන්ට දුර හිතාගන්න බැරි නිසා ඒක අහනව කඩෙන් . ඒ අහද්දි තම්‍යි ටිකෙන් ටික චායි බොන්න මොනවහරි කන්න එහෙම මිනිස්සු එන්න ප්ටන්ගත්තෙ.

ඉතින් මිනිස්සුන්ගෙ සමහර මජර වැඩ අපේ ජීවිත වලට හිතන්නෙ නැති වාසියක් ගෙනත් දෙන්නත් බැරි නෑ.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!