ඉතින් යාළුවනේ අද ලියන්න යන්නේ ක්‍රිකට් ලෝකයේ එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතමයෙක් ගැන.ඔව් ඇත්තටම ඔහු විශිෂ්ටයෙක්.ඒ නිසාම ඔහුට අපූරු නමක් පට බැදුනා.ඒ Mr.360 කියල. ඇයි ඔහුට ඒ නමින් ආමන්ත්‍රණය කරන්නේ, ඔහු සතුව පිටිය පුරාවටම අපූරු පහරවල් තිබුණා.මේ ඉතින් වෙන කවුරුත් නෙවෙයි, ලොවක් පිත්තෙන් මවිත කළ AB de Villiers.AB de villiers උපත ලබන්නේ 1984 , ඒ වගේම ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ 2004 වර්ශයේදී.දකුණත් පිතිකරුවෙක් වන මොහු තම ක්‍රිකට් දිවිය ගෙවන්නේ පිතිකරුවෙක් සහ Keeper කෙනෙක් විදියටයි.පන්දු රැකීමේ දීද අති විශිෂ්ටයෙක් වූ villiers රැක ගැනීමට හිතන්නවත් අමාරු ගොඩක් උඩ පන්දු තම හැකියාව නිසාම රැකගන්න ඔහු සමත් වෙලා තියෙනවා.
2018 වර්ෂයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන මේ ක්‍රීඩකයා වසර 15ක් පුරාවට තම සේවය දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් ලබාදෙන්න කටයුතු සිදු කළා.එහිදී නායකයෙකු ලෙස ඔහු කළ කාර්යභාරය අතිශයින්ම අගය කළ යුතුයි.ඒ වගේම එක් දින සහ ටෙස්ට් තරග වල පිතිකරන සාමාන්‍යය 50ට ඉහළින් තම ක්‍රිකට් දිවිය අවසන් වන තෙක් තබාගන්න de Villiers සමත් වුනා.ඒ වගේම එක් දින සහ ටෙස්ට් තරග රටා දෙකම ලකුනු 8000 පසු කර යාමට de villiers සම්ත් වෙලා තියෙනව.එක්දින තරග රටාව තුල වේගවත්ම අර්ධ ශතකය, ශතකය තමන් සතු කරගැනීමට AB සමත් වෙලා තියෙනව.ඉතින් AB කියන්නේ ඇත්තටම දක්ෂයෙක්.