අද ලියන්න යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට විතරක් නෙවෙයි මුළු ලෝකේම ක්‍රිකට් වලට බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙක් ගැන,ඒ තමයි ලෝකයක් තම පන්දු යවන ඉරියව්වෙන් ඒවගේම තමන්ගේ hairstyle එකෙන් වසඟ කරගත් ලසිත් මාලිංග ගැනයි.මාලිංග කියන්නේ විස්සයි විස්ස තරඟ රටාව තුළ නැතිවම බැරි වුන ක්‍රීඩකයෙක්.ඔහුගේ යෝකර් පන්දු වලට වේගය අඩු කරමින් දමන පන්දු වලට වගේම fulltoss පන්දු වලටත් පිතිකරුවන් කාලයක් අන්ද මන්ද වී සිටියා.ඒ වගේම ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිසාම පිතිකරුවන්ට ඔහුගේ පන්දුව කියවීම එතරම් ලේසි වුණේ නෑ.ඒ වගේම තමයි ලසිත් මාලිංග පිත්තෙන්ද දස්කම් පෑ අවස්ථා නැතුවාම නෙවෙයි.මොකද ඕස්ට්‍රේලියාවේදී මැතිව්ස් එක විශිෂ්ට සබඳතාවක් පවත්වාගෙන යමින් තරගයක් ජයග්‍රහණය කරන්න ඔහුගේ මනා කාර්යභාරයක් ලබා දුන්නා.
2004 වර්ෂයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසුණු ලසිත් මාලිංග වසර දහසයකට එහා කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තමන්ගේ කාර්යභාරය නොපිරිහෙළා ඉටුකලා.විස්සයි විස්ස සහ ටෙස්ට් තරග පිටියේ කඩුලු සියයකට අධික සංඛ්‍යාවක් ද එක් දින පිටියේ කඩුලු තුන්සියයකට එහා දවා ගැනීමට ලසිත් මාලිංග සමත් වෙලා තියෙනවා.ඒ වගේම දකුණු අප්‍රිකාවට සහ නවසීලන්තයට එරෙහිව පන්දු හතරක් තුළ කඩුලු හතරක් දවාගත් ලොව පළමු හා එකම ක්‍රීඩකයාද වන්නේ ලසිත්මාලිංගයි.ලසිත් මාලිංගගේ කැපී පෙනෙනම දක්ෂතාව විදියට මම නම් දකින්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ජයගත් විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී නුවන්කුලසේකර සමඟ එක්ව යැවූ අවසන් පන්දු වාර දෙකයි.ඒ පන්දු වාර දෙක නම් මට මැජික් පන්දු වාර දෙකක් වගේ.ඉතින් ඇත්තටම මාලිංග කියන්නේ මැජික් පන්දු යවන්නෙක් වගේම හොඳ දක්ෂ game reader කෙනෙක්.