ඇතුවත් බෑ නැතුවත් බෑ

in hive-133716 •  3 years ago  (edited)


image.png
Source

සුභ දවසක් යාලුවනේ,


අද මම කියන්නේ අපි හැමෝම එදිනෙද භාවිත කරන සමාජ ජාල මෘදුකාංග කිහිපයක් සහ එමගින් අපට අනාගතයේදී ලැබිය හැකි වාසි සහ අවාසි පිලිබදව පොඩි පුරෝකථනයක්, ඉතින් අපි යමු මේ තිත්ත ඇත්ත ගැන කතා කරන්න. ඒවගේම කියන්න ඕනේ මේක හුදෙක් මගේ පෞද්ගලික මතය නිසා ඕනෙම කෙනෙකුට යම් නිවැරදි කිරීමක් කරන්න අවශ්‍ය නම් එකටත් උපරිම අවකාශය පවතින බවත් කියන්නට ඕනේ.

image.png
source

අපි බහුතරයක් දෙනා දවසේ ආරම්භක කාර්යය ලෙස උදැසනම සිදුකරන දෙයක් තමයි සමාජ මාධ්‍ය වල ඇති අලුත් දේ පිලිබදව යාවත්කාලීන වීම, නමුත් ඔබ දන්නවාද එමගින් ඔබට ඇති කරනු ලබන අහිතකර බලපෑම් පිලිබදව. මනෝවිද්‍යා ප්‍රවීණයන්ට අනුව මේ පුරුදු ඔබ අප ආතති තත්වයක් කරා ගෙනයාමට තරම් ප්‍රබල සාධකයක්. සරල උදාහරණයක් ලෙස ඔබ දකින සමහර ඡායාරූප සත්‍ය වශයෙන්ම ඔබ සිතන තරම් ප්‍රයෝගික සහ එදිනදා ජීවිත අත්දැකීමක් නොවන්නට පුළුවන් එහෙත් දවසේ ආරම්භයේදීම දකින මේ ඡායාරූපය නිසා ඔබ හීනමාන තත්වයකට මුහුණ දීමත් එය පසුව ආතති තත්වයක් දක්වා දුර දිග යාමටත් පුළුවන්.

image.png
source

නිසි භාවිතය පිලිබදව අවබෝධයක් තිබේ නම් සමාජ ජාල ඉතා වටිනා මෙවලමක් ලෙස හදුනා ගන්නට පුළුවන්. ලෝකය පුරා විහිදී විසිරී ඇති ජාලයක් නිසා පුද්ගල සබදතා වර්ධනයට උපකාරී වන මෙවලමක් විදියටත් හදුනා ගන්නට පුළුවන් බව අපි හොදින්ම දන්නවා. අනෙක් අතට දැනුම සොයන පිරිසටත් මන තෝතැන්නක් සපයනවා කිව්වොත් මම නිවැරදි. ඒත් හැමදාමත් වගේ මිනිස්සු භාවිතයේ සීමාවන් ගැන නොහිත පරිහරණය නිසා අද මේවයේ අහිතකර බලපෑම් වලට මුහුණ දෙන්නට සිදුවෙලා තියනවා. මෙහි අහිතකර භාවිතය ගැන සදහන් කරද්දී මම හොද උදාහරනයක් ඔබට සපයන්නම් ඒ අපි කව්රුත් දන්නා "tik tok" කියන මෘදුකාංගය. නිකමට හිතන්න රටවල් දෙකක් මේ tik tok app එක දෙආකාරයෙන් භාවිතකරනවා කියලා. එක රටක් තාක්ෂණික කරුණු මේ හරහා සමාජ ගතකරද්දී තවත් රටක් බොළද නැටුම් සහ විකාර රූපී දේ සමාජගත කරනවා, ඔබ හිතන්න වසර 10 පමණ ගත වීමෙන් පසු රටවල් දෙකේ ජීවත් වන පුද්ගලයන්ගේ මානසික මට්ටම් පිලිබදව. පැහැදිලිවම අන්තයන් දෙකක රටවල් දෙකේ පුද්ගලයන්ගේ මානසික මට්ටම් පවතිනවා. මේ නිසා නොදැනුවත්ව යන මේ ගමන ඉතාමත් භයානක එකක් බව නම් කියන්නටම ඕනේ.

සීමාව දැනගෙන පරිහරණය කරමු, ලෝකය ජයගමු.

-විකී-

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Hi, friend. I am forming a curation team for the "Finance & Technology" areas. If you still don't have a team and you are interested, you can write to me on discord: oscarcc89#4887

Kind regards

@oscarcc89 thank you very much for the kind request but now I have a team brother.

සමාජ මාධ්‍ය හරි විදිහට භාවිතා කරන්න පුරුදු උනොත් එකෙන් අපිට ප්‍රයෝජන රාශියක් ලබා ගන්න පුලුවන්.

අනිවාර්යයෙන්ම සහෝදරයා