ඉවරාආආආය් | 5% to SL Charity

in hive-133716 •  3 years ago 

මන් කිව්වනේ ඊයෙන් මන් පෙරුම් පුරන් ඉදපු විදියටම විබාගෙ ඉවර උනා. මන් කිව්වනේ මේ විබාගෙ මට එච්චර සාර්තක එකක් උනේ නෑ කියලා. ඒ ගැන කතා වැඩක් නෑ දැන් ඒත් ඉස්සරහා ගැන හිතන්නය් ඕන. 31 ඊලග සෙමෙස්ටර් එක පටන් ගන්නවා. ඒ කියන්නෙ හතර. විබාගෙන් පස්සෙ කරනවා කියලා හිතන් වැඩ දාහක් ඒ කාලෙ හිතුවත් බලමු මේ දවස් දහයට කොච්චර ප්‍රමානයක් කරගන්න පුලුවන් වෙය්ද කියලා.

මන් සාමාන්‍යෙන් විබාගේ ඉවර උන දවසට ෆිල්ම් එකක් එහෙම බලනවා සතුට සමරන්න. ඊයේ රෑ මට ඕන උනා ජයටම සමරන්න මොකද මන් සෑහෙන්න පීඩනෙන් හිටියේ වෙන විබාග වලට වඩා මේකෙදී. ජයටම සමරන්න හිතුවට මට මුකුත් ගෙනත් තියන්නත් අමතක උනා. මන් බලන්න හොද ෆිල්ම් එකක් යාලුවන්ගෙන් ඇහුවා. මන් කැමති සාමන්‍ය ජීවිතය පදනම් කරගනිපු ඒව බලන්න. ඒ කියන්නෙ පව්ල, යාලුකම් , ආදරය ගැන දේවල්. බාශාව නම් මොකක් උනත් කමක් නෑ. ඒත් ඉන්ග්‍රීසි ඒවට මන් සාමන්‍යෙන් ගොඩක් ආස නෑ. මන් කවදාවත් කැමති උනේ නෑ ගහගන්න, තුවාල කරගන්න, අසාමන්‍ය මිනිස්සු ඉන්න ඒව බලන්න ඉතාම විශේශ කීපයක් ඇරුනම.

සතුට සමරන්න බලන්න හෙව්ව නිසා මට ඕන උනේ සතුටු අවසානයක් තියෙන එකක්. ඉතින් යාලුවන්ගෙන් ඇහුවත් හම්බ උනේ නෑ හොද එකක්. ගොඩක් අය කිව්වෙ ටීවී සීරීස්. ඒත් මට ඕන උනේ රෑම බලලා ඉවර කරන්න එකක්. මට මැවිලා පෙනුනේ හොද කෑම ජාති ටිකක් වට කරන් ලස්සන ෆිල්ම් එකක් බලන විදිය. ඒ දේවල් දෙකම හරි ගියේ නැති නිසා තීරනේ කරා නින්ද හොදම සැපත කියල හොදට පෙරවන් නිදාගන්න ඒ වැඩේ පස්සට දාල.

තුන් වෙනි මාත්‍රාව ගන්නවද නැද්ද කියලා හිතාගන්න බැරුව හිටියේ. කැම්පස් එකෙනුත් ෆෝර්ම් එකක් එවල තිබුන ඒ ගැන තොරතුරු අහලා. යාලුවො ගොඩක් අය තුන් වෙනි මාත්‍රාව අරන් තිබුනා. ඉතින් ඕන දෙයක් වෙච්චදෙන් කියලා ඒක ගන්න හිතන් ගහන්න හැදුවෙ කලින්ම. එතකොට විබාගෙ අතර මැද නිසා අක්කා කිව්ව විබාගෙන් පස්සෙ ගහන්න කියලා සමහර අයට අමාරු වෙන නිසා ඒක ගත්තට පස්සේ. ඉතින් විබාගෙ පහු වෙනකන් ඒක කල් දැම්මා. සෙනසුරාදට මේ ලග තැනකින් තුන් වෙනි මාත්‍රාව ලබාගන්න පුලුවන් කියලා කිවේදනයක් ගියා. ඒනිසා අපි අද ටවුන් යන ගමන් කෝකටත් එතනට ගියා. පස් දෙනෙක් හෝ හය දෙනෙක් එකතු උනාම තමය් බෙහෙත් දෙන්නේ. වාසනාවට මන් යද්දි කට්ටිය ඉදපු නිසා මට ඉක්මනට ගන්න පුලුවන් උනා. බෙහෙත් එක දුන්නට පස්සෙ ඒ දුන්න කෙනා බුදුසරණයි කිව්ව විදියට හරිම ප්‍රසන්න හැගීමක් දැනුනේ. සාමාන්‍යෙන් රජයේ තැනකින් අපේ වැඩක් කරගන්න ගියාම ලැබෙන්න්ව් ගැස්සිලි එරවීම් බැනුම් එහෙමනේ. ඒත් මෙහෙම තියෙද්දි කොච්චර හිත් සතුටු වෙනවද.

20220122_124428.jpg

ඒක ගත්තෙ අද උදේ වරුවේ. ඒනිසා දැන් අත පොඩ්ඩක් අමාරුයි. උනත් වගේ පොඩ්ඩක් තිබුනා හවස. ඒනිසා අදත් වැඩේ කල් දාන්න වෙනවා.

මන් අර කිව්ව වගේ ෆිල්ම් දන්නවා නම් කියන් යන්නකෝ කට්ටිය🤭

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

there are more valuable, you can spare the time not to get into trouble getting that third dose.😊

Yes, that is why I waited until the end of my exam

Cartoon balanna mama wage 🙊. Hotel Transylvania: Transformania baluwa mm dawas dekakata kalin.

balann asai mn. ekak hoyagnn ona hoda 😎

මං තාම හිතනව තුන් වෙනි එක ගන්නවද නැද්ද කියල 🙈😂

mth godak kal hitha hitha idala me gaththe

I planned to get my booster on Feb month time...Lets see situation....

ඒක ගත්තෙ අද උදේ වරුවේ. ඒනිසා දැන් අත පොඩ්ඩක් අමාරුයි.

Aspirin , ehemath gannawaa kattiya....blood wala density eke ena issues walata...balannakooo...

I planned to get my booster on Feb month time...Lets see situation....

kalin covid haduna nisa poddak inna wewida danne na meka gahanna.

Aspirin , ehemath gannawaa kattiya....blood wala density eke ena issues walata...balannakooo...

Thank you ayye. mn blnnm

kalin covid haduna nisa poddak inna wewida danne na meka gahanna.

6m inna kiyalakiyanneh....

මන් අර කිව්ව වගේ ෆිල්ම් දන්නවා නම් කියන් යන්නකෝ කට්ටිය

oluwa helawila yanna hoda horror movie ekak balanna.🤭

Ewata mn bayaine😂 ninda yanneth na owa baluwama😂

😂😂

ඉවරයි කිව්වට තව කොටු තියෙනවා කාඩ් එකේ 😅🙈

මන් අර කිව්ව වගේ ෆිල්ම් දන්නවා නම් කියන් යන්නකෝ කට්ටිය🤭

මේක බලන්න 😋☝️

Haa thank you🥰

නෑ නෑ,තවම හතක් ඉතිරියි😁

🤣🤣🤣

Hammo😂 marila idi oya okkoma gahuwoth😂

අම්මෝ මගෙනම් අකමැතිම දෙයක් තම එන්නත් විදින එක ..මොන කරන්නද ගහන්නේ නැතුව ඉන්නත් බැනේ නේද ..කොහොම හරි ගහන්නත් එපැයි 😪😪😪

aragaththa ithin monawa karannada. godak aya asa na thamai

😥😥😥

ඉවරයි කිව්වට ඉවර නෑනෙ 31 පටන් ගන්නව නං..🤭

mewa iwara wenne na wage kawadawath. eth podi hari wiwekayakne

එහෙ බලල මෙහෙ බල්ද්දි rest එක ඉවරයි..