අද article එක ලියන්න යන්නේ Test ලෝක කුසලානයේ නවතම තත්ත්වය ගැනයි.දැනටමත් ක්‍රිකට් රසිකයන් විදියට ඔයාලට අදහසක් ඇති අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට හැකි කණ්ඩායම් පිළිබඳව. ඒ අනුව ඉන්දියාව, ඕස්ට්‍රේලියාව නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව යන රටවල් වලට අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට තවමත් අවස්ථාව තියෙනවා. ඒ අනුව පසුගිය නවසීලන්ත සහ ඉන්දියා තරගාවලිය තෙක්ම වැඩි වාසි ඉන්දියාව දෙසට තිබුනත් පෙරලිකාර ලෙස නවසීලන්තය ජයගැනීමත් සමග ඉන්දියාවට තිබුණු අවස්ථාව ගොඩක් දුරට අඩු වුණේ අනිත් කණ්ඩායම් වලටද අවස්ථාව සලසාලමින්.ඒ අනුව මේ වන තෙක්ම ඕස්ට්‍රේලියාවට අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට වැඩි වාසි පවතින අතර, අනෙක් කණ්ඩායම් සියල්ලටම තියෙන්නේ සමාන අවස්ථා ලෙසයි.ඒ අනුව අනෙක් කණ්ඩායම් තරඟ වදින තරග සියල්ලම ඔවුන්ට ඉතා තීරණාත්මක තරඟ වෙනවා.
කොහොම හරි ඉන්දියාවට අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට නම් ඕස්ට්‍රේලියාව අතර පවතින මෙම තරඟාවලිය ජය ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.නමුත් එය එතරම් පහසු වෙන්නේ නැත්තේ තරගාවලිය ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන නිසා.ඒ අනුව ඉන්දියාව මෙම තරගාවලියට පැමිණුනේ නව නායකත්වයක්ද සමඟයි.එලෙස බුම්රාගේ නායකත්වයෙන් තරගාවලියට පිවිසී ඉන්දියා කණ්ඩායම පෙරලිකාර ලෙස වේග පන්දු යවන්නන්ට සුදුසු තන තීරුවක, විශිෂ්ට දක්ෂතා සමග දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත්තේ, මේ ලෝක කුසලානයේ තීරණාත්මක බව තව තවත් වැඩි කරමින්.ඉතින් ඔවුන්ට මේ ලෙසම ඉදිරි තරඟත් ජයගැනීම අත්‍යවශ්‍යය වෙනවා.ඉතින් අනෙක් පසින් ගත් කල ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිත අතර, කණ්ඩායම් දෙකටම ලෝක උසලානය අවසන් තරඟයට පිවිසීමට නම් මෙම තරගාවලිය ජයගැනීම අත්‍යවශ්‍යය වෙනවා. ඉතිං අපි බලමු මෙම තරගාවලි දෙක කෙසේ අවසන් වේවිද කියලා.
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi @damindu,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit