අම්මගෙ ආදරය තාක්ශණයට එහා

in hive-133716 •  last year 

IMG_20231101_061726.jpg

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. අද ලියන්නෙ අම්ම ගැන. ඇත්තටම අම්මගෙ ආදරේ තියෙන්නෙ වෙනම තැනක. ඒක මෙච්චරයි කියල අපිට හරියටම කියන්න බෑ.ඒක ඒ තරම් තැනක තියෙන්නෙ. තාක්ශනෙත් එක්ක අපි.ඉස්සරහට ගියත් ඔවුන්ට ඒ ගැන ලොකු දැනුමක් නැති වුනත් ඔවුන් අපිට දෙන ආදරයට ගරු කිරීමක් අනිවාරෙන්ම දිය යුතුයි. මේ ගැන ලස්සන කතාවක් කියවන්න හම්බුනා සමාජ මාද්‍ය ජාලයෙන්. ඒකෙ ලස්සනට කියනවා තාක්ෂණයත් එක්ක බැලුවාම කොච්චර ඉස්සරහින් ද අම්මගේ ආදරේ තියෙන්නෙ කියලා.ඔවුන්ට තාක්ශනය ගැන ලොකු දැනුමක් නැති උනාට අපිට ඒ ගැන තියෙන දැනුම ගැන හිතල ඔවුන් සෑහෙන්න ආත්ම තෘප්තියක් ලබනව. ඉතින් මට හිතුන මේ කතාව ඔයාලත් එක්ක ඒක බෙදාගත්තනම් හොදයි කියල.


මගේ අම්මා තාක්ෂණය දන්නේ නැහැ....

මම ඇයට මගේ දුරකථනය දුන්නා මගේ පින්තූරයක් ගන්න, පින්තූරය අරන් ඉවර වුනාට පස්සේ ඇය මට කිව්වා,
"ඔයා කොච්චර ලස්සනද පුතේ කියලා..."

ඡායාරූපය බැලීමට මම දුරකථනය ඉල්ලා ගත්තා.. මට ඉබේම හිනා ගියා...
පින්තූරය දෙස බලා මම ඇයට කිව්වා,
"එය කෙතරම් සුන්දරද, එය මගේ හොඳම පින්තූරයයි.."

එම පින්තූරය කුඩා දරුවෙකු අහම්බෙන් ගත් පින්තූරයක් මෙන් බව මම ඇයට කිව්වෙ නැහැ...
නමුත් දුරකථනයේ තිරය නොදකින අතරතුර ඇය මාව දුටුවේ කෙසේද...?

මම හිතන්නේ මගේ අම්මාගේ ආදරය තාක්‍ෂණය පවා එහාට තල්ලු කරන්න ඇති..

ඔබේ දෙමාපියන් ඔබ තරම් තාක්ෂණය පිළිබදව නොදන්නවා ඇති, එයාලට ස්මාර්ට් දුරකථන තියෙන්න නැතුව ඇති, ඔයාලා තරම් ඉක්මනින් මේ ෆෝන් වල තියෙන දේවල් එයාලට තේරුම් ගන්න බැරුවත් ඇති,

නමුත්..... කිසිවිටෙකත් එය සමච්චලයට ගන්න එපා,
ඔබ එයාලට වඩා මේ දේවල් දන්නවා වෙන්න පුලුවන්,
ඒකට හේතුව එයාලගේ කාලේ එක්කො ෆෝන් තිබුනේ නැති කම හෝ තිබුනත් ගන්න සල්ලි නැති කම වෙන්න ඇති...

කෙසේවෙතත් අද ඔබ සිටින තැනට ඔබව ගෙනාවේ, 'ඒ තාක්ෂණය ගැන කිසිත් නොදන්න' දෙමාපියන්ම තමයි...

ටිකක් ලගට වෙලා ඔබේ ෆෝන් එකෙ තියෙන අලුත් තාක්ෂණික දේවල්, දැන් ලෝකයේ තියෙන අලුත් දේවල් ටිකක් පෙන්නලා බලන්න හෙමින් ඒ අසරණ ඇස් දිහා, මූණ දිහා, එවා සතුටින් දිලිසෙනවා, පුදුම ආඩම්බරයක් ඒ මූණු වලට එනවා...
එයාලා හරි ආසයි එහෙම කරනවට.... නොදන්නා දෙයක් තමන්ගේ දරුව කියල දෙනවට..
ඒ වෙලාවට එයාලට හිතන්නේ එකම දෙයයි.....

" මගෙ පුතා, මගෙ දුව හැමදෙයක් දන්නවා.. එයා මේ ලෝකය ජයගනීවී.."

එහෙම දෙන මානසික සුවයත් ඇති දරුවෙක් විදියට....

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මේක ඇත්තම කතාවක්. මන් එහෙම දේවල් පෙන්නද්දි මගේ තාත්තගෙයි, අම්මගෙයි ඇස්වල සතුට මන් දැකලා තියෙනවා. වටිනා ලිපියක්.

ඔව් ගොඩක් වෙලාවට එහෙමයි 🙂