අද මම ඔයාලට කියන්න යන්නේ අපේ ගෙවත්ත හැඩ කරපු බෝගන්විලා මල් වගාව ගැනයි.
අපි විවාහ වෙලා අලුත් ගෙදරකට ආවට පස්සෙ අපිට හිතුනා මල් වවන්න. මොකද එහේ එළවළු පලතුරු වලට ඇරෙන්න මල් ගස් තිබ්බේ නැති නිසා. අපි ඉන්නෙ රණාල ප්‍රදේශයේ. මේ ප්‍රදේශය ගොඩක්ම ප්‍රසිද්ධ මැටි භාණ්ඩ වලට. ඊට අමතරව මහා පරිමාණයෙන් සිමෙන්ති පෝච්චි ව්‍යාපාරයද ජයටම කරගෙන යන තැන් බොහෝයි.
අපි මේකට ඉරිදා දවසක් තෝරාගත්තා. මොකද මට නිවාඩු තිබුණේ ඉරිදට විතරයි. අපි උදේම කාලා 10 ට විතර ගියා පෝච්චි බලන්න. කඩවල් තුන හතරකම අපි පෝච්චි බලලා හිත ගිය පෝච්චි 12ක් ම අපි මිලදී ගත්තා. කුලී රථයක ආධාරයෙන් නිවසට ගෙන ආ පෝච්චි ගෙයි අයිනට වෙන්න ලස්සනට තිබ්බා. එදාම අපට මල් ගේන්න වෙලාවක් තිබුණෙ නෑ. මොකද අපිට හදිසියේම මහ ගෙදර යන්න සිද්ධ වෙලා තිබුණු නිසා. නැවතත් අපිට නිවාඩු වෙලාවක් හමුවෙන්නේ ඊළඟ ඉරිදා. එදා අපි උදෙන්ම වැඩේට බැස්සා.
නිවාඩු දවසක් නිසා මගේ යාළුවෝ දෙන්නෙකුත් අපේ ගෙදර එදා ඇවිල්ලා තිබුණා. ඒ වෙන කවුරුවත් නෙවෙයි අපි හැමෝම දන්න සුදාරක යි තිසරු යි.
අපේ මිදුලේ ලොකු ඉඩක් නැති හින්දා අපි අඳුරන ගෙදරකින් අපට පෝච්චි වලට පස් ගන්න සිද්ධ වුණා.
බයික් එකේ ගිහින් පස් කපා ගෙන පෝර බෑග් වල දාගෙන තමයි ආවෙ. ඒකට මගේ යාලුවො දෙන්නත් උදව් වුණා.
අපි කලින් දවසක රැගෙන ආ කොම්පෝස්ට් පොහොර, පස් හා වැලි මිශ්‍ර කර සාදා ගත් මිශ්‍රණය කොටස් 12 කට බෙදා පෝච්චි වලට දැම්මා.
ඊට පස්සේ අපි දිවා ආහාරය අරගෙන පැල ගේන්න පිටත් වුණා. විවිධ වර්ණයෙන් යුතු බෝගන්විලා පැල අපි මිලදී ගත්තා. රුපියල් 100 ත් 150 ත් අතර මිලක් එක පැලයක් සඳහා අපට වියදම් වුණා. මල් පැල තවාන් දෙක තුනකින්ම අපි පැළ මිලදී ගත්තා. මල් පැල තවාන් අයිතිකරුවන්ගෙන් බෝගන්විලා මල් වලට යොදන පොහොර ගැන අපි දැනුවත් වුණා.
රැගෙන ආ බෝගන්විලා මල් පැල පෝච්චි තුළ හිටෙව්වා.
තාම පුංචි පැළ වුණත් සමහර ඒවායේ මල් පිපිලා. හරිම ලස්සනයි.
පැල ලොකු වුණාම තවත් ලස්සනට තියෙයි.
ඒක චිත්‍රයක් වගේ මගේ හිතේ මැවිලා තිබුණා.
ස්තුතියි !
හරිම ලස්සනයි... 💐 ඒ මල් පෝච්චි නම් ගනන් ඇති..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
නෑ.. එච්චරම ගානක් වුනේ නෑ. 12ටම ගියේ රුපියල් 8000/= ක් වගේ ගානක් Stand ටිකත් Delivery ත් එක්කම.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit