විබාගෙ එන්න එන්නම ලන් වෙන නිසාත් මේ තියෙන ඔක්කොම තනියෙන් එක්කෙනෙක්ට දරාගන්න බැරි නිසාත් දවල් වරුවෙ කොච්චර උත්සාහ කරත් වැඩක් කෙරෙන්නෙ නැති නිසාත් අපි එකතු වෙලා පාඩම් කරන්න පටන් ගත්තා කීප දවසක ඉදන්. අපි එක එක්කෙනාගෙ ගෙවල් වල මාරුවෙන් මාරුවට කරේ මේ පාඩම් වැඩ. අදත් ඔන්න එහෙම දවසක්. අද උදේම අපි කතා කරගනිපු විදියටම එක යාලුවෙක්ගෙ ගෙදර එකතු උනා වැඩ කරන්න. ඔන්න ඉතින් අද දවසෙ මන් දැකපු දැන්වීම් දෙකක් ගැන තමය් මේ කතාව.
ඒ මුල් එක ආවෙ අපි වැඩ කර කර ඉන්න අතරෙදි. ඒක ඇත්තටම අපට ගොඩක් සතුටු එකක් උනේ ඒක අපි කැමති විදියටම තිබුන නිසය්. ඒ තමය් මේ ලග එන විබාගෙ ඔන්ලයින් තිබුනට පස්සෙ අපිව කැම්පස් ගෙන්නන්න ඉන්නෙ කියලා තිබුන එක. අපට පහු උන ප්‍රායෝගික පරීක්ශන වලට වගේම හතර වෙනි සෙම් එකේ වැඩ වලටත් එක්කම ගෙන්නනවා කියල තමය් තිබුනේ. සාමන්‍ය විශ්ව විද්‍යාල ජීවිතයට සූදානම් වෙන්න කියලත් ඒකෙ තිබුනා. ඒක හිතට ගෙනාවෙම සතුටක්. අපට මෙච්චර කල් සාමාන්‍ය වෙලා තිබුනේ ගෙදර ඉදන් වැඩ කරපු විශ්ව විද්‍යාල ජීවිතේනෙ. හරි නම් අර කිව්ව එක වෙනස් වෙන්න ඕන ඔයාල ආසාවෙන් ඉදපු කියලා සාමාන්‍ය වෙනුවට. මේක නිල වශයෙන් සර් කෙනෙක්ම දාපු එකක්. ඒත් ඒක යටින් තිබුනා මෙහෙම දෙයක්. අන්න ඒකත් එක්ක තමය් දෙවෙනි දැන්වීම සම්බන්ද වෙන්නෙ. මේක කොවිඩ් තත්වය සහ ඒ සම්බන්දව රජයේ තීරන අනුව වෙනස් වෙන්න පුලුවන් කියල මුල් දැන්වීමෙ යටම තිබුනා. ඔන්න ඉතින් එච්චර වෙලා හිතේ තිබුන සතුටින් ලොකු කොටසක් නැති උනා. මොකද ආයෙම මේක වැඩි වෙන්න පුලුවන්නෙ. කී පාරක්නම් එහෙම උනාද. ඒත් අස්සෙ ඉදන් යටි හිත කියන්න ගත්ත අනේ ඒත් යන්න ලැබේවිනේ ටික දවසකට හරි කියලා.
ඊට පස්සෙ පුරුදු විදියටම වැඩ ටික කරලා ගෙදර එන්න ආව. මන් දැන් අවුරුදු දෙකකින් විතර අපේ බස් එකේ ආවෙ නෑ මන් හිතන්නෙ. තාත්ත ගෙදර නිසා යන්න ඕන උනේ නෑ. ඒත් අද තාත්තාට අත්‍යාවශ්‍ය වැඩක් යෙදිල තිබුන නිසා මට බස් එකේ එන්න උනා. මට ඉතින් මාර නුහුරුය්. කාලෙකින්නෙ. ගොඩක් දෙනෙක් මට කිව්ව කාලෙකින්නෙ දැක්කේ කියලා. ඔන්න මන් ගිහින් ඉඩ තිබුන තැනකින් වාඩි උනා. මගෙ එහා පැත්තෙ හිටියේ මන් අදුරන අක්ක කෙනෙක්. ඒ අක්ක ටිකක් ඉද්දි මගෙන් ඇහුව නන්ගි අර අපේ තාත්තා නේද ඉන්නෙ බස් එකේ ඉස්සරහ කියලා. මන් බලද්දි ඒ අක්කගෙ තාත්තා මාස්ක් එකත් පල්ලෙහාට දාගෙන මිනිස්සු වට කරන් කතාවක්. ඒක දැක්කත් මේ අක්කට ගානක් වත් නෑ. අපි කොච්චර අපේ තාත්තලාව පරිස්සම් කරන්වාද.
අන්තිමට මන් ගමනාන්තෙදි බහින්න යද්දි දැක්කෙ බස් එකේ හැමෝටම පේන්න ගහපු දැන්වීමක්. "කොවිඩ් වසංගතය තවම නිමා වී නැති බැවින් බස් රථයේ ගමන් කරන විට අනිවාර්‍යයෙන් මුඛ ආවරනය පලදින්න." මට අර අක්කගෙ තාත්තාව මතක් උනා. ඒ වගේ අය කොච්චර වත් යනවා ඇතිද. මිනිස්සු කොච්චර නම් නොසැලකිලිමත්ද. මෙච්චර මේ මිනිස්සු මැරෙද්දි අපට ප්‍රසිද්ද තැනක ඉද්දි මාස්ක් එක දාන් ඉන්න කියලා අමුතුවෙන් බස් එකේ ගහල තියන්න තරම් වගේම ඒ දැක දැකත් අරම හැසිරෙන්න තරම් නොසැලකිලිමත් මිනිස්සු තවමත් ඉන්න රටක අර මුල් දැන්වීමට අදාල හීනෙ හීනයක් වෙලා තියේවි නේද කියල මට හිතුනා. ඒහෙම කීප දෙනෙක් නිසා කී දාහකගේ හීන වලට බාදා වෙලාද.
දෙවෙනි දැන්වීමය් අර සිද්දියටය් පස්සෙ මගෙ හිතේ තිබුන කැම්පස් යන්න ලැබේවි කියන විස්වාසෙ තවත් අඩු උනා. අපි බලමුකො ඉස්සරහට.
අද වෙද්දි නම් මිනිස්සුන්ට කිසීමගානක් නැහැ මේ කොවිඩ් වසංගතය ගැන.විනාශය අත ළගයි මමනම් හිතන්නේ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්.ඒකෙන් වෙන්නෙ පරිස්සම් වෙන අයත් අමාරුවෙ වැටෙන එක😥
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
The covid season has really changed alot of things and we already know alot of things will not go back to normal. It's better to face the new reality and keep safe always.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
yes, we should do our necessary things while being safe
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Minissu terum ganne na tamange kenekta karadarayak wenakam
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ooo ane. Ehema aya nisa apith amaruwe watenawa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Koronawata minissu mathak unata minissunta corona amathakai,aparade parissam wena ayath duk windunawa.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Aththatma minissunt gaanak naa. thamanta lede nathi nisa minissu hithanne kisi aulk na kiyla
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ad remembers to keep wearing masks, to avoid the covid outbreak
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
තනියම පාඩම් කරනව කියන එක නම් කවදාවත් වෙන්නෙ නැති වැඩක්. එකතු වෙලා පාඩම් ගොඩක් ලේසියෙන් cover කරගන්න පුළුවන්
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔය නොසැලකිලිමත් කම covid පටන් ගත්ත කාලෙ ඉදන්ම තිබ්බ එක්කෙනෙක් කියල නෑ..සමහරු care කරන්නෙම නෑ..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit