ඊයේ රඹුක්කන ප්‍රදේශයෙන් අසන්නට ලැබුණ පුවත නිසා මම විශාල කම්පනයකට ලක් වුණා. මොකද කියනවා නම් අවම බලය ලෙස සලකා නිරායුධ ජනයාට වෙඩි තැබීම නම් ඉතාම පිළිකුල් සිද්ධියක් විදියට මම දකිනවා. ත්‍රස්තවාදීන් ලෙස සලකා සිවිල් ජනයාට එල්ල කල මේ ප්‍රහාරය රටේ සියලුම මහජනයා හට පොදුවේ ඔබත් මමත් ඇතුළුව සියලුම දෙනාට බලපාන දෙයක්.
නිල ඇදුමක් පැලදී පමණින් තමන් වීරයෙක් වන්නේ නැති බව අපේ පොලිස් සහෝදරයන්ට මේ අවස්ථාවේදී කිවයුතුය. මන්දයත් පුහුණු කාලයේ සිට ලැබූ වැටුප් සියල්ල මහජන මුදල්ය, තවද නිල ඇදුම්, අවි ආයුධ සියල්ල මහජන මුදල් වලින සපයා ගත් ඒවාය. එසේ තිබියදී හුදෙක් ඉහලින් පැමිණෙන දූෂිත දේශපාලුවෙකුගේ නියෝගයක් නිසා සිවිල් වැසියෙකුට තම තුවක්කුව එල්ල කිරීම ඉතාම කණගාටුදායකයි.
නියෝග වලට වඩා තම හදවතට මදක් සවන් දුන්නේ නම් මේ තරුණ ජීවිත අපට අහිමි නොවනු ඇත. ඔවුන් අයද සිටියේ රටින් වෙනම රාජ්‍යක් නොවේ. ඒ නිසා මොවුන් භාවිත කල අවම බලය මෙය නම් ඉදිරිය ඉතාම ඛේදනීය වනු ඇත. ශ්‍රී ලාංකිකයන් නිවටයන් නොව තවමත් ඉවසමින් සිටින බව පාලකයා වටහා නොගත හොත් තත්වය පුරෝකතනය කිරීමට කිසිවකුටත් නොහැකි වනු ඇත.
iye ra oka oluwemai. monawa wela nawathiwida danne na anthimata
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
එක නම් ඇත්ත
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඇත්ත.මේ ඔක්කොම මුළු ලෝකෙම දකිනවා.🙄
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Aththatama eeka nam pilikul sahagatha kriyawak thama.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Worst case will be on June / july... Don't know how to bear it....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
yes brother this is our bad luck 😢😢
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Neethirakinna ona aya me widihata hasirenakota attatama ape rata yana peththa gena kalakirenawa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit