ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.Topic එක දැක්ක ගමන් ඔයාට අදහසක් එන්න ඇති අද මොකක් ගැනද මම ලියන්නේ කියලා. ඉතින් සමහර වෙලාවට ඔයා හිතනවාත් ඇති මමනම් ඉතින් හැම වෙලාවෙම වැරැද්දක් උනාම සමාව ඉල්ලනවනේ කියලත්. ඔව් ඇත්තටම ඔබ මම සහ තවත් ගොඩක් මිනිස්සු, වැරැද්දක් උනාම ගොඩක් වෙලාවට සමාව ඉල්ලනවා. ඒත් ගොඩක් වෙලාවට කියන්නේ හැම වෙලාවෙම නෙවෙයි.ඉතින් අද ලියන්න යන දේ සමාව කිසිසේත්ම ඉල්ලන් නැති අයට වගේම සමාව ඉල්ලන එක සමහර වෙලාවට මගහැරෙන ඔයාටත් පොදුයි කියල මම හිතනවා.ඉතින් මට මේක ලියන්න හිතුනෙත් මුහුණු පොතේ දැක්ක පොඩි කෙනෙක් ලියපු හරි ලස්සන සමාව ඉල්ලන ලිපියක් සහ ඊට ලැබුණු පිළිතුර දැක්කට පස්සේ.ඉතින් මුලින්ම මම දාලා තියෙන පින්තූරය තමයි ඒක.
ඉතින් අපි ගොඩක් වෙලාවට පොඩි අයට පුරුදු කරනවා සමාව ඉල්ලන්න. පොඩි අය නොදැනුවත්කමට කාත් එක්ක හරි රණ්ඩු උනාම, බැන්නම, ගැහුවම අපි කියනවා සමාව ගන්න කියලා ඒ වගේම පොඩි අය ගිහිල්ලා සමාව ඉල්ලනවා.හැම වෙලාවෙදිම ඒ අය ඒක කරනවා.ඉතින් එහෙම පුරුදු වුන අපිට කොහොමද කාලයත් එක්ක යද්දි සමාව ඉල්ලන එක ටිකෙන් ටික මගහැරුනේ. අපිට කාලයක් යද්දි හිතෙනවා සමාව ඉල්ලන එක වෙලාවකට ලැජ්ජාවක්ද කියලත්.සමහර වෙලාවට විතරක් නෑ අවුලක් නෑ සමාව ඉල්ලන්න ඕන නෑ ඒක එච්චර එයා හිතන් නැතුව ඇති කියලත්.ඇත්තටම මේක අපි කරන ලොකු වැරැද්දක්.අපේ අතින් උණු වැරැද්ද පොඩි හෝ ලොකු වේවා ,සමාව ගන්න එක ඊට බලපාන්නේ නෑ.අනිත් එක ඔයාගැතින් වැරැද්දක් වෙලා සමාව ඉල්ලන්නෙත් නැතුව ඒක ගැන හිත හිත විඳවනවට වඩා සමාව ඉල්ලල හිත නිදහස් කර ගත්තම තියෙන සැනසීම වචනයෙන් නිම කරන්න බෑ.සමහරවිට ඔයාලත් ඒක අත්විඳල ඇති.
ඒ වගේම තමයි, අපිටත් සමාව ඉල්ලද්දි ගොඩක් වෙලාවට ඒකට කාරුණික වෙන්න පුලුවන්නනම් සෑහෙන්න වටිනව. ඔයාට උඩ සංවාදය කියෙව්වම ඒක හොදින් තේරෙන්න ඇති.
අපි හැමෝටම සමාව ඉල්ලන්න තරම් නිහතමානී හදවතක් නෑ.. තමන් නිසා තව කෙනෙක්ට රිදුනද කියලා වදවෙන්න තරම්, මනුස්සකමක් නෑ..
තමන් වැරදි බව, තමන්ගෙ හැසිරීම නිසා, වෙනත් කෙනෙක්ට දුකක් පීඩාවක් වුණ බව හිතන්න - වැටහෙන්න තරම් හුඟක් මිනිස්සු දයාබරිත නෑ.. පරාර්ථකාමී නෑ.ඉතින් එහෙම නිහතමානී හිතකට,සමාව දුන්නම ඒක කොච්චර වටිනවද?
පලිගැනීමට/ රිදවීමට වඩා හොඳම දඬුවම,
වටිනාම අවවාදය හා උසස්ම ප්‍රතිචාරය තමයි,
"සමාව දීම"