ඇවිද්ද පය දහස් වටී

in hive-133716 •  3 years ago  (edited)

ඔයාල ඔක්කොම හොදින් ඉන්නවා ඇති කියල මම හිතනවා, ඉතින් අද මාතෘකාව පොඩ්ඩක් වෙනස් නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක තෙල් මිල සංශෝධනය නිසා ලියන ලිපියක් කියල; ඉතින් යාලුවනේ මේක එහෙම එකක් නම් නෙමේ. ඇත්තටම ඇවිදින එකේ වාසි ගැන පොඩි දනුවත් කිරීමක් කරන්න හිතුන නිසා ලියන එකක්.

image.png
Src

මේක ලියන්න කලින් මෙච්චර ඇවිදින එක හොදයි කියල දැනෙන හිටියේ නෑ, ඒ නිසා ඔයාල එක්ක මේ දැනුම බෙදා ගන්න හිතුවා. සෞඛ්‍ය සහ ජීව විද්‍යාව ගැන මගේ දැනුම නම් අල්පයි ඒ නිසා මේ ලිපියේ වැරදි තැන් තියනවා නම් මාව නිවැරදි කරන්න කියල මගේ උගත් මිත්‍රයින්ගෙන් මම ඉල්ලනවා. එහෙනම් අපි යමු ප්‍රධාන මාතෘකාව පැත්තට.

අපි අද වෙනකොට ගෙවන සංකීර්ණ ජීවන රටාව එක්ක අපේ සෞඛ්‍ය ගැන හිතන්න කාලයක් නැති වෙලා තියනවා. ඒ නිසා විවිධ බෝ නොවන රෝග පැතිර යාමේ අවදානමකට මුළු ලෝකයම මුහුණ දෙමින් සිටිනවා. ඉතින් මේ හැමදේටම සාර්ථක සහ සරල විසදුමක් හැටියට "ඇවිදීම" හදුනා ගන්න පුළුවන්. මානව දියුණුවත් එක්ක අපි පුරුදු වුනේ සෑම වැඩක්ම පහසු කරගන්නට උනත් ඒවායින් අතුරු ප්‍රතිපලයක් ලෙස ඉහත කී රෝග බහුල වෙලා තියනවා. මම ඔබ සියලුමදෙනාට යෝජනාවක් විදිහට ඉදිරිපත් කරන්න කැමති දවසකට අවම වශයෙන් පියවර 2000 කට වඩා ඇවිදින්න කියලා. ඔබට පියවර ගනින්නට අමුතුවෙන් අවශ්‍ය නැහැ මේ නූතන සමාජයේ බොහෝ දෙනෙක් සතුව අද වනවිට ස්මාර්ට් අත් ඔරලෝසු භාවිතවෙනවා. ඉතින් මේක විලාසිතාවකට පමණක් භාවිත නොකර තමාගේ ශරීරය පිලිබදව පිරික්සන වෙදදුරෙක් කරගතහැකියි.
දැන් අපි බලමු ඇවිදීමේ ප්‍රධාන වාසි කිහිපයක් ගැන.

  • හදවත ශක්තිමත් කරයි
  • දියවැඩියාව ඇතිවීම වැළැක්වීමට උපකාරී වේ
  • විටමින් D මට්ටම වැඩි කරන්නට උපකාරී වේ
  • එය බර අඩු කර ගැනීමට උපකාරී වේ
  • තරබාරුකම හා මේදය තැන්පත් වීමෙන් වළකයි
  • රුධිර සංසරණය වැඩි දියුණු කරයි
  • ඇවිදීම අස්ථි සෞඛ්‍යයට හිතකරයි

උදාහරණයක් ලෙස මගේ අද දවසේ පියවර ගණන සදහන් කලොත් එය මේ වනවිට 7376 ලෙස සටහන් ව ඇත. ආසන්න වශයෙන් 5km ලෙස ගතහැකිය. මේක කරන්නට බැරි දෙයක් ලෙස දැකීම වෙනුවට එක පියවරකින් ආරම්භ කරන්න.

sw.jpg

Screenshot (5).png
Src

මේ සම්බන්ධව ඔයාල හිතන දේත් පහලින් ලියාගෙන යන්න. ජය වේවා !

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මමත් try එකක් දෙනවා.watch එක දාගෙන toilet ම ගියත් කී පාරක්ද? 😝😝

toilet එකට එච්චර යනවා නම් මනුස්සයෙක් වෙන්න බැ😂😂

අඩේ ...එකෙන් කිලෝ මිටරයක්-දෙකක් cover බං

🙄🙄