මතකයෙන් බිදක් | 10% For SL-Charity

in hive-133716 •  3 years ago 

අපි සැවොම තරුණ වු නමුත් තවමත් ජිවිතෙ සුන්දරව ගෙවුන කාලයනම් ළමා කාලයමය.බරක් පතලක් නැති කෙළිලොල් අවධියෙ අපට එ හැටි ගැටලුවක් නම් නොවන්නට විය.කාලයත් සමග විවිධ හැල හැප්පිම් මැද ගලාගිය ජිවිතය කල් යත්ම කුමක්ද කියා වැටහෙන්නට විය.නමුත් අදටත් කලින් මතකයට හිත දුවන විට හිතින් මොහොතකට පවා ළමයකු වන්නට මටනම් හැකිය.

එකල මට මතකය මා හට අවුරුදු 9ක් වු කල වරක් මාගෙ මැණියන් සමග මිත්තණිය බලා එන්නට ගිය ගමන.කුකුළා අතින් ගෙන බසයට ගොඩ වුයෙ යාමට ඇති දුර බොහො හෙයින් රෑ බො වන්නට කලියෙන් එහෙට ලගා විමට ඇති වුවමනාව ඇයට ඇති නිසාය.මාගෙ ප්‍රියතම බස් රථය වන කොහො බස් රථයෙ රියැදුරු අසුන පිටුපස සිදගෙන යාමට ලැබිම එකල මා ලද විජයග්‍රහණයි.එකල ලංගම කහපාට බස් රථයට මා ඇමතුවෙ එ නමින් ය.මවගෙ අලුයම පිටත් වු ගමනට පිං සිදු වන්නට මා එදිනත් එම ජයග්‍රහණය ලද ජයග්‍රහකයකු විය.ගමන් පිටත් වන විට ඩ්‍රයිවර් මහතා වෙගයෙන් බසය එළවා යන විට මට මහත් සියුම් ආඩම්බරයක් දැනෙන්නට විය.මා එතනට වි සිටගෙන ඔහු එළවන දෙස බලා සිටින්නෙ නොඉවසිල්ලෙන් ය.එවිට ඔහු මා දෙස බලා හිනාවන විට මට ඔහුව පෙනුනෙ ඉතා උසස් මිනිසෙකු ලෙසය.මේ බස් උණ නිසාම එකල මා හට සිතුණෙම ලොකු වි කවදා හෝ මේ වගෙ බස් රථ රියැදුරෙක්ම වන්නමය.ඉතින් මා බස් රථයක් ගමන් ගත් පසු නිවෙසට විත් ගේ ඉදිරිපස ඇති බැම්මට වී ඉතා හයියෙන් කෑ ගසමින් බස් රථ එලවන්නට විය එහි අවසාන ගමනාන්තය වන්නෙ උගුරෙ අමාරුව සැදී එය සුව වන්නට කසාය බිමෙනි.

ඉතින් කෙමින් කෙමින් අප මිත්තනියගෙ ගම් පියසට හවස් වන විට පිවිසිය.එහි නැවතුමෙන් බැස් ගත් අපි ගම ඇතුලට පා ගමනින් යා යුතුය.එය බොහො සෙයින් දුශ්කර ගමන්ක් විය අබලන් වු පාර හා එ අවට ඇති කැලැව සවස් යාමයෙ එන සතුන්ගෙ යම් යම් සද්ධ එකල මාව බිය කිරිමට හොදටම සමත්ය.නමුත් මාගෙ මව ළඟ සිටිම නිසා එවැන්නක් දැනිම සිමා සහිතය.කුඹුර මැදින් ඇවිද විත් ඇති ඇල පාරෙන් එගොඩ යාමට ඇති එදණ්ඩෙන් එගොඩ ආ විට කරුණාවතිගෙ නාවතැන පෙනෙන්නට විය.කරුණාවති යනු මාගෙ මිත්තණිය.එහි යන විටත් නිවස ඉදිරියෙ ඇති අඹ ගස යට ඇති බංකුව මත හිද පුරුද්දට සපනා විට සපමින් සිටි ඇය මා දුටු මොහොතෙ උන් හිටි තැන් පාවා අමතක විය.ඇය මටත් කලියෙන් දුව ආවෙ පොඩි කාලෙ පටන් ඇය අතින් සැදුණු මුනුබුරාට ඇති ප්‍රෙමයට.

"අනෙ මගෙ කොලු පැටියා ඇඳිලා ගිහින් තොපි මෙකාට කන්න දෙන්නෙ නැද්ද හරියට"

ඈ මා බදාගෙන ඉඹිනා අතර මගෙ මවට දොස් පවරන්නෙ එලෙසය.මා ඇතෙකු මෙන් මහතට සිටියත් ඇයටනම් මා සැමදා පෙන්නෙ පඩරැලක් ලෙසටය.එය සියලු මිත්තනියගෙ ප්‍රෙමණිය ගතියකි.ඉතින් ඉක්බිතිව ඈ අප ඇයගෙ නිවස තුලට ගෙන ගොස් දිව යන්නෙ කුස්සියටය.මැට්යෙන් තනා බිම ගොම අතුරා ඇති එහි ඇති සිතල ගතියට මා එකල බොහො සෙයින් ප්‍රිය කලෙය.ඇය පසුපස ඇදුන මා ඇය ලගට වි උන්නෙ ඇයගෙ හුරතලයට මා එකල ආස බැවින්ය.

ඉතින් පසු දින උදාවිය.ඉතින් එ මොහොත මාගෙ ගැමි සංචාරය ආරම්භ කිරිමට මොහොත බැව් මා දන්නෙය.අල්ලපු ගෙදර ඉන්න ලොකු අම්මාගෙ පුතා සමගින් මුලිංම යන්නෙ ඇල ඉවුරටය එහි සිටින මාළුන් ඇල්ලිමටත් ඉන්පසුව කුඹුර වටෙ ඇවිදිමටත් ඇලට පැන දියබුන් ගැසිමට අත මිට මොලවන් සිටින කාසි කිපයෙන් කඩයට ගොස් කඩයප්පන් කැමත් එකල මාගෙ දින චාර්‍යවෙ කොටසකි.තවත් ප්‍රියතම කරුණක් වන්නෙ පොත පතෙහි වැඩ වලින් මෙ දවස් වල මා නිදහස් විමය.

"මෙහෙ වරෙන් කොලුවො කාලා ඉදින් නටන්න කළියෙන්"

බිඳුණු හඩකින් ඇසුණු අත්තාම්මාගෙ සවන් කන වැදුනු මා ඇළ ඉවුරෙ සිට අඩියට දෙකට කුස්සියට ආවෙය.ඒ එන විටත් ඇය මැටි කොප්පයට මා කැමති ආකරයට සැදු බඩ ඉරිගු රොටියක් බෙදා තිබුණි.එ දැක මගෙ කටට කෙල උනන්නෙ ඉබෙටය.ගමේ සංචාරයට මම කැමති එක හේතුවක් තමා ඔය එ අත්තාම්මාගෙ අතින් හදන කෑමක රහ බැලිමට ලැබිම.දෙයියනෙ කියලා උන්දැගෙ අත්ගුණෙ ගැනනම් කියලා වැඩක් නැහැ.කටට දෙකට රොටිය ගිල දැමු මා නැවත ඇල ඉවුරට දිවාය.


source

එ යන විට ලොකු අයියා කලිසම් කොටෙකින් සැරසි කිතුල් පිත්තකුත් රැගෙන මාළු බැමට ඇල කොනට ඇවිත් උන්නාය.එය දුටු මා හට මාළු බෑමෙ ආශව ඉහ වහ ගියෙය කෙලින්ම දිවෙ එතනටය.ඔහු මළු බැමට අවශ්‍ය සියලු දැ ගෙනවිත් අවසන් මා හටත් මාළු බෑමට ආශවක් ඇති වු නමුත් පණුවන් බිලි කොක්කෙ ඇමිනිමෙ කාර්ය කිරිමට පසුබට වෙන බවින් මා එයට උත්සාහ නොකරෙය.ඉතින් ඔහු දැමු ඇම කැමට මාළු ලහි ලහියෙ පොර කමින් සිටියෙය.ඔවු මාලු කොක්කෙ ඇමිණිණු පසු ගොඩට ගෙන ඉවත් කරන හැටි දුටු මා හටත් එ වීර ක්‍රියාව කිරිමට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලා නාහෙන් අඩා වැටෙන්නට විය .අවසානයෙ එහි ප්‍රථිපලය ලැබෙන්නට වුනා.

ඔහු ගොඩ ගත් මාළුවා ඔහු ඇද ලගට ගැනිමටත් ප්‍රථම මා එය ඇද ගෙන ගැලවිමට උත්සාහ කලෙය.ගතවුවෙ තප්පරයකි එ අවට පරිසරයෙ නිහැඩියාව බිදි ගොස් මා බෙරිහන් දෙන හඩ ගම පුරා රැව් දෙන්නට විය.සිදු වුවෙ කුමක්ද කියා මා හටද සිතාගත නොහැකි විය.මගෙ බෙරිහන් දිම ඇසුනු අත්තම්මා ත් මවත් විදුලි වේගයෙන් ඇළ ලගට දිව ආවෙය.

අත්තම්මා මා වෙදනාවෙන් මිරිකි යටිගිරියෙන් කැගසනු දුටි විට හැඩු කදුලින් මා ලගට විත් මා අත අතගාන්නට විය.වචනයක් වත් කතා කරගත් නොහැකි වේදනාවකින් මා එ වන විට පෙලෙමින් සිටියාය.

නිවෙස වෙත ගෙනවිත් බුරු ඇද මත මා හන්සි කරවා රතු ලුණු ද හුණුද උලන්නට විය.එවිට අයියා ඇත සිට සිනාසෙමින් නිවස දෙසට එන්නට විය.

"අත්තම්මෙ මල්ලිට හුංගෙක් විදලා"

එසේ කියමින් ඔහු කොක් හඩලා සිනාසෙන්නට විය.ඉතින් එතකොට තමයි සැමදෙනාටම මා බෙරිහන් දුන් කාරණය වැටහුනෙ.හැමොම සිනාසෙමින් මා කැගසන දෙස බලා උන්නෙය. අවසනායෙ එවර මාගෙ ගමේ නිවාඩුව ඉවර වුවෙ හුංගෙකුගෙ ප්‍රහාරයකට ලක්ව අසනිප විමෙනි.

එවැනි සුන්දර මතකයන්නම් බොහොය .හිතින් තවමත් එවා විඳිමින් සැනසිම අපේ හිත්වලට තවකාලික සැනසිමක් හැමවිටම දැනෙන්නෙය.එය මට මෙන්ම ඔබටද එසේමය.

ස්තූතියි


source

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

කියවන් යද්දි වෙනමම ලෝකෙකට ගියා.... බස් කතන්දරේදි නම් මට මගේ මල්ලිව මයි මතක් වුණේ ... ඇත්තම කිව්වොත් අදටත් බස් පිස්සෙක් 😂 ඩ්‍රයිවර් ගේ සීට් එක ලග යන එක වීරකමක් වගේම වෙන වාහනයක් පාස් කරාම මාර ජයග්‍රහණයක් ලැබුණා වගේ තමා එයා හැසිරුණේ. ඔයත් එහෙම වෙන්න ඇති.... 🚌

එකනම් පිස්සුවක් තමයි පපුව රිදෙනකන් කැගහනවා මම බස් එකෙ සද්දේ ගන්න එ කාලෙ 😂😂

This is so beautifully written. 🤗 All these events were made like a film. I think it would be nice if you could try to write a short story or something like that.

Thank you so much 😁 for sure i will write.

Dear @dushantha,මේක ලියමනක් විතරක් නෙවේ... ජීවිතය.. මමත් අත්විඳි ජීවිතය මෙයයි.. ඒත් දැන් කොයිතරම් artificial වෙලාද අපේ ජීවිත. ගහක් කොළයක් හෙළවෙන දිහා බලල පවා නිරාමිස සතුටක් විඳපු අපි ගස්වල කොළ තියෙනවාදවත් නොදන්නා තරමට busy වෙලාය. පෝය හඳ මෝරන විදිය බලන් ඉඳපු අපි දැන් හඳ පායනවාදවත් නොදන්නා තරමට posh වෙලාය...
කුප්පි ලාම්පුවෙන් පාඩම් කරල ශිෂ්‍යත්වය පාස් කරපු මට දැන් විදුලි එළිය නැතොත් ඇස් දෙකවත් නොපෙනෙනව විතරක් නෙවේ කන් දෙක ඇහෙන්නෙත් නෑ වගෙ අංගවිකල වෙලාය. Fan එකේ හුළං නැතොත් මට හුස්ම ගන්න oxygen නෑ වගේය.
ගමවත්, හමන හුළඟවත්, පායන හඳවත් වෙනස් වුනේ නැත. වෙනස් වුනේ අපිය.
කිරි අම්මා, කිරි අත්තා මැරිල වුනත් අපේ දරුවන්ට ඒ ලෝකෙ පෙන්නන්න අපිට බැරිකමක් නැත. නැත්තේ අපිට හැඟීමය. Online ලෝකෙක දරුවො හිරගත කරල අපි අපේ හීන අහුලනව හැල්මෙ දුවමින්. අනේහ් මේ හැඟීම් ලියමන් වලටම විතරක් සීමාවෙන එකත් දරාගන්න අමාරුයි..system එකට වැටිලලු අපි. පුලුවන් විදියට අපේ පැටවුන්ට අඩුම ගානෙ මඩ ටිකක් හරි නාගන්න දෙමු. උන් ලෙඩවෙන්නෙ නෑ නිරෝගී වෙනව මිසක්. සොබාදහම රකිනවා නිරන්තරවම. අපි රැකුනෙ සොබාදහමින්. ඇලේ වතුර පවා බීපු අපිට අනේ බඩේ කැක්කුම් ඇවිත් නෑ පොඩිවුන් කාලෙ. මේ ලෙඩ වසංගත ඔක්කොම අපි සොබාදහම අතෑරපු නිසයි. සොබාදහමත් අපිව අතෑරලා😓😓😓

ඇත්ත ඔයාගෙ කතාව 100% ම .අපි දැන් එහෙම ජිව්තයක් විදින්නෙ නැහ්.ගොඩක් දේවල් මග ඇරිලා අපිට.ඉදලා හිටලා හෝ අපි විදපු ජිවිතෙ දැන් ඉන්න ළමයින්ටත් විදින්න ඉඩ දෙනවානම් ගොඩක් වටිනවා ❤

සත්තකින්ම....💕

dan inna lamainta wada 80 -90 warsha wala ipaduna lamainge lama kalaya athi sundarai,gamaka ipudunu mamat e sundara lama kalaya bohoma satutin ath winda.

ඔව් එකනම් ඇත්ත.එ සතුට දැන් ළමයින්ට නෑ එ දේවල් ගොඩක් ඈත් වෙලා දැන් 😒😒

Me kiyawu siyalu denata hithune nedda a mathakayan ape podi ayatada laba diya yuthu bawa.....

අනිවාර්යයෙන් කරනවානම් වටිනවා එක

කතා පොතක් කියෙව්වා වගේ ඒ තරම් ලස්සනට ලියලා 🥺💚

ගොඩක් ස්තුති 😁😁

Love this story ❤️

Thanks

Maru!!! godak dewal ekka mageth mathakayan apassata adila giya...

ඇත්ත එ මතක තවමත් අපිව ජිවත් කරවනවා

Woow ඒක ලියපු විදියට මට ඒ අවස්ථාව මැවිලා පේනවා. හරිම ලස්සනයි

ස්තුති 🙂

Your post has been upvoted by Steem Sri Lanka Community Curation Trail.

Steem Sri Lanka Discord Channel

✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵

Join With
steem-sri.lanka
Curation Trail For Better Curation Rewards