උසස් පෙළ ලියා අහවර වී කවදාවත් අත් නොවිදි ගමනක් අද මා යන්නෙ කෙසෙ හෝ ජිවිතෙ ජයගන්නා අධිටන හිතෙ ඇතිවය.උදැසනම ගලෙන්බිඳුනුවැව සිට කොළඹ බලා යන් බස් රථයට නැගි මේ ගමන මගෙ ජිවිතයට ලොකු බලාපොරොත්තු එක් කරා.
පස් දෙනෙකුගෙන් සමන්විත පවුලෙ මා වැඩිමලයා.නැගිනියන් දෙදෙනකුට අයියණ්ඩිය වු මා මගෙ මව සමග හෙන් කොටමින් මහ පොලව සමග ඔට්ටු වුණෙ ඔත්පල වී සිටින පියානන් සනීප කොට කේසෙ හෝ පවුල ජිවත් කිරිමෙ අදිටනෙනි.නිදහස් අධ්‍යපනයට පිං සිදු වන්නට කෙසෙ හෝ අකුරක් ඉගෙන ගන්නට පින මට ලැබිණි.එ ලද අවස්ථාව කෙසෙවත් අත නොහැරි මා මට හැකි උපරිමයෙන් වෙර දරා උසස් පෙළ තෙක් ආවෙය. මවගෙ කදුළුත් මාගෙ දාඩිය මහන්සියත් පියාගෙ පසුතැවිල්ලත් මා ආ මගට අඩිතාලම වුවාය.කෙසෙ හෝ රැකියාවක් සොයා මගෙ නැගනියන් මෙන්ම පවුලද බලාගැනිමෙ පරම අධිටනින් යුතුවයි මා කොළඹ රටෙ රැකියාවක් සොයා නිවෙසින් බැහැර වුවෙ.නිවසින් තැබු පලමු අඩියෙදිම ඇසින් වැටෙන කඳුළු බිදුවක් පාසා නිවෙස අතහැර යන දුක තිබුණාත් මහමෙරට වඩා ඔවුන් විදිමින් සිටි ජිවන බර මගෙ කදුළට වඩා බර බව මට හැඟුණි.
කොළඹ එන්නෙ ලොකු අප්පච්චි වැඩ කරන ස්ථානයෙ රැකියාවක් සොයා ගන්න අදිටනි.නුහුරු පොලවක තැබු පලමු පිය හිතට මහත් බරක් විය.නොහදුනා පරිසරක අතර මං වූ මා කුමක් වන්නෙද යයි සිතමින් වට පිට බැලුවේය.කලින් කී පරිදි ඔහු සිටි නවාතැනට යාමට මා හට පාර හොයාගැනිමට අවශ්‍ය වුවත් උදැසනම සිට ඇති වු බඩගින්න එයට බාධාවක් වන්නට විය.වටෙම ඇවිද බැලු මා අවසානයෙ මගෙ පංතියට ගැලපෙන එක් තේ කඩයක් සොයගෙන උණුම උණු තේ එකක් සමග බනිස් ගෙඩියක් කා බඩගින්න නිවාගත්තෙය.පසුව ගෙනා බඩුත් ගෙන ලොකු අප්පච්චි කියු පරිදි ඔහුගෙ නවාතැනට යන්නට පිටත් වුනාය.
මොරටුව බලා හෙමින් සිරුවෙ ගාටන බස් රථයෙ නැගි මා ගියෙ රත්මලානටය.මැලිබන් හංදියෙ බැසගත් මා එතනින් ලොකු අප්පච්චි දුන් ලිපිනය ගැන විමසා එතනට යන්නට විය.මා එහි යන විටත් ඔහු මා බලාපොරොත්තුවෙන් තම බොඩිම් කාමරය ඉදිරිපසට වී වාඩි වී වුන්නෙය.
ඉතින් ටික දවසක් මෙහි රැදිසිටිමින් ලොකු අප්පච්චි වැඩ කරන තැන රැකියාවක් ලබා ගැනිමට මා හට හැකිවිය .එයින් මගෙ සිතට ලොකු සහනයක් දැනුනෙ මගෙ පවුලෙ දුක මෙතනින් අහවරයි සිතා.නමුත් සිදුවුවෙ මහ අපරාධයකි.මා වැඩ ඇරි එන විට ලොකු අප්පච්චි ගෙ මුණෙ ඇදි තිබුණෙ මහා ශෝක්ජනක සේයාවකි.මා විමසා සිටියදි ඔහු අමාරුවෙන් ගොත ගසමින් කී වචන කිපයෙන් මා හට සිහි එලඹා ගැනිමට කොතරම් කාලයක් ගත වුවාද යැයි මමවත් නොදන්නෙය.
ඔහු කියු පරිදි සිදුව ඇත්තෙ වන අලි ප්‍රහරයක් නිසා නිවෙස තනා තිබු බිත්තිය කඩාවැටි නිදා සිටි මගෙ පවුලම එකට මා අතහැර ගොස් ඇති බවයි.
මගෙ මුළු ලොකයම එය අසා කඩා වැටෙන්නට විය ඔහුන්ගෙ කඳුළු පිසදා මුවට සිනාවක් ගෙන එමට ආ ගමනින් සිදු වුවෙ කුමක්ද ?? මාත් එහි සිටියානම් අද සියල්ලනම එකට මේ ගමන යනවා නොවෙද ?? මා තනිවි මෙ දුක කේසෙ දරාගන්නද මේ පොලවේ මා වෙනුවෙන් සිටි එකම මිනිසුන් නොවෙද මේ මා දාමා ගොස් තිබෙන්නෙ.මා කොළඹ ඇවිත් රැකිමට ආ මිනිසුන් සියල්ල අද පොලවට පස් වී හමාරය.ඉතින් ඉන් අනතුරුව මා කුමක් කරන්නද??
source
ස්තුතියි
Thanks to the reply you have given to Thisarani, I could control me... Seriously I thought that was real... You are great in writing friend ❤️ Wow...!!! Keep it up....💪
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you very much 😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Steem Sri Lanka Discord Channel
✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
This is an imagination, right?
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Yes this an imaginary story 🙂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
For a moment I thought it was a true story. A very sensitive story. Nicely written!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you so much 😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
A series of sensitive stories.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you 😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit