Mitchell Starc

in hive-133716 •  10 days ago 

1000155118.jpg

source

අද මම ලියන්න යන්නේ පෞද්ගලික මම ඉතාම ආස කරන පන්දු යවන්නෙක් ගැන.ක්‍රිකට් වලට ආදරය කරන ඕනම කෙනෙක් පොඩි කාලේ කරන දෙයක් තමයි පාරේ යද්දී ගෙදර ඉද්දි අතට අහුවෙන දෙයක් අරගෙන එක එක ජාත්‍යන්තර පන්දු යවන්නන් විදියට ඔවුන්ගෙ Actions වලට පන්දු යවන්න ට්‍රයි කරන එක.ඉතින් මාත් එහෙම තමයි.පොඩි කාලේ සෙල්ලම් කරද්දී එක එක අය විදියට බෝල් දාන්න උත්සාහ කරනවා.ඒ විදිහට දාන්න ආස කරපු දාන්න ට්‍රයි කරපු කැමතිම පන්දු යවන්නෙක් තමයි මිචෙල් ජොන්සන් කියන්නෙ.ඔහුගේ action එකට ඔහුගේ runup එකට මම මාරම ආසයි.මම හිතනවා ගොඩක් ක්‍රිකට් රසි ගෑනුත් ඔහුට කැමති ඇති කියලා.

ඉතින් මචන් ජොන්සන්ගේ අඩුව පුරවන්න ඕස්ට්‍රේලියාවේ ටීම් එකට ආපු නවක ක්‍රීඩකය තමයි මිචෙල් ස්ටාක් කියන්නේ.starc කියන්නේ ජොන්සන්ට නොදෙවෙනි අති විශිෂ්ට පන්දු යවන්නෙක්.ඉතින් මම ඔයාලගෙන් ඇහුවොත් දැනට ලෝකේ ඉන්න හොඳම වමත් වේගපන්දු යවන්න කියලා මොකක්ද ඔයාගේ පිළිතුර? ඊටත් එහා ලෝකෙම දැනට ඉන්න හොඳම වේග පන්දු යවන්න කවුද කියලා ඇහුවොත් මොකද්ද ඔයාගේ පිළිතුර? ඇත්තටම මම නම් විශ්වාස කරන්නේ ඒ තමයි starc. ඒ වගේම ඔහුගේ තියෙන විශේෂත්වය තමයි අවුරුදු 35 වෙලත් format තුනම play කරන්න තරම් ඔහුගේ තියෙන fitness level එක.2010 වසරේ ජාත්‍යන්තර විරම් දිනාගත් starc මේ වන විටත් ඉනිම් 184දී කඩුලු 382 දවාගෙන දැනටමත් විශිශ්ට ස්තානයක රැදිල ඉන්නව.ඉතින් ස්ටාක් කියන්නෙම ලෝක ක්‍රිකට් වලටම බිහිවූ legendary player කෙනෙක්.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!