හිතට කා වැදුණු විදෙස් කණ්ඩායම-1

in hive-133716 •  14 days ago 

1000126112.jpg

source
පොඩි කාලේ මගෙන් කවුරුහරි ඇහුවම ලංකාව ඇරුනම මොකක්ද ආසම කණ්ඩායම කියලා, මට තිබුණා ඒකට උත්තර දෙකක්.ඒ තමයි නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව.ඉතින් මට මේ දෙකෙන් එකක් තෝරගන්න එක නම් එච්චර ලේසි වුණේ නෑ, ඒ නිසාම වෙනසක් නැතුව කණ්ඩායම් දෙකටම එක වගේ කැමැත්තක් මගේ හිතේ තිබුණා,ඇත්තටම තාමත් එහෙමම තමයි.ඉතින් මට හිතුනා අද ඒ ගැන ලියන්න.ඒක මම article දෙකකින් ලියන්න හිතුවා.පළමු කණ්ඩායම සහ දෙවෙනි කණ්ඩායම ගැන පිරිවෙළින්.ඉතින් මම ඒ උත්තරේ දුන්නම යාළුවො මගෙන් අහන්න දෙවෙනි ප්‍රශ්නය තමයි ඇයි උඹ ඔච්චරටම දකුණු අප්‍රිකාවට කැමති?ඒකට මට ගොඩක් ටික පිළිතුරක් තිබුණා.මොකද දකුණු අප්‍රිකාව කියන්නේ පිතිකරණයෙන් පන්දු යවන්නන්ගෙන් වගේම, පන්දු රකින්නන්ගෙන්ද ඉහළම ස්ථානයක සිටි කණ්ඩායමක්.

පිතිකරුවන් විදියට ස්මිත්, හර්ශල් ගිබ්ස්, හශීම් අම්ල සහ ඩිවිලියස් කියන පිතිකරුවන්ගෙන් පරිපූර්ණ වූ කණ්ඩායමක්.ඒ වගේම පන්දු යවන්නන් විදිහට දැවැන්ත රේඛ පන්දු බලඇණියක් දකුණු අප්‍රිකාව සතු උනා.ඒ අතරින් ක්‍රිකට් රසිකයන් පිස්සුවෙන් විදිහට ආකර්ෂණය වූ බෝලින් ඇක්ෂන් එකක් සහ හොද වේගයක් ව්ගේම දෝලනයක්ද සහිත පන්දු යවන්නෙක් වූ ඩේල් ස්ටේ‍යින්, මෝර්නේ මෝකල්, පිලෑන්ඩර් කියන ක්‍රීඩකයන්ගෙන්ද තුන් ඉරියව් ක්‍රීඩකයන් විදිහට ඩුමිනි එල්බී මෝකල් කියන ක්‍රීඩකයන්ගෙන්ද සමන්විත වූ කණ්ඩායමක්.නමුත් අවාසනාව කොයිතරම්ද කියනවනම් ඔවුන්ට කොතරම් දක්ෂ වුණත් තවමත් ලෝක කුසලානයක පහස ලැබීමේ හැකියාව ලැබී නොමැතිවීමයි.ඒ කෙසේ වුණත් මගේ ආසම කණ්ඩායම් අතර ප්‍රමුඛස්ථානයේ ඉන්න කණ්ඩායමක් තමයි දකුණු අප්‍රිකා කණ්ඩායම.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!