පහු වෙලා ගියේ ගොඩක් අමාරු සති කිහිපයක්. විශේශයෙන්ම පහු ගිය සතිය. ඒ සතිය ඇතුලේ නොවුනේ මන් මැරුන එක විතරය් කියල හිතල හිනාත් ගියා මතකය්.
අපේ තුන් වෙනි සෙමෙස්තරයෙ ඔක්කොම සිද්ද උනේ ඔන්ලයින්. විබාගෙ කියලත් වෙනසක් නෑ. විබාගෙ ලන් වෙද්දි අපි උන්නේ ඉගෙන ගනිපු දේවල් ගැන කිසිම අදහසක් නැතුව. පාඩම් කරන්න ගත්තත් කරගන්න අමාරු උනා හෙම්බත් වෙලා වගේ හිටියෙ. මේ ගැන මගේ ලගම යාලුවන්ට කියද්දි එයාල කිව්වෙත් ඒ දේමය්. ඉතින් ගෙවල් ලගම යාලුවො කිහිප දෙනෙක් එකතු වෙලා මාරුවෙන් මාරුවට ඒ අයගෙ ගෙවල් වලට ගිහිල්ල පාඩම් කරා විබාගෙට කලින්.
ඔන්න විබාගෙ ටිකෙන් ටික ලන් උනා. විබාගෙට දවස් දෙකක් වගේ තියෙද්දි අපේ ඉස්සරහ ගෙදර මාමා හදිසි අනතුරක් වෙලා නැති උනා. එදායින් තමය් හැමදේම පටන් ගත්තේ. එදා රෑ ඉතින් අපට නින්දක් නෑ. වාහන වල සද්දෙය් මිනිස්සුන්ගෙ සද්දෙය්. ඒ වගේම එහේ ලොකු බල්ලො දෙන්නෙක් ඉන්නව උන් දෙන්න කට පියෙව්වෙම නෑ නාදුනන අය එහේ යනව එනවනේ. ඕවගෙන් මට පාඩම් කරගන්න ගොඩක් බාදා උනා. අදටත් හරිම සද්දෙය් එහේ. ඉතින් අම්මල කිව්වෙ අපේ අය්යා කෙනෙක් ඉන්නවා මේ ලගක එහේ යන්න කියලා. හරියටම කිව්වොත් බන්ටුලගෙ ගෙදර. මාත් ඉතින් එහේ ගියා වෙන කරන්නම දෙයක් නැති බව තේරුනාම. මුල දවසේ රෑ කිසිම ප්රශ්නයක් තිබුනේ නෑ. ඒ අය හරි ආදරනීය අය. ඒ පොඩි බබාල දෙන්න මට කොහොමත් ආදරෙය් ගෙදර එන්න දෙන්නෙත් නෑ ගියාම. රැට පාඩම් කරන්න පටන් ගද්දි මට උනු උනු තේ දාපු ප්ලාස්ක් එකක් එක්ක රටකජු බිස්කට්, චොකලට් එක්ක කන්න ගොඩක් ජාති ලැබුන එහෙ අක්කගෙන්. ඉතින් එදා හොදට දවස ගෙවුනා.
ප්රශ්නෙ ආවෙ ඊලග දවසෙ. ඊට පස්සෙ දවසෙ රැ මන් කාල වැඩ කරන්න යද්දි මට සද්දයක් ඇහුනා. ජනේලෙ එහා පැත්තෙන්. මට බය හිතුන සෑහෙන්න. ඉතින් මන් අක්කට ගිහින් කිව්වම එයා ඇවිල්ල ජනේලෙ ඇරලත් බැළුව හැමතැනම. කව්ත් නෑ. මට ඇහුන සද්දෙ මොන වගේ එකක්ද කියලත් තේරුමක් නෑ බය උන පාර. කොහොම හරි මුකුත් අව්ලක් නෑ කියල තේරුනායින් පස්සෙ මන් වැඩ කරන්න ගත්තෙ අනිත් අයත් නිදාගන්න ගියා. ඒත් ටික වෙලාවක් ඉද්දි වටේම ඉන්න බල්ලො බුරන්න ගත්තා. කලින් දවසෙ එහෙම නැ. මට ඉතින් බය හිතුන. මට සැරින් සැරේ කර්ටන් එක දිහා බැලෙනවා. ඒක විනිවිද පේන්නෙත් නෑ ඒත් මට බයය්. අය්යලා මේ ලගදිනේ ගේ හැදුවෙ. එනිසා අර ලොකු උස ජනෙල් වල තවම ග්රිල් ගහල නෑ. අනික එදා ගෑනු අය විතරය් ගෙදර උන්නේ. අය්යා වැඩට ගිහින්. ඉතින් මට හරිම බය හිතුනා. මන් ගිහින් නිදාගත්තා ඒනිසා.
ඔය ඔක්කොටම වඩා ලොකුම අව්ල උනේ අම්ම පොඩ්ඩක් අසනීප උන එක. මල ගෙදර නිසා රෑට නින්ද යන්නෙ නැතිකම ගොඩක්ම මේකට හේතු උනේ. අපේ ගෙදර හැමදේම අඩපන වෙනව අම්ම අසනීප උනාම. ඩොක්ට කිව්වෙ අම්මට පොඩ්ඩක් විවේකය දෙන්න කියලා මේ ටිකේ. ඉතින් විබාගෙ අස්සෙ උනත් මට පුලුවන් හැමදේම මන් කරා මොකද අක්කගෙ ගෙදර නෑනේ. මට ලොකුම අව්ල උනේ උදේ නැගිටල උයන එක. ගෑස් පිපුරුන නිසා බයට ගෑස් නොගෙන ඉදල මේ ටිකේ දර ලිපේනෙ ඉව්වෙ. ඉතින් උයද්දි, වලන් හෝදද්දි දැලි ඇගේම. ඒත් කොහොම හරි ගෙදර දේවල් කරගන්න පුලුවන් උනා හොදින්. හොද වෙලාවට අපිට හැමදේම පුරුදු කරල තිබුනෙ අපෙ අම්මා. ගෙදර දොරේ ඕනම වැඩක්. ඒනිසා ගෙදර දේවල් කරන එක ලොකු දෙයක් උනේ නෑ. ඒත් නිතර ඒව අම්මගෙ අතින්මනේ වෙන්නෙ. ඒනිසා ඒව කරද්දි මහන්සී. අම්ම කොහොම හැමදාම මේව කරනවද කියල හිතුන මට මේ දවස් ටිකට. මට නම් එ වැඩ වලින් කොටසක් කරත් ඇගට වෙන දෙයක් කරන්නත් පන නැ.
ඔක්කොටම වඩා තිබුනේ තියෙන අමාරුකම් මානසික පීඩනය කියාගන්න කෙනෙක් නැතිකම. වෙන දෙයක් නම් ගෙදර අය එක්ක කියන්න තිබුනත් අම්ම අසනීපෙන් ඉද්දි ඕව කියල එයාව අප්සට් කරන්න ඕන උනේ නෑ. එපාර එයා අමාරුවෙන් හරි කරන්න ගන්නවා වැඩ. අක්කත් වැඩට යනවනෙ. මේ ටිකේ විබාගෙ නිසා වගේම ඒ යාලුවන්ටත් ගෙදර ප්රශ්න තිබුන නිසා මන් මගේ දේවල් හිතේම තියන් විබාගෙ ලිව්වේ. ඒකත් හොදය්. තමන්ගෙ දේවල් තමන්ම විසද ගත්තා කියලා හිතද්දි දැනෙන ෆීලින්ග් එක. ඒත් ඒ මානසික පීඩනය තනියෙන් දරාගද්දි දැනුන පිපිරෙන්න ඔන්න මෙන්න වගේ හැගීම දැනෙද්දි තමය් අමාරුම.
ඊලගට විබාගෙ. අමාරු කරන්න පුලුවන් උපරිමේටම අමාරුයි. ලමය් කොපි කරාවි කියල හිතල ගොඩක් අමාරු කරලා. පහු ගිය අවු වල පේපර් එක්ක බලද්දි තේරෙනව වෙනස. ඉතින් ඒ විබාගෙ මේ කරදර ඔක්කොම එක්ක හොදටම කරන්න පුලුවන් වෙන්න නම් මන් දෙවියෙක් වෙලත් මදී. මන් දැනන් උන්න මන් මහන්සි උන ප්රමානෙ වගේම මට මහන්සි වෙන්න ලැබිච්ච ප්රමානෙ හොදටම මදි කියලා. ඉතින් තීරනේ කරා පුලුවන් උපරිමෙන් කරනවා මොනවා කරන්නද කියලා. අර විබාගෙට කලින් එකතු වෙලා කරපු වැඩ ටික නැත්තන් විබාගේ මෙහෙම වත් කරගන්න වෙන්නෙ නෑ කියල විස්වාසය්. දැනට එක දිගට තිබුන අමාරුම කොටස ඉවරය්. මුලින්ම තිබුන විශය විතරය් හරියට කරගන්න පුලුවන් උනේ. තව තියෙන්නෙ දවස් තුනක විශයන් තුනක් විතරය්. බලමු ඉස්සරහට මොනව වේවිද කියලා.
මන් මගේ දේවල් හැමෝම එක්ක කියන්න කැමති කෙනෙක් නෙවෙය්. ඒත් මේ කිව්වෙ තමන්ට එපා වෙලා වගේ නම් තමන්ට විතරය් කරදර කියලා හිතෙනව නම් ඒක එහෙම නෑ කියල කියන්න. හැමෝටම ජීවිතේ අමාරුම කාල තියෙනවා. ඒව කවදහරි හරියනව. ඒ කාලවල් ඉවසන් ඉස්සරහට යන්නය් ඕන.
අවුලක් නැතුව විබාගෙ කරගන්න පුලුවන් වෙයි නංගි. අම්මා ටිකක් මහන්සි නොවී හිටියම එයාට ඉක්මනට හොද වෙවි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow den tikak adui akke. hoda wei balamuko
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අම්මත් ඉක්මනින් සනීප වෙලා ඔයාගේ exam එකත් හොඳට කරගන්න පුළුවන් වෙයි උපරිමෙන් කරන්න❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
උත්සහ කරනව අක්කෙ. හැමදේම හොදින් වේවි කියල හිතනවා
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Meka wenawaamai, eka sure...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒ කාලෙ ඉක්මනට ආවොතින් හොදය්
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Honda lamaineh oyalaa...baya wenaa epa.okkoma hariyanawa....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you ayye e wachana walata💖
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අම්මට ඉක්මනට සනීප වෙයි ඉතුරු subjects ටික හොදට ගොඩදාගන්න 😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow den me padam karanawa.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
need peace to do or work and whatever it is, you can get through this very easily, stay strong my friend.😊
Don't think too much about carrying burdens.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
I will stay strong🥰 Everything will be ok oneday❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒම කරේ නැත්නම් fluid, kinetics lept
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Krlath lept wge tmy😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මෙයාලට වඩා අර පොත උඩ ඉන්න පූස පාඩං කරනව වගේ....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
e ape tea time eka 😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Exam එක හොදට කරන්න පුලුවන් බය වෙන්ඩ එපෝ🤩🤩🤩....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
me para nm awl una sahenna
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😬😬විභාග ඔහොම තමයි .....මටනං හැම විභාගයක්ම අව්ල්🙊...ඒ උනාට දැනට තිබ්බ එව්වා නං පාස් උනා...වැඩ ටික කරං යන්න ...🤩🤩
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
mekath pass wei kiyala hithamukoo
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit