නොකියු ප්‍රේමය | 10% For SL-Charity

in hive-133716 •  3 years ago 

රිදවිම් අපෙ කාගෙත් හිත් තුළ පැලපදියම් වූ රෝගයකි.සමහර රිදුම් තියනවා කොයි තරම් අමිහිරි වේදනාවක් වුනත් හරි ආදරයෙන් එ වේදනවා විදින.හේතුවකට හෝ අහේතුවකට අපි හුග දෙනෙක් කැමති එ වේදනවා හුස්ම වැටෙනකන් විදින්න.හරියට මම දැන් විදින වේදනාවත් එ හා සමාන වේ. කවදාවත් බැදිමක් ඇති නොවන තැනක බැදිමක් හදවන්න අපේ හිත් රවටන හැටි.ඉතින් වෙලාවකට මටම හිතෙනවා එහෙම වෙන්නෙ අපි ගන්න තිරණ නිසාම නොවෙදෝ කියා.තමන්ම තොරගන්න පාරක යන අපි අතරමං වු විට යන එනමගක් හොයගත නොහැකි තැනක විදින වේදනාව විශාලයි.

වසර දෙකක් ගතවිය.අදටත් ඈ දුටු මුල් දින ඇතිවු හැගිමම තවමත් මා එ විදිහටම විදී.වදින නොවදින තරම් දුරක ඈ සිටියත් හිතින් අපි බොහො දුර බව මා දනිමි.අයිතියක් කිසිදා නොමැති තැනක අයිතියක් හොයමින් හඩා වැලපෙන්නට හෝ මා හට නොහැකිය හිතින් විදමින් හිතින් හඬමින් මා ගෙවන මේ දිවියනම් බොහො කටුකය.

ඉතින් ඉක්බිතිව කතරක තනිව විඩාබර වී ඉදිරියක් සොයමින් ඇදෙන්නකු මෙන් මා මේ බැදිමෙහි අවසානයක් සොයන්නට වෙහෙස වු මුත් සැම තැනකින්ම මා දකින්නෙ මා වෙහෙස කරවන පරක් තෙරක් නොමැති කතරකි. දෛවය මෙයයි කොතරම් වෙහෙසකර වුවත් හති වැටෙන තෙක් එ ගමන් යන්න කියාම මා පොළඹවනවා වැනීය.

කාලය අපගෙ ජිවත නිර්මාණය කරනවා එ වගෙම එ දේවල් විනාශ කරනවා.ආයෙමත් එ කඩා බිඳුණු තැන් ගොඩ නගනවා එත් එ ගොඩනැඟිම් අතර කොහෙ හෝ කොණක ඉතුරු වූ පරණ ශේෂයන් හරියට ස්මාරක වැනිය.කොතරම් ගොඩ නැගි තිබුණත් එ තැන්වලදි අපි හැමදාම සංවේදි.ඉතින් ඇයත් කෙදිනක හෝ මා සිත හඩවන ස්මාරකයක් වනු නොඅනුමානය.

මා කොතරම් උත්සාහ කරද කිසිම දෙයක් වෙනස් වනු නොඅනුමානය.මෙතරම් අඩුපාඩු ඇති මා හට ඇයගෙ අඩුවක් නොමැති දිවිය අඩුවක් කිරිමට තරම් ආත්මාර්ථකාමී විය නොහැක.හිතින් දහස් වරක් අඩාවැටෙමින් මා මෙලොවට එවු දෙවියන් වෙතින් මා මෙතෙක් කිසිවක් ඉල්ලා නැත. කුඩා කල පටන් ජිවිතයෙ ලැබු සැම අවන්ඩුවක්ම විදිමින් හිතින් තනිව නැගි වුන්නාය.නමුත් අපි කොතරම් වීරකම් කලත් ජිවිතෙ එකම එක තැනක් අපිට එනවා එ හැම හයියක්ම නැතිවෙන.

සැමදා හඩාවැටෙමින් සිටින සිත සැමදා සැනසෙන්නෙ ඇයගෙ රූව හිනාව දුටු විටය. ඇය දකින වාරයක් පාස මා හද වාවන්නෙද නැත.එකම එක වරක් හෝ මගෙ බසට සවන් දී මගෙ මුවෙ ගොළු බව බිදලන්න.එවිට හැකිය මා හට ඇය ගැන උපන් හැම හැගුමක්ම පවසන්න.නොහැකිනම් එය ඔබට කුමක් කරන්නද.භාර දෙන්නම් දෙවියනි එය ඔබට විසඳන්න.

කුඩා කල පටන් මා ගෙවු ගොළු දිවිය මින් මතුවට නවතන්න.ගොළුවකුට ඇය මෙවර දිමට නොහැකිනම් මතු භාවයක ඈ මා සමග උපදවන්න.ඉතින් එවිට හෝ මා ඇයට පවසන්නම් මගෙ ආලය .එයයි දිවියෙ ඇති අවසන් අසරණ ඉල්ලිම.........

ඉතින් ප්‍රෙමය මේ අසන්න
නොහැකිනම් මෙ භාවයෙ
මා සතුවන්න....
හිදින්නම් මතු භවයක
හෝ හමුවන්න....
පරමලක් නොව ඇය
විසිකරන්නට.....
පිපෙන කුසුමක් බව
සිහියට නගන්න.....


source

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Your post has been upvoted by Steem Sri Lanka Community Curation Trail.

Steem Sri Lanka Discord Channel

✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵

Join With
steem-sri.lanka
Curation Trail For Better Curation Rewards

රිදුම් රිදුමක්ම වී නොදී, මලට ලංව කොඳුරා ආදරය කී දිනෙක​, මල පවසාවි ඔබ වෙනුවෙන්ම පිපුන බව​ 💖.

ඇත්තටම එහෙම වෙනවානම්....

මුත් අපි කොතරම් වීරකම් කලත් ජිවිතෙ එකම එක තැනක් අපිට එනවා එ හැම හයියක්ම නැතිවෙන.

hangila thiyana therum atharin wedagathma deyak.. lassantaliyala thiynwa

ස්තුති...😁😁

හේතුවකට හෝ අහේතුවකට අපි හුග දෙනෙක් කැමති එ වේදනවා හුස්ම වැටෙනකන් විදින්න

Dewasak enawa e wedanawenma kalin hitiyata wada hoda shakthimath manussayek api thulin ipadena...💪

ඔව් තැලෙන්න තැලෙන්න තමයි යකඩයක් වුණත් පදම් වෙන්නෙ 😁😁

රිදුමක් වාගේ
කිසිදා සුව නොවෙනා...
සුසුමින් විතරක්
නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන
උණු කඳුළුම වගුරුවනා....

ලස්සනයි එක.ස්තුති