Steve Smith

in hive-133716 •  11 days ago 

1000154809.jpg
source

ඉතින් අද කතා කරන්න ආවෙත් විශේෂ ක්‍රීඩකයෙක් ගැන. කවුරු හරි ඔබගෙන් ඇහුවොත් දැනට ලොව ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ ඉන්න හොඳම පිතිකරුව කවුද කියලා, ඔයාගේ පිළිතුර මොකක්ද?මට නම් එන්නේ එකම තමයි ඒතමයි අද මාතෘකාව Steve Smith. Steve Smith ජාතික කණ්ඩායමට එන්නේ පා දඟ පන්දු යවන්නෙක් විදියටයි.ඒත් පසුව ලොව සිටින හොඳම පිතිකරුවන්ගේ ලයිස්තුවට එන්න ස්මිත් සමත් වුණේ තම පිතිකරන හැකියාව දවසින් දවස දියුණු කරගනිමින්.කුමාර සංගක්කාර ජාත්‍යන්ත ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ඔහුගේ ටෙස්පිටිය තුළ පිතිකරන සාමාන්‍ය 57 ක ඉතා ඉහල අගයක පැවතුනා.මට විශ්වාසයි ස්මිත් සමුගන්නා දවස වෙනවිටත් එය එසේම වේවි කියලා.දැනට ඕස්ට්‍රේලියාවේ ජාතික කණ්ඩායමේ ඉන්න ප්‍රබලම සාධකයක් සහ මුල් පෙළ පිතිකරුවෙක් තමයි ස්මිත් කියන්නේ.

අවාසනාවට තරඟ නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඔහුට වසරක ක්‍රිකට් තහනමක් පැනවුණා.එහෙම උනෙත් ඔහුගේ හොඳම form එකක් තියාගෙන හිටපු කාලේ.කොහොමහරි නැවතත් වසරකට පසුව පැමිණි ස්මිත් තමන්ගේ සුපුරුදු දක්ෂතා පෙන්වමින් කණ්ඩායමේ තමන්ගේ ස්ථානය නැවතත් තහවුරු කර ගැනීමට සමත් වුණා.2010 ජාත්‍යන්තර වරම් දිනාගත් smith තමන්ගේ දක්ෂතා හොඳින්ම පෙන්නලා තිබෙන්නේ ටෙස්ට් පිටිය තුළයි.ටෙස්ට් පිටිය තුළ ඉනිම් 206 ක්‍රීඩා කරලා තියෙන ස්මිත් ලකුණු 10276 ලබාගෙන තියෙන්නේ ශතක 36ක්ද සමගින්. එපමනක් නෙවෙයි ඔහුගේ පිතිකරන සාමාන්‍ය 57කට ආසන්න ඉහළ අගයක පවතිනවා.වගේම එක් දින පිටිය තුලත් ඔහුගේ පිතිකරන සාමාන්‍ය 44 ඉහල අගයක පවතිනවා.ඉතිං අපි බලමු ඉස්සරහටත් ඔහුගේ පිතිකරන හැකියාවන් කොහොම ඉස්මතු වේවිද කියලා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!