වියළි | Rupavahini TeleDrama

in hive-133716 •  last month 

වෑකල ගෙඩියේ.... ආ...ආ...ආ...ආ...
මුවවිට උතුරා.... ආ...ආ...ආ...ආ...
වහින්න වහින්න වැස්සක්.... ආ...ආ...ආ...ආ...

ආදරයේ හීතල....
තෙත බේරෙන... ආ...ආ...ආ...ආ...

වහින්න වහින්න වැස්සක්...

ආ...ආ...ආ...ආ...

රිදුනු
තැළුණු
ඉරි
සුවපත් වෙන්නට

ආ...ආ...ආ...ආ...

වහින්න වහින්න වැස්සක්

ආ...ආ...ආ...

වියළි... ශාන්ති දිසානායක මහත්මියගෙ දඩමංකඩ නවකතාව ඇසුරෙන් ගොඩනැඟුනු, ජාතික රෑපවාහිනිහයෙ තවත් අති සාර්ථකම නිර්මාණයක්... මම සාමාන්‍යයෙන් රෑපවාහිනී ටෙලිනාට්‍ය බලන කෙනෙක් නෙමෙයි. ඒත් ගොඩක් අය හොඳයි හොඳියි කියල share කරපු facebook post දැක්කට පස්සෙ මට නිකමට හිතුනා episode 1 බලන්න. ඒකෙන් උනේ මම දවස් තුන හතරකින් free වෙන පොඩි පොඩි වෙලාවල් වලදි එක දිගටම බලල episode 55ම ඉවර කරපු එක.

මීට කලින් මම බලල තිබ්බ ලංකාවෙ ටෙලිනාට්‍ය කීපෙ අතරින් මගේ හිත තදින්ම ඇදගත්තු එකම කතාව උනේ "සුදු ඇඳ කළු ඇවිදින්", ඒ ටෙලිනාට්‍යයෙන් පස්සෙ ආපු, මම බලපු විශිෂ්ටතම ටෙලිය තමයි "වියළි".

මේ කතාවෙ නම වගේම මේ කතාව ඇතුලෙ ඉන්න හැමෝගෙම ජීවිත ඇත්තටම වියළියි. හරිහමන් ආදරයක් නැතුව ජීවිත වේළිලා ගිහින්. ඇත්ත, මිනිස්සුන්ට ජීවත් වෙන්න, තමන් තාමත් පණ පිටින් කියල දැනෙන්න ආදරේ ඕන.


දරුවො හැමෝටම එකම විදියට සලකන්නෙ නැති නිළමෙ, නිළමෙගෙ සැර වැර නිසාම හැම දේම තනියම දරාගෙන ඉවසගෙන හැම රහසක්ම හංගගෙන අඬාගත්ත ගමන් දවස් ගෙවන පළිඟු, උපන්න දවසෙ ඉඳන්ම එක තප්පරයකටවත් තාත්තෙක්ගෙ ආදරයක් නොලබපු, තමන්ගෙ ජීවිතේට සත පහකවත් වටිනකමක් නොලැබෙන, දවසින් දවස කෙනෙහිලිකම්ම විතරක් ලැබෙන ජීවිතයක නොමැරී ජීවත් වෙන්න එකමෙක හේතුවක්හරි හොයන කළු, අතීත මතකයි අනාගතෙයි දෙකම යකාට ගියාදෙන් කියල තනියම වනගත උනු මාලා, නමට විතරක් පිරිමි දෙන්නෙක් ඉන්න ගෙදරක දරු ගැබකුත් උස්සගෙන ගිණි අවුවෙ තනියම කාස්ටක පොළව කොටන කාන්ති, මේ කතාවෙ නොදියුණු, දුෂ්කර, හද්දා පිටිසරයැයි කියන් පුළුවන් එක ගමක සිද්ද වෙන ඛේදවාචක ගොඩක ප්‍රධාන චරිත.

මේ කතාවට සම්බන්ධ අනිත් පවුල, අර තරම්ම පිටිසර නැති ගමක ජීවත් උනත් එතනත් ඛේදවාචක ගොන්නක්, රට ගියපු අම්ම ආයෙ එන්න කලින් තමන්ගෙ ජීවිතේ පරිස්සම් කරගන්න නයෝමිට සෑහෙන්න දුරක් යන්න වෙනවා, ඒත් අම්ම ආපහු එද්දි ආපස්සට හරිගස්සන්න බැරි තරම් දේවල් ගොඩක් වෙලා ඉවරයි. කතාවෙ ඉන්න හැම චරිතයක්ම එකට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල අපිට තේරෙන්නෙ කතාවෙ අන්තිම episode එකෙන්. ඒත් ටෙලිය ඉවර කරන්නෙ නම් පොත කියවපු නැති අ⁣පිට විසාල ප්‍රශ්න ගොඩක් ඉතිරි කරලා.

මේ ටෙලිනාට්‍යයේ නිර්මාණශීලීත්වය ගැනනම් කියන්න වචන නෑ. තෝරගෙන තියන ප්‍රවීන නළු නිළියො තරමටම දක්ෂ නවක චරිත කීපයකුත් ඉන්නවා. ප්‍රවීන නවක කොහොම උනත්, ඒ චරිත හැමෝම එකකට එකක් පරාදයි, මේක නිකන්ම නිකන් රඟපෑමක් කියල කතාව බලන අපිට කොයියම්ම වෙලාවකවත් දැනෙන්නෙ නැති වෙන්නෙ ඒ චරිත ඔක්කොම කතාව ඇතුලෙ ජීවත් වෙන නිසා.

මේ කතා⁣වෙ මම ආසම අනිත් ප්‍රධානම දේ තමයි music. සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍යයයෙන් පස්සෙ මට දැනුණු ලස්සනම music තියන කතාව තමයි වියළි. කතාවෙ theme song එක ඇහෙන හැම වතාවකම මට දැනේනෙ හරිම අමුතු හැඟීමක්, ඒක හරිම unique සිංදුවක්, වචන තියෙන්නෙ හරිම කීපයයි, ඒත් ඒ වචන ටිකත් එක්ක ඒ music mix උනාම ඒක මුළු කතාවෙම summary එකක් වගේ.

මම කතාව කියල බලල නැති අයව spoil කරන්නෙ නැහැ, සමහර විට original novel එකට වඩා ටෙලියෙ වෙනස්කම් තියෙන්නත් පුළුවන්, කොහොමහරි දැන් මට තියෙන්නෙ පොත හොයාගෙන කියවන්න, ටෙලිය බලපු නැති අයට ඉක්මනටම මේක බලන්න කියල ආරාධනා කරනවා.


Thank you.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  
Loading...