King Kohli

in hive-133716 •  last month 

1000130461.jpg
source

ඉතින් අද ලියන්න යන්නේ ක්‍රිකට් දන්න නොදන්න හැමෝම දන්න කෙනෙක් ගැන, ඒ වෙන කවුරුත් නෙවෙයි ලෝක ප්‍රසිද්ධ Virat Kohli.මොහු මේ වන විට කෙතරම් ප්‍රසිද්ධ ද කියනවනම් සන්නාමයක් බවට පත්වෙලා ඉවරයි.හරි ඉතින් අද ලියන්න යන්නේ කෝලි ගැන.ගොඩක් වෙලාවට මේ විස්තර ඔයා දන්නවත් ඇති ඒත් මට හිතුනා , දන්නේ නැති අයට දැනගන්නත් එක්කම පොඩි විස්තරයක් කෝලි ගැන ලියන්න.ඉතින් 1988 දිල්ලිවල උපත ලැබූ කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සම්බන්ධ වන්නේ 2008 වර්ෂයේ ශ්‍රී ලංකාවට එරෙහිව එක් දින තරගයක් ක්‍රීඩා කරමින්.එදා මෙදාතුර ඔහුගේ දස්කම් විස්කම් නිසාම කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ස්ථාවර වුණේ Top oder batsman කෙනෙක් විදියට.

කෝලි කොතරම් පිතිකරණයෙන් ඉහළ තත්ත්වයක හිටියද කියනවනම් , එක් කාලෙක ඔහුගේ තරඟ රටා තුනේම සාමාන්‍යය 50ට ඉහලින් පවත්වාගෙන යාමට ඔහු සමත් වුණා.දැනටත් එක්දින තරඟ රටාවේ ඔහුගේ සාමාන්‍ය 55 ඉක්මවලා තියෙන අතර අනෙක් තරඟ රටාවන් දෙකේත් ඔහුගේ සාමාන්‍ය 50ට ආසන්නව පවතිනවා.ද්කුණත් පිතිකරුවෙක් වන කෝලි එක් දින තරඟ රටාවක් තුළ ශතක පනහක් ලබාගෙන පිතිකරුවෙක් ලබාගෙන තිබෙන වැඩිම ශතක සංඛ්‍යාව ඔහු සතුව කරගෙන තියෙනවා.මේ වගේම ජාත්‍යන්තර තරඟවල වැඩිම ශතක හිමිකරුවන් අතර දෙවන ස්ථානයේ ඔහු පසුවෙනවා.IPL තරගාවලීන්වල කිහිපවිටකදීම වැඩිම ලකුණු ලාභියා වීමටද කෝලි සමත් වුණා.කොහොම හරි මට අනුව නම් kohli කියන්නේ වෙනම brand එකක්.ඉතින් ඔයාගේ අදහසත් ලියාගෙන යන්න අමතක කරන්න එපා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!