යාලුවනේ...
මතකයිනේ අපේ චන්ඩි ආරක්ෂකයා. බැලුවෙ නැත්නම් මෙතනින් ගිහින් උගෙ චණ්ඩිකම් බලලා එන්නකෝ.
දැන් එයා හරි ලොකුයි. ඒ වගේම දැන් වයසයි. අවුරුදු දහයකුත් ඉවරයි. ඉස්සර වගේ දැන් සෙල්ලම් බැහැ. වත්තට එන සත්තුන්ට නම් කරදරයක් නෑ. ඒත් කියන්න බෑනෙ. දම්වැල නම් ලෙහන්න බයයි.
ඔහොම කාලයක් ගත වුණා. කුක්කා දවස් තුන හතර නොකා ඉඳියා පැත්ත වැටිලා. අනේ බලන්නත් දුකයි. එක්ක යන්න පුළුවන් එකත් යැයි පශුවෛද්‍ය ගාවට. මායි තාත්තයි ගිහින් ලෙඩේ විස්තරේ කියලා බෙහෙත් අරං ආව පශුවෛද්‍ය ගාවින්. ඒත් හොඳ වෙන ලකුණක් නම් නෑ. එන්න එන්නම දුර්වල වුණා. නැගිටින්නත් බැරුව ගියා. බැරිම තැන අපේ තාත්තගේ යාලුවෙක්ගෙ වාහනේක කොහොමහරි බල්ලාව නග්ගගෙන පශුවෛද්‍ය ගාවට එක්කන් ගියා. සේලයින් දුන්න වාහනේම තියාගෙන. ලේත් ගත්තා. එකේ රිපෝට් එක අපිට දෙනවා කිව්වේ පහුවෙනිදා. බෙහෙතුත් විද්දා.
ගෙදර ගෙනත් දවසක් විතර යද්දී පොඩ්ඩක් නැගිටලා එහාට මෙහාට ගියා. අනේ දෙයියනේ... අතෙයි බඩෙයි ලොකු තුවාල දාලා. මම මල්ලි එක්ක ටවුන් එකට ගිහින් බෙහෙතුයි කටකලියාවකුයි අරගෙන ආවා. හොඳට සෝදලා බෙහෙත් දැම්මා. අඩුවක් නෑ... තවත් තුවාල දාන්න පටන් ගත්තා. බැරිම තැන අපි ආයෙමත් කුක්කා ව පශුවෛද්‍ය ළඟට එක්කන් ගියා. කලින් ලේ රිපෝට් එකේ කිසි අවුලක් පෙන්නුවෙ නැති නිසා තවත් ලේ එකක් ගත්තා.
අනේ . . . "බල්ලගේ අක්මාව නරක් වෙලා. ඒ සැර පිට දානවා." කියලා තමා පශුවෛද්‍ය අපිට කිව්වේ. මේ ලෙඩේ හොඳ කරන්න අමාරු තරමටම අක්මාව නරක් වෙලාලු.
"ඇයි බල්ලන්ට එහෙම වෙන්නේ ?" මම පශුවෛද්‍ය ගෙන් ඇහුවා. කෙමිකල් එකක් හරි වසක්විසක් හරි ඇඟට ඇතුල් වුනොත් එහෙම වෙන්න පුළුවන්. පශුවෛද්‍ය අපට උත්තර දුන්නා.
අපේ ගෙවල් කිට්ටුවට වෙන්න කුකුල්ලු ඉන්න ලොකු ෆාම් එකක් තියෙනවා. දේශපාලන බලපුළුවන්කාරකම් මත මිනිස්සුන්ගේ විරෝධය උඩ කරගෙන යන්නේ. ලෙඩ හැදිලා මැරෙන කුකුල්ලු ගොඩ ගහල තියෙනව කියලයි ගමේ මිනිස්සු කියන්නේ. අපේ බල්ලත් රෑට මේ මැරිච්ච කුකුල්ලුන්ව ගිහින් කාලා තියෙනවා කියලා එකේ මුරට ඉඳපු මනුස්සයා අපේ තාත්තට කියලා තියෙනවා. කොච්චර විසක් ඇත්ද?
බෙහෙත් කරලා දවසයි ජීවත් වුණේ. එහෙම විඳව විඳව ජීවත් වෙනවාට වඩා ඒක සහනයක් වෙන්න ඇති. ආයේ උපදින උපදින ආත්මයකදී මෙවැනි තිරිසන් ආත්මයක නූපදීවා යන්නයි අප හැමෝගේම එකම ප්‍රාර්ථනාව වුණේ. අවුරුදු දහයහමාරක් තිස්සේ අපට ආරක්ෂාව දීපු අපේම පවුලෙ කෙනෙක් වගේ අපි ළඟ ඉඳපු අපේ කුක්කා 2020 ජුනි 19 දින මෙලොවෙන් අපව හැර ගියා.
මට මතකයි එදා පශුවෛද්‍ය කියපු කතාවක්.
"මම දැන් මේ වෘත්තිය කරලා අවුරුදු ගාණක් වෙනවා. නොයෙක් සත්තුන්ව මා ළඟට බෙහෙත් කරන්න අරන් එනවා. සැර, සපා කන බල්ලෝ ගොඩ දෙනෙක්ම මැරෙන්නේ විඳවලා. ඒක තමයි ස්වභාවධර්මය. අපි කෙනෙකුට වේදනාවක් දෙනවනම් ඒක අපට විඳවන්නම සිද්ධ වෙනවා. කවදා හෝ..."
හැම අවුරුද්දකම ජුනි 19 වෙනිදා අපි කුක්කාව සිහිපත් කරලා බලු-කපුටු දානයක් දෙනවා.
🙏 නිමි !
ඒ හැඟීම ගැන හිතන්නත් බයයි.😥 එයා වෙනුවෙන් දානයක් දෙනවා කියන්නෙ කොයිතරම් ලොකු හැඟිමක් එයා ගැන තියෙන් ඕනෙද❤️
Doctor කිව්ව කතාවෙ හිතන්න ලොකු දෙයක් තියෙනවා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඇත්තටම එයා පවුලෙ කෙනෙක් වගේ හිටියේ. මැරිල අවුරුද්දකටත් වැඩි වුණත් තවමත් මතක් වෙනකොට හරිම දුකයි. 😥
ඔව්.. ඩොක්ටර් කිව්වේ බල්ලො ගැන විතරක්ම නෙමෙයි. ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අවුරුදු ගානක් හුරතලේ ට හදපු මේ වගේ යාළුවෙක් වෙන් උනාම දැනෙන දුක නම් කියලා වැඩක් නෑ.😪 මොකක් උනත් උඹලා ඌට හොඳට කළගුණ සලකලා තියෙනවා.❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මැරුණට පස්සේ විතරක් නෙමෙයි මැරෙන්න කලිනුත් අපි ඌට හුඟක් හොඳට සැලකුවා. බල්ලෙක්ගෙන් මිනිහෙක්ට බලාපොරොත්තු වෙන්න පුළුවන් උපරිමය වූ අපිට ඉෂ්ඨ කලා. 😔
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
පවුලෙ සාමාජිකයෙක් තරමටම ළඟින් ඉඳලා එකපාරම දාලා ගියාම දරා ගන්න අමාරුයි. ඒ හැඟීම වචන වලින් විස්තර කරන්න බෑ. 😐💔
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්.. ඌ මැරිලා ටික කාලයක් යනකං ගෙදර කට්ටියම හිටියේ හරිම අවුලෙන්. 💔
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😐💔
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒක වෙන්නැති ඒනම් උනේ.. හපොයි.. අපිත් කුකුල් මස් කනෝ නේ 😐😐
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්.. ඒ කුකුල්ලු මොකක් හරි ලෙඩකින් මැරෙන්න ඇත්තෙ. අපි කඩෙන් ගන්න එවුනුත් මරලද? මැරිලද? කියල ඇත්තටම අපි දන්නේ නැහැනේ. මස් කඩේ මුදලාලිව විස්වාස කරලා කන්නයි තියෙන්නේ.. 🤪🤪🤪
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අනේ 😥. මාර දුකයි ඒක කියෙව්වම...
ගොඩක් හොඳ දෙයක්....එයා හොඳ තැනක් ඉපදිලා ඇති ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්.. ඌ මිනිස්සුන්ටත් වඩා හොඳ ගතිගුණ තිබුණු බල්ලෙක්. තමන්ගෙ කියන හැඟීම ඔහුට හොඳට තේරෙනවා. 🐶
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අනේ මම හිතුවේ නෑ එයා දැන් නෑ කියලා. 🥺 පව්ලෙ කෙනෙක් වගේ ඉඳලා මේ විදියට දාලා යන එක හරිම වේදනයි. 😥
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්.. ඒකයි මම මේක කොටස් දෙකකට කඩලා ලිව්වෙ. සමහර දේවල් අපි හිතන් නැති විදිහට වේගයෙන් වෙනස් වෙන්න පුළුවන්. මම හිතනවා ඔයාලා ඒ පාඩම ඔයාලගේ ජීවිතයට මේ පෝස්ට් එකෙන් ගන්න ඇති කියලා. 👍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
පව් අහින්සකයා. එයාලට තේරෙන්නේ නෑනේ කන්න හොඳද නරකද කියලා වෙන් කරගන්න.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්.. අපිත් දැන්ම ඉඳලා යන තැනකට දෙයක් කරගත්තොත් හොඳයි කියලා දැන් මට හිතෙනවා. 🤔
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
බල්ලො ගොඩක් අපේ ගෙදර මැරිල තියනව. ඒ හැම දවසක්ම මම එක වගේ අඩල තියනව.😔 පව්
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අපිට නම් ඔහොම දෙයක් වෙච්ච පළවෙනි වතාව. මම කිහිප වතාවක්ම තව බල්ලෙක්ව ගේමු කියලා කිව්වත් අම්මලා ඒකට කැමැති වුණේ නැහැ. 🙁🙁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit