ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල එතෙක් මෙතෙක් බිහිවූ හොඳම seam වේග පන්දු යවන්නා නැත්නම් හොඳම seamer කවුද කියලා ඇහුවොත් ඔයාට මතක් වෙන්නෙ කවුරුන්ද? මම නම් ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන්නන් අතර හොඳම දෝලනයක් සහිත වගේම එය මනාව පාලනය කරගත් වේග පන්දු ය්වන්නා විදියට දකින්නේ නුවන් කුලසේකරයි.නුවන් කුලසේකර කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කාලයක් නැතුවම බැරි වුණ වගේම අති විශිෂ්ඨ සේවයක් කරපු වේග පන්දු යවන්නෙක්.ඉතින් මොකක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කුලසේකර කරපු ඔච්චරටම සේවය? ඇත්තටම කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් වලට නමක් රැන්දූ ක්‍රීඩකයෙක්ද?ඉතින් මට හිතුනා ඔහු ගැන අද ලියන්න.
නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගන්නේ 2003 වර්ෂයේ වන අතර ඔහු 2017 වෙනකන් තව සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ලබා දුන්නා.ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වාස්ගන්උණ පාඩුව මකන්න ආපු කුලසේකර ඔහු එය ඕනවටත් වඩා ඉටු කලේ කිහිප වතාවක්ම පන්දු යවන්නන් වර්ගීකරණය අතර පළමු ස්ථානය තම නම ඉදිරියේ වෙන් කර ගනිමින්.2014 වර්ෂයේ විස්සයි විස්ස ලෝක කුසලානේ ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව අවසන් තරගයේදී යවපු අන්තිම Magical පන්දු වාර හතරේදී මාලිංග හා එක්ව තමන් කුමන අන්දමේ වේග පන්දු යවන්නෙක්ද කියලා ලෝකයාට හොඳටම පෙන්නපු ක්‍රීඩකයෙක් තමයි කුලසේකර කියන්නේ.ඒ වගේම ඕස්ට්‍රේලියාව හා තරගයකදී තමන් යවපු මුල් පන්දු වාර කිහිපය තුළ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් පෙල පිතිකරුවන් සියල්ලන් අන්ද මන්ද කරේ දෙපසටම පන්දුව මනා පාරනයකින් යුතුව දෝලනය කරමින් වගේම ඔවුන්ගේ කඩුලු සියල්ල දඩයම් කරමින්.ජාත්‍යන්තර එක්දින පිටිය තුළ ඉනිම් 181දී කඩුලු 199ක් දමා ගැනීමට කුලසේකර සමත් වෙලා තියෙන අතර පිතිකරුවෙක් විදියට තමන්ගේ ප්‍රථම අර්ධ ශතකය ලෝඩ්ස් පිටිය තුළ ලබා ගනිමින්, පිතිකරුවෙක් ලෙසත් තමන්ගේ හැකියාවන් ලෝකයාට පෙන්නපු ක්‍රීඩකයෙක් තමයි ඔහු.නමුත් අවාසනාවට කුලසේකරට සමු ගැනීමේ තරගයක් නම් ලැබුණේ නැහැ. ඒත් සදාකල් ඔහුගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට උන සේවය නම් අමතක වෙන එකක් නැහැ.