Master blaster

in hive-133716 •  8 days ago 

1000134231.jpg
source

Master blaster කිව්වම හැමෝටම මතක් වෙන්නේ එක නමක් .ඒ තමයි සනත් ජයසූරිය.එක් දින තරග රටාව තුළ වෙනස්ම හැඩයක් මවමින් ,එහි පළමු පන්දු වාර 10 තුළ පන්දු යවන්නන් අසරණ කිරීමටත් ,වේගයෙන් ලකුණු ලබා ගනිමින් කණ්ඩායමට හොඳ දල ලකුනු ලබා ගැනීමේ වේගයක් ලබාදීමටත් ආරම්භය ගත්තේ සනත් ජයසූරිය.ඉතිං සමාජ ජයසූරිය කියන්නෙම ලෝක පූජිත ක්‍රීඩකයෙක්.ඔහු ක්‍රීඩා කළ කාලය තුළ ඇත්තටම පන්දු යවන්නන් ඔහුට පන්දු යැවීමට පවා බය වුණේ ඔවුගේ විශිෂ්ට පිතිකරණය සහ දැවැන්ත පහරවල් නිසා.පන්දු යවන්නන් කිසිම ගණනකට නොගෙන ඔහුට රිසිසේ පහරවල් එල්ල කිරීමට සනත් ජයසූරියට අපූරු හැකියාවක් තිබුණා.ඉතින් සනත් වමත් පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් තරගම දීමට වරම් දිනා ගනුලැබුවේ 1989 වර්ෂයේදී.එදා සිට වසර 22 ක කාලයක් කණ්ඩායම් වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටු කිරීමට ජයසූරිය නම් මේ ලෝක පූජිත ක්‍රීඩකයා සමත් වුණා.

ජයසූරිය 1996 ලෝක කුසලානය ලබා ගැනීමෙහිලා විශාල කාර්යභාරයක් ඉටු කළේ තරගාවලියේ වීරයා සම්මානයද තමන් සතු කර ගනිමින්.ඇත්තටම සනත් කියන්නේ තුන් ඉරියව්වෙම දක්ෂතා පෙන්වීමට සමත් ක්‍රීඩකයෙක්.එක්දින තරඟ රටාව තුළ ලකුනු 10000 සීමාව පසු කළ සහ කඩුලු 300ක් දවාගත් පළමු සහ එකම ක්‍රීඩකයා ඔහුයි.කණුවිතාරන හා එක්ව ආරම්භක සබඳතාව පවත්වා ගනිමින් පළමු කඩුල්ලට වෙනස්ම රසයක් ක්‍රිකට් රසිකයින්ට ලබාදීමට සනත් ජයසූරිය සමත් වුණා.ඉතින් මේ වනවිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රියාකරන සනත් ජයසූරිය දැවැන්ත කාර්යභාරයක් කණ්ඩායම වෙනුවෙන් තවමත් ඉටු කරමින් ඉන්නවා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!