Woman is a Woman👩

in hive-133716 •  3 years ago 

image.png
source

කාන්තාව කියන්නේ කාන්තාවට.

කාලය වේගයෙන් ගලාගෙන යනවා. ලෝකය ගොඩක් ඉක්මනට වෙනස් වෙලා. අතීතයේ වගේ නෙවෙයි වර්තමානයේ කාන්තාවට පිරිමියාට හා සම තැනක් දීලා තියෙනවා. වර්තමාන සමජයේ කාන්තාවකගේ කාර්යභාරය අතීතයට වඩා ගොඩක් වෙනස්. ඇය සමාජය තුළ ලොකු වගකීමක් දරණ කෙනෙක් වෙලා. ගෙදරට කොටු වෙලා සිටි කාන්තාව දැන් ඒ බැමි බිදාගෙන ඉහලටම ගමන් කරමින් සිටිනවා.

ඒත් ලෝකට දෙයක් අමතක වෙලා. ඇය පිරිමියෙක් තරමටම වැඩ කරද්දී, ඇයට සමතැන දෙද්දි හැමෝටම අමතක වෙලා ඇය කාන්තාවක් කියන එක. ඇයට අවශ්ය සමතැන නෙවෙයි නිසිතැන කියන එක.

කාන්තා හිත් හරිම ශක්තිමත්. ඒ වගේම සංවේදී. මම කියන්නේ නෑ පිරිමි එහෙම නෑ කියලා. ඒත් කාන්තාව ඊට වඩා ටිකක් වෙනස්.
ලෝකයේ කවදහරි සම්මාන උළෙලකදී බහු චරිත නිරූපණයට ඇයට සම්මානයක් හිමි විය යුතුමයි. දියණියක්, මවක්, බිරිඳක්, සේවිකාවක් 👯👩👰👱 වගේ බෝහෝ චරිත ඇය හරි අපූරුවට මේ ලෝකය කියන රග මඩලේ රග දක්වනවා.

image.png
source

ඉතින් මේක කියවන ඕනිම පිරිමි කෙනෙක් මට හිනා වෙවී , අපිත් ඔය දේම කරනවනෙ කියලා. ඒකට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. හිතන්න ඔබ විවාහක කෙනෙක් නම් සහ ඔබේ බිරිඳත් ඔබ වගේම ආයතනයක සේවිකාවක් නම්. ඔබ වගේම ඇයත් මහන්සි වෙනවා කාර්යාලයේ වැඩ වලට. ඒත් එතනින් එහාට ඇය හැම උදෑසනකම, රාත්රයකම ඔබ වෙනුවෙන් ඔබේ දරුවන් වෙනුවෙන් කෑම හදන්න ඔනි. ඔබ ඇයට සහය උනාද?හිතන්න.........................................................
මේ එකම එක උදාහරණයක් විතරයි. ඇයට මේ එක චරිතයක් හරි හරියට කරන්න බැරි වුනොත් මුලු ලෝකෙම ඇයට ඇගිල්ල දික් කරනවා. ඇගේ දරුවා වැරද්දක් කලත් ඇය තමයි වැරදිකාරිය වෙන්නෙ.

ඉතින් කාන්තාවකට ඔනී සමතැන ද නිසිතැන ද කියන එක තීරණය කරන එක ඔබට බාරයි.
ඇය ලෝකයට ආදරය දීලා ඇයත් ආදරය බලාපොරොත්තු වෙනවා. ඒත් පෙරලා ඇයට ආදරය කරන්න හැමෝටම අමතක වෙනවා.
ඇයත් මවක් දියණියක් බිරිඳක් කියන දේ ගොඩක් අයට අමතකයි. ඒ නිසා වෙන්න ඇති ලොකේ මේ තරමටම කාන්තා හින්සනය තියෙන්නේ. සෑම පිරිමියෙක්ම තමන්ගෙ අම්මට ආදරය කරනවා වගේ අනිත් කාන්තාවන්ට ගරු කරන්න ඉගෙන ගන්න ඔනී. අන්න ඒ දවසට මේ ලෝකයම ලස්සන වේවි.

තමන්ගේ ජීවිතයට සම්බන්ධ හැම කාන්තාවකටම ආදරය කරන්න. අනිත් හැම කාන්තාවකටම ගරු කරන්න😊.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Your post has been upvoted by Steem Sri Lanka Community Curation Trail.

Steem Sri Lanka Discord Channel

✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵

Join With
steem-sri.lanka
Curation Trail For Better Curation Rewards

Nice work..!

Thank You Janakee😊

FB_IMG_1621587835725.jpg

You have been upvoted by @damithudaya, A Country Representative from Sri Lanka. We are voting with the Steemit Community Curator @steemcurator07 account to support the newcomers coming into steemit.

Follow @steemitblog for the latest update. You can also check out this link which provides the name of the existing community according to specialized subject.

!upvote 50

the post has been upvoted successfully! Remaining bandwidth: 100%

Congratulations !

We are the hope of the helpless posts.
Your post has been manually rewarded by The Seven Team. Follow our Curation Trail or delegate us | 50SP | 100SP | 200SP | 300SP | 400SP | 500SP | and reach us in our discord channel.
Become in a Seven now.