ඉතින් කාලෙකට පස්සේ අද ලියන්න හිතුවා වැඩත් එක්ක ගෙවුණු සුන්දර දවසක් ගැන.එක දිගට නිදි මරලා හෙම්බත් වෙලා ගෙවපු දවස්වල තාවකාලික අවසානය ඊයේ තමයි තිබුනේ.ඉතින් building එකේ slab එකක වැඩ යනවා කියන්නේ විවේකයක් ගැන හිතන්න අමාරුයි.කොහොම හරි කම්බි බදින්න පටන් ගත්ත දවසේ ඉඳන් මධ්‍යම රාත්‍රිය ගෙවීමට පෙර ගෙදර එන්න පුළුවන් උනේ දවසක් හෝ දෙකක් පමණයි.අපිට එහෙම මහන්සියක් තිබ්බනම් වැඩ කරන මිනිස්සුන්ට කොහොම මහන්සියක් ඇත්ද කියලා මට අනන්තවත් හිතිලා තියෙනවා.උදේ පාන්දර ඉඳන් වැඩ පටන් ගන්න වැඩ කරන මිනිස්සු ආයෙත් වැඩ ඉවර වෙද්දි මධ්‍යම රාත්‍රියට ළංවෙනවා.ඉතින් වැඩ ඉවර වෙනකොට කට්ටිය හොඳටම හෙම්බත් වෙලා තමයි ඉන්නේ.කොහොමින් කොහොමහරි ඉක්මනට slab එකේ කොන්ක්‍රීට් දාගන්න ඕන නිසාම ඊට අදාළ වැඩ ටික කලින් වතාවල් වලටත් වඩා ඉක්මනට මෙවර කරන්න සිද්ධ වුණා.වැස්සත් එක්ක ඒ වැඩේ ලේසි උනෙත් නෑ.
කොහොම හරි වැස්සෙ තෙමිලා අව්වේ කර වෙලා, දෙතුන් දෙනෙක් ලෙඩත් වෙලා තමයි අන්තිමට කොන්ක්‍රීට් දාන දවසට ලංවුනේ.concrete එක දානවා කියන්නේ ඉතින් සම්පූර්ණ දවසක්ම නිදිමැරිල්ලක් තමයි.හවස හතරට වගේ පටන් ගන්න හිතාගෙන හිටියත් මාර්ග තදබදය නිසා වැඩේ තවත් පරක්කු වුණා.හිතන්න පුළුවන්ද කොන්ක්‍රීට් දාලා ඉවර වෙනකොට කීය විතර උනාද කියලා.ඊළඟ දවසේ දහවල් 11 වෙනකම් කොන්ක්‍රීට් දාන්න උනා.ඉවර වෙනකොට නම් කට්ටියටම හොඳටම අමාරුයි.ඒ විදියට සෙට් එකම බොරු කිය කිය ගෙව්වෙ ආයිත් කිසි දවසක ද්වසක අමතක නොවෙන විදියට.