ගොපලු යකා

in hive-133716 •  3 years ago 

හරි අද මම මේ කතා කරන්නෙ අපි හැමොම දන්න කියන යකෙක් ගැන.👹👹පොඩි කාලේ ඉදන් හැමොම අඳුනන යකෙක් ගැන.අදුනන යකෙක් කිවාම පුදුම වෙන්න එපා හැමොම දන්නවානෙ ගොපලු යකා කිවාම, ගොඩක් අයට මෙයාගෙ නම කිව ගමන් මතක් වෙන්නෙ රන් කෙවිට චිත්‍රපටය. මට උනත් එහෙමයි ඕක බලපු දවසෙ ඉදන් ඔළුවෙ වැඩ කරෙ මේ ගොපලු යකාගෙ කෙවිට ගන්න විදිහක් ගැනයි.ඔක ඉතින් එ කාලෙ කොයි පොඩි එකාගෙත් හිනයක්නෙ.හරි අපි දැන් බලමු ඇත්තටම කවුද මේ ගොපලු යකා කියන්නෙ කියලා ඔයාලා බලනවා ඇති ඇයි එක පාරම මේ වගෙ දෙයක් ගැන කතාවක් ආවෙ කියලා. මේ දවස්වල ඉතින් කවුරුත් ගේවල්වලමනෙ මේ දවස් වල ඉතින් ගෙවල් වල විවිධ විවිධ කතා ඇහෙනවා මෙකතෙ වගෙ ඇඳිලා ආපු කතාවක් අපේ අම්මාට අපේ අත්තම්මා කියපු අත්දැකිමක් කියලා තමයි අපිට කිවෙ.ඔන්න එහෙනම් අත්දැකිමෙන්ම අපි කතාවට යමු.

Screenshot 2021-06-14 043402.png

source

එච්චර ලොකු දෙයක් නෙවෙ අපේ අත්තම්මා කෙල්ල කාලෙ උන්දැලාගෙ ගෙදර හරක් පට්ටියක් ඉදලා තියෙනවා. දැන් වගෙ නෙවෙ එ කාලෙ ඉතින් හරක් පට්ටියක් බලාගන්නවා කිවාම හරිම පිලිවෙකලට කරන වැඩක්නෙ.ඉතින් අත්තම්මාගෙ තාත්තා තමයි කිරි දෝවල ගමට කිරි බෙදන්නෙ උදේට ඉතින් උන්දෑ පාන්දරම එ රාජකාරියට පිටවෙනවාලු මොකද කිරි බෙදලා ඉවර වෙලා පාන්දරින්ම හේනට යන නිසා.කොමහරි ඔම දවස් ගෙවෙනකොට අත්තාම්මාගෙ තාත්තා පාන්දර ගමනක් යන්න තිබුණු නිසා පාන්දර තුනට පමණ අවදි වී හරක් පට්ටය පැත්තට ගිහින් තියනවා. මුංදා හෙමින් හෙමින් හරක් පට්ටය පැත්තට යනකොට කවුදො කෙනෙක් වැස්සි ළඟ ඉඳගෙන කිරි දොවනවා දැකලා තියෙලු.ඈත තියා දකිනකොට හිතුවේ හොරෙක් කියලාලු.ඉතින් හැංගි හැංගි හෙමිට ලංවෙනකොටලුදැකලා තියෙන්නෙ, සුදුම සුදු රෙද්දක් පොරවන් ඉන්න කෙනෙක්ලු කිරි දොවන්නෙ පැත්තෙන් කෙන්ඩියක් වගෙ ටිකක් ලොකු භාජනයකුයි කෙවිටයි තිබ්බාලු මෙක දැකපු උන්දාට හීන් දාඩිය දාන්න පටන් අරන්😲.එයාට තෙරිලා එ ඉන්නෙ ගොපලු යකා කියලා උන්දැ ඉතින් කරලා තියෙන්නෙ එලිවෙනකන්ම අර පඳුරක් අස්සෙ හැංගිලා ඉදපු එක.පස්සෙ ගෙදර අය මෙයා නැති නිසා හොයන්න ගියපුවෙලෙත් අර දැකපුදේට බයෙන් එතනම ඉදලා කියලා තමා කියන්නෙ.පස්සෙ පිරිත් එම කියලා නුලක් දැම්මාලු එ බය අඩුවුනෙ. ඔයවගෙ සිදුවිම් ආරංචි කරලා බලන්න ලංකාවෙ විවිධ පැතිවල හුගාක වයසක අයට ඔය අත්දැකිම තියනවා. එ කාලෙ ඉතින් හැමොම ඔය හොල්මන් යක්ශ කතා විශ්වාස කරනවානෙ කොමත්.තවත් සමහරු කියනවානෙ ඔය වගෙ කිරි දොවන වෙලාවක එයාගෙ මුණට හම්බුනොත් එය ගහනවාලු අර කෙවිටෙන් එතකොට එ අය මැරෙනවාලු නැත්තන් අසනිප වෙලා එකතැන් වෙනාවාලු. තව කතාවක් අහලා තියෙ මම පොඩි කාලෙ මෙක ඇහුවෙ දඹුල්ලේ කැකිරාවේ පැත්තෙ ගියපු දවසක රෑ බල්ලො බුරනකොට කිවෙ එ ගොපලු යකා යනවා බල්ලට පෙන නිසාලු බුරන්නෙ අනෙ ඉතින් බල්ලාගෙ අවසානෙ තමයි එ කියලාත් කිවා.මම ඇයි කියලා ඇහුවාම කිවේ බුරන නිසා ගොපලු යකා එයාලට ගහනවාලු එතකොට එක එක එවා වෙලා එ බල්ලා මැරෙනවලු.සමහර අය කියනවා ඕක පෙන්නෙ කළු පාට බලන්නට විතරයි කියලාත්.

ඉතින් අපිට දැන් චුටි දැනිමක් තියෙනවානෙ මේ ගොපලු යකා ගැන බලන් ගියාම මෙයා අනික් යක්කු තරම්ම භායනක නැහ් වගෙ.

එ වගෙමයි තව කතාවක් තියනවා මේ ගොපලු යකා කියන්නෙ ගම්භාර දෙවියන්ටලු තව සමහරු කියනවා මහසොනාගෙ ආත්මයක් කියලා .

එ මොනවා වුනත් ගැමියෝ අතර ප්‍රසිද්ධ එක් කතාවක් තියනවා එ මෙයා කිරි දොවාගන්න කිරි හරක් ඉන්න පට්ටයෙ සත්තුන්ට කිසි හානියක් නැහ් ලෙඩක් රෝගයක් නැහ් කිරිත් නොඅඩුවම ලැබෙනවා කියලා.එ වගෙම මෙයා මේ කිරි දොවාගෙන ඉර මුදුන් වෙන්න කලියෙන් එ කිරි අරන් ගිහින් පත්තිනි මැනියන්ට පුජා කරනවාලු.එ නිසාලු මෙයා අළුයම් කාලයෙ කිරි දොවන්න එන්නෙ.අපිටනම් මේ හැමදේටම වඩා වැදගත් ඉතින් කෙවිටනෙ හැමොම කියන්නෙ මේ කෙවිට තියෙන කෙනෙක්ට තමන් කැමති ඕනෙම දෙයක් මවාකියාගන්න හැකියාවක් තියනවා කියලානෙ.ඉතින් එක එහෙම වුනත් එක ගන්න තරම් එඩිතර වුන කවුරුත් අද වෙනකන් ඉදලා නෑ වගෙයි.ඔන්න ඔච්චරයි මේ ගැන කියන්න තියෙන්නෙ.😬😬

Screenshot 2021-06-14 043535.png

source

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

ඉතින් අපිට දැන් චුටි දැනිමක් තියෙනවානෙ මේ ගොපලු යකා ගැන බලන් ගියාම මෙයා අනික් යක්කු තරම්ම භායනක නැහ් වගෙ.

ගොපලු යකා ගැන ගොඩක් කතා ගම් වල හරි ප්‍රසිද්ධයි. ගොපලු යකා එනව කියල හරක් හොරකම් කරපු අවස්ථාවලුත් තිබුනා.

ඔව් ලංකාවේ ඉන්නෙ ගොඩක් මොනහරි දේකින් තමන්ගෙ වැඩ කරගන්න බලන අයනෙ.ඔම දේවල් නොවුනොත් තමා පුදුම වෙන්න ඕනෙ .

Hi, @dushantha,

Thank you for your contribution to the Steem ecosystem.

The @ecosynthesizer Curation Team,


Please consider voting for our witness, setting us as a proxy,
or delegate to @ecosynthesizer to earn 100% of the curation rewards!
3000SP | 4000SP | 5000SP | 10000SP | 100000SP