කටුක මතකයන් අතර හිත තව එහෙ මෙහෙ දුවයි . විඩාබර හිතින් තවමත් සැනසිමක් සොයා කාලාන්තරයක් පැරණි මතකයන් සොයා ඇදෙයි.ජිවිතෙ අමාරු තැන් එමටයි නමුත් මේ තැන කුමක්ද ?? ජිවිතෙ ගැටගහන්න තරම් උවමනාවක් තවත් නැත . නමුත් හිත එක් ඇසිල්ලකින් ඇදි යන්නෙ මා වෙනුවෙන්ම ජිවිතෙ කැපකර පරඩැලි වි ගිය සිරුරුක්වෙතය.ඇය මාගෙ මැනියන් ය. මා කුඩා කල තම ස්වාමිය අහිමි වුණු ඇයට ජිවිතෙ බර තනිව අදින්නට වුණාය. ඉතින් දැන් මේ කාලය ඇය වෙනුවෙන් කලගුණ ඉටුකල යුතු කාලය නොවෙද?? ඉතින් දෙවන්ගී මා හට සමාව දෙනු මැනවි . ඔබ සොයා එමට හිත කෑ ගසා කිවාත් මා වෙනුවෙන් හුස්ම වැටෙන ජිවිතයක් ඇත තව මා හට බලා ගැනිමට.ඉතින් ඈ වෙනුවෙන් මා ජීවත් විය යුතුයි.
අදට වසරක් 5ක් පමණ ඔබ නැතිව මා තනිවි ඇත.නමුත් සිදු වු සියල්ල අද ඊයෙ මෙන් හිතෙ චිත්‍රාරූප වේ.
"අද යනවා මම මගෙ පණ ටිකව බලන්න"
මගෙ හිතින් මා හටම පවසාගත්තෙය.බොහො වෙලාවක් ඇස් අගින් පැන එලියට එමට දතකන එක් කඳුළු බිදුවක් කේසෙ හෝ වෑයම් කර එලියට ආ නමුත් මා එය විගස පිසගනිමින් රාජකාරියෙ යෙදෙන්නට වුණා.ඉතින් වෙලාව අහවරය පොරොන්දු වු පරිදි මා ඇය බැලිමට එලියට ආවෙය.ඇය කැමතිම වෙරළු අච්චාරුවත් මිලදි ගෙන මල් මිටක් ගෙන ඇය තනිවි සිටි ඉසවුව කරා පියමැන්නෙ ඈ දකින සතුට හිතෙ පුරවාගෙනය.මා එන දුටු බව ඈ ඇත තියා දකින්ට ඇති බව මට දැනෙන්නට විය .ලගට ගොස් ඇය වැතිර සිටින සොහොන් කොත ළඟ මා ගෙනා ආ සියල්ල තබා ඈ සමග අප ගත කල සුන්දර කාලයක් පසක් කරාය.ඈ හට මා ඇමතිමට නොහැකි මුත් මා අමතන සියල්ල ඇ මා ලගට විත් අසා සිටින බැව් මගෙ හිත තවම පිලිගනි.
කාලය කොතරම් ඉක්මනින් ගතවේද???වෙනදාට මං දැක දුවඑන රූව මා හට දැන්නම් දැකිමට නොහැකිය.අත් අල්ලා ගියා මාවතෙ අප හැර ආ ගිය සියල්ලන්ම තවමත් යන්නෙය.ඇය හා මා හමුවුණු මැයි ගස යට අදටත් පිපි පරවෙන මල් මා දකී.එ ගස් අතර සිටින කල හමා එන සුළඟට මුව මත දගකරන කෙහැරිලි නවතන්න මා ගන්න උත්සාහය දුටු විට වතෙහි නැගෙන හිනාව අද දකින්නට වරම් නැත.
"ආ මහත්තයා අදත් ආවාද"
ඉක්බිතිව ඇසුණු කටහඩින් මා හීන ලොකයෙන් එලියට ආවෙය.එය මා හට හුරු පුරුදු රුවක් විය.කේඩෑරි වෙච්චි ශරිරයක් සහිත මහන්සි පෙනුමක් ඇති ඔහු නමින් සිරිපාලය.ඔහු තමා මේ සොහොන් බිම බලා කියාගන්න තැනැත්තා .දෙවන්ගී බැලිමට පැමිණි මෙ වසර 5 කාලය තුල මොහොතකට හෝ ඔහු මාගෙ තනිය මැකිමට පැමිණියේය.ඉතින් මොහොතක් ඔහු සමග කතා කර ඇයගෙන් මෙන් ඔහුගෙන්ද සමුගෙන නිවෙස වෙත නැවත එන්නට විය.
ඉතින් බස් රථයට ගොඩ වු මා විඩාබර මනසින් එය මත වු අසුනකින් වාඩි වී ඇත පෙනෙන ජනෙලයෙන් එලිය බලා එන්නට විය.අතර මග මා දුටු සමහර දසුන් මා අතිතයට ගෙනයන්නෙ ක්ශනයෙනි.
"සුදු මහත්තයා හෙට උදේම මම එනවා අපි අර කියපු ගමන හෙට යමු"
පෙර දිනයක රාතියක මා අමතා ඈ පැවසු වචන කිපයයි.පසුදින උදාවිය ඇය උදෑසනම මා හමුවිමට නිවසින් පිටත් වි අප හමුවන උද්‍යානය මත බංකුවට වී හිද සිටින අයුරු මා දුටුවාය.මා දුන් සුදු ගවුමද ඇද ඈ පැමිණි සිටියෙ පන්සල් යෑමටය.මා ඈ ලගට යනවිටත් කල්පනා කරමින් ගියෙ ඇය වගෙ දෙව්දුවක් මාගෙ විමට තරම් මා කොතරම් පිං කල යුතුද කියාය.
" අනේ ඔයා ආවාද සුදු මහත්තයා"
ඈ මා දුටු විය දුව විත් පපුව මත හිස තියා තුරුළු වන්නට විය.මගෙ දෑත් වලින්ද මා ඈ තදකරගත්තෙ හිතෙ උතුරන ප්‍රෙමය නිසාවෙනි .ආදරෙන් මොහොතක් ගුලි වු අප දෙදෙනා මගෙ මොටර් රථයට ගොඩ වි පන්සල බලා යෑමට පිටත් විය.
අප දෙදෙනා අපේ අනාගතය ගැන දොඩමින් මහත් සතුටින් අපෙ ගමන් යන්නට විය.ඇයගෙ කියවිල්ල පොඩි එකෙක්ගෙ මෙන් ය.ඇ පවසන වචනයක් පාසාම එයටම ආවෙණික වු හුරතලයක් ඇත.ඉතින් මා නම් එයට බොහො සෙයින් වශි වී වුන්නෙය.එසේ ඉදිරියට ඇදෙමින් සිටි අප වෙත හදිසියෙම දෛවය දුන්නෙ අමුතු තිලිණයකි.
අප ඉදිරියට වේගයෙන් ඇදි ආ ලොරි රථය මොටර් රථයෙ ගැටි පාරෙන් ඉවතට විසි වන විට අප පාරෙන් ඉවතට ගොස් වැටුනෙ ගල් තලාවකින් පිරි හෙලකටයී.එ මොහොතෙ මා ඈ මා ලගට ගැනිමට නොදැරු උත්සාහයක් නොමැත ගතවු එක් නිමෙශයකින් අප මෙතෙක් කල් ගොඩ නගමින් සිටි කුරුළු කුඩුව කැඩි බිදි යන්නට විය.එ මොහොත මා ඇයගෙ මුහුණ දුටු අවසන් තප්පර කිහිපය විය.
දවස් ගණනකට පසු මා නැවත සිහිය ලැබු විට එ දැස් සොයන්නට විය.මා වටකර සිටි සියල්ලන්ගෙම මුහුණෙ මා දුටුවෙ එකම වේදනාවකි.මගෙ මව මා අසල විලාප තියමින් උන්නෙය.මගෙ යාලුවන්ද එහි විය නමුත් එක් හිස්තැනක් විය එ ඇයය.ඇයට කුමක් වුවාද යැයි මා අමාරුවෙන් වචන ගලපා විමසා සිටිමුත් පිලිතුරු දෙන්නට එහි කිසිවෙකු සමත් වු බවක් නොපෙනෙ.සියල්ලන්ම හඩමින් සිටියා පමණි.අවසනායෙ සියලු තතු මා දැනගත්තෙය.මා කොතරම් අවාසනාවන්තයෙක් ද කියවනවානම් ඇයව අවසන් වතාවටත් දැකිමට මා හට පිනක් නොවිය.මා හට සිහිය එමට දින කිහිපයකට කලින් ඇගෙ අවසන් කටයුතු පවා සිදු කර තිබුණෙය.මුළු ආත්මයක් කැපකර ප්‍රෙමය පුදකළ ආදරණිය යුවතියට සමුදිමට නොහැකි අන්දමෙ කුරිරූ ඉරණමක් මා හට තිබුණෙ පූරූවෙ කල පවක් නිසාදො කියා නොහැගුණා නොවෙ.හිත උපන් දුක වචනයෙන් කිව නොහැක එය අදටත් එසේම කාළය කොතරම් වේගයෙන් මා පසුපස කරගියත් ඇයගෙ මතකයෙන් මා තවමත් ළදරුවෙකි.
බසයෙන් බැසගත් මා ඇයගෙ මතකයන්ගෙ රිදුම් දෙන මනසින් යුතුව නිවෙස බලා යන විට ගේට්ටුවෙන් ඇතුල් වෙන වන විට දුටු රූවෙන් හිත කිරී ගැහෙන්නට විය.මා එනතෙක් පෙරමගට බලා සිටිනා මැණියන් දුටුවාය. මා දුටු ඈ සිනාහවකින් මුව සරසාගෙන මා ආ මගට ඇවිද එන්නට විය.ඉතින් කෙලෙස මා අතහැර ඇය ලගට යන්නද ඉතින් දෙවංගි මා හට අප ආදරය නිසාවෙන් ආත්මාර්ථකාමී වී ඔබ සොයා ආ නොහැක ඇය ගැන උපන් ප්‍රෙමය මා ජිවත් කලයුතුමය.මා වෙනුවෙන් තවමත් ඇය ජිවත් වන්නෙය.ඉතින් ඔබද එය වටහාගෙන මා වෙනුවෙන් සමාව දෙනු ඇතැයි මා සැමදා සිතින් සිතුවාය.පෙරමගට ආ මව තුරුළු කරගත් මා මුවට සිනාවක් මවාගෙන ඇය සමග නිවෙස වෙත ගියෙ ඇය වෙනුවෙන් මාගෙ ජිවිතය කැපකරන බව මගෙ සිතටම පොරොන්දු දිමෙනී......
ඉතින් සමහර ආදර කතා එසේය.කැපකිරීම් නිසා හිතින් නිහඩවම ආදරය කරන්නාවුන් අප අතර ඔනැතරමට සිටි.ඔවුන් අපිට හැමදා පවසා සිටින්නෙ කෙනෙකුගෙ වෙන්විමකින් සෑබෑ ආදරයක් අවසන් නොවනා බවයි. ඔවුන් අතර කොයි තරම් බාධා තිබුණද කෙදිනකවත් එය ඔවුනට ප්‍රශ්නයක් නොවන්නෙය.ඉතින් ආදරය එසේය.එය කවදාවත් නිමා නොවන්නකි
තවකෙකුගෙ ජිවිතයෙන් උපුටාගත්තකි...🙂🙂
This is so beautiful. 💖 First I thought that the dead one is mother. No it's not. Nicely written!!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you so much 😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit