පෙරලිකාර ජයක්

in hive-133716 •  29 days ago 

FB_IMG_1720327851472_edit_389645014256377.jpg
facebook

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. අද ලියන්න යන්නෙ සිම්බාබ්වේ කණ්ඩායම ලබපු පෙරලිකාර ජයග්‍රහණය ගැන. ඔව් ඒකෙ විශේශත්වයක් තියෙනව, මොකද මේ ජය ලැබුවෙ ලෝක ශූර ඉන්දියා කණ්ඩායමට එරෙහිව. කොහොමහරි සිම්බාබ්වේ කණ්ඩායම හා මේ තරගාවලියට එක්වේලා තියෙන්නෙ ඉන්දීය දෙවන පෙල කණ්ඩායම, ඒත් එහෙමයි කියල ඔවුන්ව අවතක්සේසේරුවට ලක් කරන්න බෑ මොකද ඔවුන්ගෙ වෙන පෙළ කණ්ඩායමත් පළමු පෙල කණ්ඩායම හා දක්ෂතාවයෙන් සමාන ක්‍රීඩකයන් තමයි ඉන්නේ . ඉතින් මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලබන්නත් සිම්බාබ්වේ කණ්ඩායමට නොහැකි වූයේ සුදුසුකම් ලැබීමේ වටයේදීම අවාසනවන්ත ලෙස ඉවත්වීමට සිදුවූ නිසා.කොහොමහරි ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලිය සදහා මෙහෙයවන්නෙ ආරම්භක පිතිකරු ගිල් විසින්.

මෙම තරගයේ ප්‍රතමයෙන් පන්දුවට පහරදීමට පැමිණි සිම්බාබ්වේ කණ්ඩායමට එතරම් හොද ලකුනු පුවරුවක් සෑදීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නෑ. ප්‍රබල පන්දු යෑවිමක නිරත වුනු රවී බිශ්නෝයි කඩුලු හතරක් බිදදැමුවේ ලකුණු 12ක් පමණක් ලබාදෙමින්.ඒ අනුව සිම්බාබ්වෙ කන්ඩායමට පන්දුවාර 20 අව්සානයේ ලබාගැනීමට හැකිවූයේ කඩුලු 8ක් දැවී ලකුනු 115 ක් පමණයි.පහසු ඉලක්කයක් නිසා පිටියට පිව්සි ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන්ට එතරම් ඉක්මනට ජයග්‍රහණයේ සතුට අත්වීදීමට ලබදීමට සිම්බාබ්වේ කණ්ඩායමේ පනුයවන්නන් ඉඩ ලබාදුන්නේ නෑ. සිකන්ඩර් රාසා ප්‍රමුබ පන්දු යවන්නන් ඉන්දීය කණ්ඩායමේ කඩුලු දඩයම ආරම්භ කරේ ඉන්දීය පිතිකරුවන් අන්ද මන්ද කරමින්.ඒ අනුව පහසු ඉලක්කයක් උනත් ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිතතාව තව් දුරටත් තහවුරු කරමින් ඉන්දීය කන්ඩායම ලකුණු 102ක් තුල සියලු කඩුලු දවාගනිමින් ප්‍රබල පෙරලිකර ජයක් ලබාගැනීමට සිම්බාබ්වේ කන්ඩායම සමත් වුනා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @damindu,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community