කොහොමද ඉතින් හැමෝටම අද මම කියන්න යන්නෙ මම අහපු හරිම රසවත් කතාවක් ,මේක ටිකක් චීන සෙන් කතාවක් වගේ එකක්.
දවසක් විශ්වවිද්‍යාලයක උපාධිධාරීන් පිරිසක් තමන්ගේ පැරණි විශ්‍රාමික මහාචාර්යවරයා බැලීම සදහා පිටත් උනා.මොවුන් සියලුදෙනාම වෘත්තීයමය වශයෙන් ඉතා ඉහල මට්ටම්වල රැකියාවල නිරත වූවන්.මොවුන්ගේ පැමිනීමෙන් වයසක මහාචාර්යවරයා ඉතාමත් සතුටට පත්වුනා.ඔව්න් ආගිය තොරතුරු කතාකලා.ක්‍රමානුකූලව ඔව්න් කතාකල මාතෘකාව රැකියාව සහ ජීවිතය , ඒ ආශ්‍රිතව ඇතිවන මානසික පීඩනය දෙසට යොමුවුනා.රැකියාව සහ ජීවිතය පිලිබඳව ඔවුන් මුහුන දෙන ගැටලුකාරී තත්වයන් සාකච්චා කලා.මේ අවස්තාවේදී කෝපි පානය කිරීමට සියලු දෙනාටම ආරාධනය කල මහාචාර්යවරයා මුලුතැන්ගෙයට ගොස් විශාල කෝපි ප්ලාස්කුවක් රැගෙන ආවා.එමෙන්ම විවිද වර්ගවල කෝප්ප එකතුවක් සහිත ට්‍රේ එකක් ද කෝපි ප්ලාස්කුව අසලින් ගෙනැවිත් තැබුවා.එහි,පෝල්සිලේන්,ප්ලාස්ටික්,වීදුරු සහ ක්‍රිස්ටල් ආදී විවිද වර්ගවල කෝප්ප අසුරා තිබුනා.සමහරක් කෝප්ප ඉතාමත් මිල අදික ඒවා වූ අතර අනිත්වා බාල මට්ටමේ කෝප්ප උනා.තම තමන් වෙනුවෙන් කෝපි පිලියෙල කරගන්නා ලෙස මහාචාර්යවරයා සියලුමදෙනාට ආරාධනය කලා.සියලුමදෙනා තම තමන්ගේ කෝපි කෝප්ප පිලියෙල කරගැනීමෙන් අනතුරුව මහාචාර්යවරයා මෙසේ පැවසූවා."ඔබට නිරීක්ෂණය කරන්න පුලුවනිද මෙතන තිබුනු සියලුම මිල අධික දැකුම්කලු කෝප්ප ඔබ කෝපි පානය සදහා පාවිච්චිකරල තියෙනව කියල.ඒ වගේම මිලෙන් අඩු බාල කෝප්ප සියල්ලම මේසය මත ඉතිරිවෙලා"සියලුමදෙනා සිනහවකින් යුතුව එය අනුමතකලා.මහාචාර්යවරයා තවදුරරටත් කතාකලා."ඔබ සියලුමදෙනාටම අවශ්‍ය කරන්නෙ හොදම දේ,ඒ වගේම මිලෙන් අධිකම දේ,අන්න ඒ නිසයි ඔබ හොදම කෝප්ප තෝරගත්තෙ,"ඔහු මෙසේ ද පැවසූවා."අන්න ඒ නිසයි ඔබ රැකියාවේදී සහ ජීවිතයේදී බොහෝ මානසික පීඩනයන්ට ලක්වෙන්නෙ""හොදින් තේරුම්ගන්න,කෝප්පයේ මිල,හැඩය හෝ ප්‍රමානය කවදාවත් කෝපිවල රසයට බලපෑමක් ඇතිකරන්නෙ නෑ.ඒ වගේම කෝප්පය කොච්චර මිල අධික උනත් අපි බොන දෙය සගවලයි තියාගන්නෙ."සිසුන් මහාචාර්යවරයා දෙස බලාසිටියා."ඇත්තටම ඔබට අවශ්‍ය උනේ කෝපි පානය කරන්න.ඒත් නොදැනුවත්වම ඔබ තෝරගත්තෙ මිල අධිකම කෝප්ප."ඔවුන් එවිට එකිනෙකාගේ කෝප්ප දෙස බලමින් සිටියා."දැන් සිතන්න"මහාචාර්යවරයා සන්සුන්ව කතාකලා"ජීවිතය කියන්නෙ කෝපි කියල,""ඒ වගේම රැකියාව,මුදල්,තානාන්තර සහ සමාජය කියන්නෙ කෝප්ප වලට කියල""මේ හැමදෙයක්ම ජීවිතය පවත්වාගෙන යන්න උපකාර වෙන ආධාරක පමනයි.අපි අතේ තියෙන කෝප්පයේ වර්ගය කෝපි වල රසය හෝ ගුණාත්මකභාවය වෙනස්කරන්නෙ නෑ වගේමයි ඉහත මා සදහන් කල දේවල්වලට අපේ ජීවිතය තීරණය කරන්නත් බෑ.""බොහෝ අවස්තාවලදී අපි කෝප්පය පිලිබඳව අවධානය යොමුකරන්න ගිහින් කෝපි රසවිඳින්න අමතක කරනව.""ඒ වගේමයි ජීවිතයත්.""කෝපි රසවිදින්න,කෝප්පය නෙවෙයි,""ඒ වගේම ජීවිතයත්,ජීවිතය රසවිදින්න,රැකියාව ,නිලතල,මුදල් හෝ සමාජය නෙවෙයි"....................................................................ලෝකයේ සතුටින්ම ජීවත්වෙන මිනිස්සුන්ට හැමදේකම හොදම දේ නැහැ.නමුත් ඔව්න් සතු හැමදෙයක්ම හොදම දේ බවට පරිවර්තනය කරගන්නව.සරලව ජීවත්වෙන්න.
Please post your achivement 01 post first.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
aaa , what is achivement 1 post?
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
You have to do a proper self introduction with a photo. Please follow the original instructions given in this post
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit