නිවාඩුව

in hive-133716 •  2 years ago 

IMG_20230207_081320.jpg

හැමොම පරිස්සමෙන් ඇති කියල හිතනව. ඉතින් අන්තිම එකේ කිව්ව වගේ අද ගෙදර ඇවිත් දෙවෙනි දවස ගත කරපු හැටි ලියන්න හිතුව. පලවෙනි දවස්ට වඩා වෙනස් විදියට තමයි දෙවෙනි දවසනම් ආරම්භ වුනේ. නැගිටිද්දිනම් වෙනදට වඩා ටිකක් පරක්කු වුනා මොකද මං කලින් දවසෙ නිදාගනිද්දිත් තුන පහුයි. ඉතින් අට හමාරට විතර ඇහැරිලා එද්දි අම්මා එලකිරි උනු කරල තිබ්බා.කිරි බොන්න සෙට් උනෙත් කාලෙකින් නිසා හදල තිබුන රොටියක් කාලම සැර නිවෙන්න බොන්න හිතුව. ඉතින් උදේ වරුවනම් හිතුවට වඩා ඉකම්නට ගෙවිල ගියා කඩේ හිටපු නිසාමද මන්ද. යාලුවෙක්ගෙ ගෙදර යන්න හිතන් හිටියත් උදේ වරුව කඩේට කොටුවුන හින්ද ඒ වැඩේ අත් අරින්න සිද්ද වුනා .

IMG_20230204_165508.jpg

ගෙවල් ළඟ විලා එකක් අලුතින් හදල කිව්වත් වැඩිය ගානක් ගත්තෙ නැත්තෙ කියන තරම් හොදට නැතුව ඇතියි කියල. තාත්තගෙ යාලුවෙක් තමයි ඒක බලාගන්න දාල තිබ්බෙ. ගොඩක් foreigners ටාගට් කරල තමයි හදල තියෙන්නෙ. තියෙන තැන නම් ගොඩක් ලස්සනයි කියල තාත්ත කීපවතාවක් කිව්වත් මට යන්න උවමනාවක් තිබ්බෙ නෑ ලොකුවට.හැමදාම අද හවසට යන්නම් හෙට යන්නම් කිය කිය කල්දැම්ම😂. ඉතින් එදා Villa එක බලාග්න්න මාමග්‍ර් බයික් එක කැඩිල නිසා එයාව ගිහින් දාන්න උනේ මට. තාත්තටත් මට Villa එක පෙන්නන්න ඕන නිසාම මගේ කරපිට ඒක දැම්ම 😂.

IMG_20230204_170214.jpg

ඉතින් අකමැත්තෙන් වගේ ගියත් ගියාට පස්සෙ තමය් තේරුනේ මෙච්චර කල් මේක බලන්නනෑවිත් හිටිය මෝඩකමක් කියල. ඇත්තටම මාරම මාර ලස්සනයි.වටේම මාරම ලස්සන විව් එකක් තියෙන්නෙ. වටේටම කුඹුරුයි, ගසුයි එක්ක මාරම නිදහසක් තියෙන තැනක්. ගියාම එන්නෙ හිතෙන්නෙ නැති තරම් ලස්සනයි. ගානත් ඊට දෙවෙනි නෑ ඉතින්. කාමර දෙකක්‍ තියෙනව. ඉතින් එක දවසට 40,000 villa එක 🙂. ගාන ඇහුවනම් මාත් ටිකක් ශොක් උනා. ඒ කොහොම උනත් තියෙන තැන වටපිටාවනම් පිස්සු හැදෙන තර්ම් ලස්සනයි. ඉතින් එදා දවල් වරුවම ඒකෙ වටේ ඇවිද ඇවිද ලස්සන බල බල තම්‍යි ගෙව්වෙ . ඔය විදියට තමයි ඒ දවසත් ගෙවිල ගියේ.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Foreigners la target karala karana eka hoday. Mkt eyala me wage ewata kemathie godak aya luxury hotels walata wada.

Ou ou aka aththa 😌

thananam mara lassanai thamai.

ඔව්ව් 🤩🤩