ෆෙල්ට් ක්‍රාෆ්ට් | 10% sl-charitysteemCreated with Sketch.

in hive-133716 •  2 years ago 

ෆෙල්ට් කියන්නෙ නිර්මාණ කරන්න හොද මැටීරියල් එකක් වගේම ආර්තික වටිනාකමකුත් මේ නිර්මාන වලට ලැබෙනවා. මම ෆෙල්ට් ගැන මුලින්ම දැක්කේ පින්ට්‍රස්ට් එකේන් ඊට පස්සෙ තමා මේ ගැන වයිෆ්ට කිව්වේ. එයා මහන්න හොදට දන්නවා ඉතින් මම මේ ෆෙල්ට් ගෙනත් දුන්නේ වැලිවේරියේ ෆෙල්ට් ගෙන්වන තැනකින්. මේ ශීට් A4 ප්‍රමාණයේ ඒවා. පාට 15 කින් ශීට් 24ක් මම ගත්තේ මාස 8කට කලින් රුපියල් 1200ට වගේ.

අද තමා එයා දැකලා තියෙන්නෙ ඒවා ගෙදර තියෙන්වා කියලා.මේ දවස්වල පතොක් පිස්සුව හැදිලා නිසා පතොක් ගහක් තමා ඒකෙනුත් හදලා තියෙන්නෙ

ෆෙල්ට් වර්ග ගොඩක් තියෙන්වා

  1. කොරියන් ෆෙල්ට්
  2. පොලියෙස්ටර් ෆෙල්ට්
  3. වූල් ෆෙල්ට්

මේ තියෙන්නෙ වූල් ෆෙල්ට් මුලින්ම කාඩ්බෝඩ් එකකින් ෆෙල්ට් නිර්මානය කරන්න අවශ්‍ය බ්ලොක් එක කපාගන්න ඕනේ මෙව් විදියට.

එයා චිත්‍ර අදින්නත් දක්ශයි ඉතින්

ඊට පස්සෙ එක අපි අවශ්‍ය ෆෙල්ට් ශිට් එක තියල කපාගන්න්වා බ්ලොක් දෙකක් කපාගන්න ඕනේ.

කපාගත්තු බ්ලොක් එකේ අපිට රූපයට අදාල නහය කට වගේ දේවල් ෆෙල්ට් වලින්ම හරි නැත්තම් නූලකින් හරි උඩ රූපයේ විදියට මසාගන්න ඕනේ. ඊට පස්සේ බ්ලොක් දෙකම එකට තියලා මසාගන්න ඕනේ.

පොඩිවට එක තැනක් ඉතුරු කරගන්න ඕනේ වටේ මහද්දී ඒ ඉතුරු කරගත්තු තැනින් පැඩින් හරි පුලුන් හරි පුරවන්න ඕන. ඊට පස්සෙ තමා මේ නිර්මානය සම්පූර්ණ වෙන්නෙ. මේක නම් තාම එයා ඉවර කරලා නෑ ආයේම මතක්වුන දවසට ඉවර කරයි කියල හිතනවා. ආයේ මාස කීයකින් විතර මතක් වෙයිද දන්නෙ නෑ ඉතින් එදාට තමා අවසාන නිමාව බලන්න පුලුවන් වෙන්නෙ ඉතින්.

මේ පල්ලෙහා තියෙන්නෙ Facebook එකේ ෆෙල්ට් ක්‍රාෆ්ට් විකුනන්න දාල තියෙන නිර්මාන ඒවා ගොඩක් ලස්සනයි


Facebook felt craft

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Thank you, friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
image.png
please click it!
image.png
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)

The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.

මේක කරගෙන යන්න පුළුවනි නම් හොද අදායමක් ලබාගත හැකි ස්වයං රැකියාවක්. කාටවත් අත නොපා ජිවත් වෙන්න පුළුවන්.

ඔව් ලංකාවේ ගොඩක් අය Etsy store එකේ විකුනන්වා මෙව්වා දැන්න්නම් ඒක ලංකාවට නෑ