මේ කාලෙකට කලින් උන දෙයක්. ඒ අම්මගේ උපන්දිනේ දවස. හරියමට කිව්වොත් උපන්දිනේ සමරපු දවස. ඒ දවස ගොඩක් ලස්සන දවසක් නිසා ඒ ගැන ඔයාල එක්ක බෙදාගන්න ඕන කියලා හිතුවත් ඒ දවස් වල මට වැඩ එක්ක කියන්න උනේ නෑ. ඉතින් දැන් මාසෙකටත් වඩා ගත වෙලා තිබුනත් ඒ දවස ගැන ඔයාල එක කියන්න හිතුවා.
ලොකුම වෙනස උනේ ඒ දවස් වල රටේ මේ අව්ල් මිනිස්සු දැනන් හිටියේ නෑ. අපි උනත් එහෙමය්. ඒ නිසා සෑහෙන්න හිතේ නිදහසකින් හිටියේ ඒ කාලේ. අනික කැම්පස් එක පටන් ගනිපු නිසා ඒ ගැනත් උද්‍යෝගයෙන් හිටියේ. ඒත් එක දුකක් තිබුනා. එච්චරකල් ගෙදර ඉදලා අම්මාගෙ උපන්දිනේ ලන් වෙද්දිම යන්න උනානේ කියලා. එදා ගෙදර එන්න පුලුවන් උනෙත් නෑ මන් එක්ක ඉදපු ලමයා එතකොට තනියෙන්නේ. ඒ වගේම එක දවසකට ගෙදර ඇවිත් යන එක බොරු මහන්සියක්නේ. ඉතින් මන් සති අන්තේ වෙනකන්ම හිටියා ගෙදර යන්න.
යන ගමන් අම්මට මන් පොඩි තෑග්ගක් ගත්තා. ඒ ලස්සන බ්ලවුස් එකක්. සාදයක් ගැන පොඩි වත් අදහසක් තිබුනේ නෑ මගේ හිතේ. ඒත් අක්කාට ඕන උනා. ඉතින් අපි පොඩියට ඉක්මනට දේවල් ලෑස්ති කරා.
මුලින්ම කේක් එකක් හදන්න බලද්දි දැක්කේ අලුත්ම හදවතක් හැඩේ කේක් තැටිය. ඒකේ අපි බටර් කේක් එකක් හැදුවා. වෙනදාටත් වඩා කේක් එක ලස්සනට ආවෙ ඒක අම්ම වෙනුවෙන්ම හදපු නිසා වෙන්න ඇති.
ඊලග වාරේ කේක් එක ලස්සනට හැඩ කරන එක. අපෙ අම්මා ආසම සරල දේවල් වලට නිසා අපි කේක් එකත් සරලව වගේම හරිම ලස්සනට හැඩ කරා.
ගොඩක් දේවල් හදන්න වෙලා තිබුනේ නැ වගේම ප්ලෑන් කරෙත් නෑනෙ කලින්. ඒනිසා අපි සැන්ඩ්විචස් ටිකක් වගේම පැටිස් හැදුවා. මාගරින් වලට ගම්බිරිස්, ලූනු, අමුමිරිස්, දෙහි වගේ දේවල් දාල හදාගත්ත දේවල් පාන් වල ගෑවා. හදාගන්න හරි ලේසි උනාට හරිම රහය් එහෙම හැදුවම.
බන්ටුලත් ආව අපෙහා. ඉතින් අපි ඊට පස්සේ හැමෝම අම්මට සුබ උපන්දිනයක් පතලා කේක් වගේම කැම ජාති කාල සතුටු කතාබහකට පස්සේ විසිර ගියා.
අම්ම අපි මේව කරන්න ගනිපු වෙලේ ඉදන්ම කිව්වේ ඕව එපා එපා කියලා. තෑග්ගක් දුන්නම උනත් අම්මලා ඉයන්නෙ අපරාඅදෙනේ මේ සල්ලි නහස්තිය කියලා. ඒත් එයලාගේ ඇස් දිහා බලන්නකෝ. කොච්චර සතුටුද කියලා ඒවා ඔයාට කියාලා දේවි.
මේ කාලේ නම් හරි අමාරුය් එදා වේල කන්නත් ගොඩක් අයට. එහෙම නොවෙන අයට පුලුවන් එයාල් වෙනුවෙන් මොනා හරි පුන්චි දෙයක් ගෙනත් දෙන්න. ඒ අයට ඒක ගොඩක් ලොකු දෙයක් වේවි එයාගෙ පුතා දුව ගෙනත් දුන්න දේ නිසා. ඒ වගේම මොනා හරි ගෙනත් දෙන්න අමාරු උනත් කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් එයාල එක්ක පොඩ්ඩක් ඉන්න බලන්න. එයාල්ට ආදරෙය් කියලා දැනෙන්න දෙන්න. ඒ සතුටම ඇති.
මමත් අම්ම කෙනෙක් නිසා ඒ සතුට ගැන හොදට දැනෙනවා. ඔයාල ඒ කල වැඩේට ගොඩාක් පින් දුවේ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
bohoma sthuthi aunty 💖🥺
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
e cake eka rasapatayi... harima cham..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
rahata thibuna. amma asa oya widiyata ekai ohoma haduwe
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit