Survey Camp - Part 2

in hive-133716 •  last month 

1000103967.jpg

ඉතින් කලින් article එකේදි Survey camp එක ගැන කියලා ඉවර කරන්න බැරි වුන නිසා තවත් එක article එකක් අරගෙන ඉවරකරන්නම හිතුව.කලින් article එකේ කිව්වා වගේම කෑම්ප් එකේ මුල් දවස් දෙක අපිට පැය දෙකක් තුනක් හරි නිදාගන්න පොඩි චාන්ස් එකක් හම්බවුණා.Survey Camp එකේදි අපිට දවස් පහක් දීලා තිබුණේ මුල් දවස් තුනම TL, Level සහ TS Instruments තුනට අදාලව ප්‍රැක්ටිකල් තුනක් සහ අවසාන දවස් දෙක ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් සහ Viva එකක් විදියට.ඉතිං ඒ විදිහට අපිට මුලින්ම හම්බුනේ Instrument එක උනේ TS එක.එදා කොහොම හරි Coursework එකත් එක දෙක වෙති ඉවර කරපු අපිට පොඩි නින්දක් දාන්න අවස්ථාව ලැබුණත් ඊළඟ දවසේ 2km විතර දුරක් පාරක Level machine එකෙන් ප්‍රැක්ටිකල් එකක් කරන්න උන නිසා ආයෙත් නවාතැනට එද්දිත් අපි සෑහෙන්න මහන්සියෙන් තමයි හිටියේ.ඒත් ඒ දවස ඇතුලතම coursework එකත් ඉවර කරන්න ඕන නිසා ආයෙත් ඉක්මනට wash එකක් දාගෙන සෙට් වුණේ කීයට හරි මේක ඉවර කරන්න හිතාගෙන.

1000102714.jpg

ඉතින් යාලුවනේ එදා දවස නම් අපිට නිදාගන්න හම්බුනේ නැහැ.උදේ හය හමාර වෙනකොට තමයි අපිට coursework එක ඉවර කරන්න පුළුවන් උනේ.ඉතින් ඊළඟ දවසේ ප්‍රැක්ටිකල් එකට අපිට එහෙම්ම ලේස්ති වෙලා ආයෙත් යන්න උන නිසා එදා දවස ඉවර වෙද්දි අපි බාගෙට මැරිලා තමයි හිටියේ.ඉතින් ඒ නිසාම හවස ආපු අපි පැය දෙකක විතර නින්දක් දාලා ආයෙත් වැඩ කරන්න සෙට් වෙන්න තීරණය කළා.ඒ විදිහට ආපු අපිට එදා දවසත් හරියට නිදාගන්න හම්බ වුණේ නැහැ.කොහොම හරි ඒකෙ වැඩ ටික ඉවර වෙද්දිත් උදේ හතර පහු වෙලා තිබුනා.කොහොම හරි ඊලඟ දවසේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එක නිසාත් ඒක පටන් ගන්න තිබුණේ දවල් නිසාත් පොඩ්ඩක් නිදාගන්න අපිට චාන්ස් එකක් ලැබුණා.ඒකෙන් උපරිම ප්‍රයෝජන ගත්ත අපි test එකට පැයකට විතර කලින් ඇහැරිලා instruments ටිකත් ආයෙත් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා test එක ගොඩදාගන්නත් පුළුවන් වුණා.ඒ විදිහටම එදාම viva එකත් ඉවර කරගත්ත නිසා අන්තිම දවස free කරගන්න අපිට පුළුවන් වුණා.

1000104722.jpg

ඉතින් අන්තිම දවස තමයි camp එකේ හොඳම සහ ආසම දවස වුණේ.Lectures, instructors ලත් එක්ක සුහද කතාබහක් සහ ඔවුන්ට පොඩි treatment එකක් දීපු අපි ඔවුන් අතර තිබුනු සබඳතාවට ගෞරවාන්විත සමුදීමක් ලබාදුන්නා.ඊටපස්සෙ රෑ DJ එක නිසා පැය හයකට ආසන්න වෙලාවක් එක දිගට නටල විනෝද වෙන්නත් අපිට පුළුවන් උනා.ඉතින් ඕ විදිහට තමයි අපේ survey camp එක අවසන් උනේ.ඇත්තටම ඒක hard work එකක් තමයි.ඒ වුනාට ඒක අමුතුම විදියේ experience එකක්. කට්ටක් උනාට අපි ඒකට ආසයි.අපි යාළුවො සෙට් එකම අමාරුවෙන් වුණත් විනෝදයෙන් ඒ කාලය ගත කලා.ඉතිං ඒ මතකයන් වලට අපි හැමදාමත් ආදරේයි.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Hi @damindu,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community