🔥 The දඩබ්බරයා . . . 🐶 | 10% for SL-Charity

in hive-133716 •  3 years ago 

යාලුවනේ...
මම අද ඔයාලට කියන්න යන්නේ දඩබ්බරයෙක් ගැන. අපේ හිටපු ආරක්ෂකයා, ආරක්ෂක නිලධාරියා.

අපේ ගෙවල් තිබුනේ පාරේ ඉඳන් අතුරු පාරක මීටර් 100ක් විතර ගියාම. ඒ මම O/L කරන කාලෙ. ඉස්කෝලේ ඇරිලා බස් එකෙන් බැහැලා එද්දි මම දැක්කා දරන්න බැරි බඩකුත් උස්සන් පාර අයිනේ වැතිරිලා ඉන්න බලු අම්මෙක්ව. මූ මාව දැක්කා විතරයි මගේ පස්සෙන් එන්න ගත්තා.පැටව් දාන්න ඉන්න එකේ අපේ අම්මා දැක්කොත් වත් කියලා මම හිමීට පැන්නුවා.දවල්ට මට බත් කනකොටත් මතක් වුනේ ඌව. කරවල කෑල්ලක් අනාගත්තු බත් ටිකක් කොලේක ඔතලා පාර අයිනේ ඉන්න ඌට කන්නත් ගිහින් දැම්මා. කොහොමෙන් කොහොම හරි අන්තිමට ඌ පැටව් දැම්මෙ අපේ නැන්දලාගේ ගෙදර. ලස්සනේ බෑ. පැටව් තුන් දෙනෙක් හිටියට දෙන්නෙක්ම අයිති වෙලා. තනිවුනු පැටියා ගන්නමයි මගේ හිත. ඒත් අපේ අම්මා කැමති නෑ සත්තු හදනවාට. බැන්නත්, එක්කො කමක් නෑ කියලා ඇහුවා ඌව ගේන්නද කියලා. "මං දන්නෑ.. තාත්තාගෙන් අහන්න" ඇගෙන් ලැබුණේ එවැනි පිළිතුරක්. තාත්තා එනකම් ඉන්න බෑ.. කෝල් කරලම ඇහුවා. අකමැත්තක් පෙන්නුවේ නැති නිසා මම ඌව අරං ආවා. බලු අම්මා මගේ පස්සෙන් දුවන් එන හැටි දැක්කහම මට දුකත් හිතුනා. මම දෙන්නවම අරගෙන ආවා.

කොහොමහරි සතියයි ගියේ. බලු අම්මා බයික් එකක හැප්පිලා නැන්දලගේ ගේ ඉස්සරහම. අපි ඌව එයාලගේ වත්තෙම වල දැම්මා.

ටිකෙන් ටික පැටියා ලොකු වුණා. බලු අම්මාට අපි කිව්වේ "කික්කි" කියලා. ඒ හන්ද අපි පැටියට "කුක්කු පුතා" කියලා නම තිබ්බා. වල් බල්ලෙක් උනත් ඌ හරි හැඩයි, ලස්සනයි. කට කළුම කළුයි. එහෙම බල්ලො සැර වෙනවා කියලා කතාවකුත් තියෙනවනේ. කන් දෙක කඩා හැලෙනවා. සුදු ඇඟ පුරාම දුඹුරු පාට පුල්ලි පුල්ලි.

අපිට පොඩ්ඩක්වත් බයක් නෑ ඌ ඉද්දි. සමහර අය අපේ ගෙදරට ආවේ, කෝල් කරලා අහල "බල්ලා බැඳල ද?" කියලා. ඒ තරමටම ඌ සැර ආරක්ෂකයෙක්. වත්තට එන තලගොයි නං ඉතුරු කරන්නේ නෑ. පන්නගෙන ගිහින් මරලාම දානවා. මේ වදේ හන්ද අපි දිග දම්වැලක් දාලා කුක්කව බැන්ද. රෑට ලෙහනවා නැත්තං ඌත් පව්නෙ.

IMG_20200116_165055.jpg

කොහොම හරි දවසක් රෑ 8.00 ට විතර කකුලෙ ලේ පෙරාගෙන මනුස්සයෙක් ආවා. විස්තර හොයලා බැලුවම අපේ කුක්කා හපා කාලා. තාත්තා බයික් එකේ හන්දියේ ඩොක්ට ලඟට ඒ මනුස්සයව එක්ක ගිහින් බෙහෙත් දාගෙනයි ආවේ. ඔහොම යද්දි තුන් හතර දෙනෙක්වම හපා කෑවා. දැන් රෑටත් ලෙහන්න බෑ. අපි දවල්ට ඌව ඇවිද්දන්න එක්කං යනවා. මම තමයි ගොඩක් වෙලාවට ඇවිද්ද වන්නේ. වෙනකාටවත්ම ළඟට යන්න බැරි තරමටම සැර වුණත් ගෙදර හැමෝටම හීලයි. ඒ ගමන දම්වැල් තියාගන්නෙත් නෑ. කඩනවා. අපි දම්වැලට ඉබ්බෙක් ගෙනත් දැම්මා බැරිම තැන. මොනව කරන්නද..

මතු සම්බන්යිධයි !

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

එයා සෑහෙන්න සැරයි වගේ 😬😬 ඒ වුණාට photo එකට නම් හරිම අහිංසක විදියට ඉන්නේ 🤭

ඔව් කවුරුත් එහෙම තමයි හිතන්නේ. අර රෑ 8.00 ට විතර ආපු මනුස්සයත් එහෙම තමයි හිතාගෙන ඉඳල තියෙන්නෙ. 😅😅

අපේ ආච්චිලාගෙ ගෙදරත් හිටිය මේ වගේම එක්කෙනෙක්න් එයාගෙ නම මොරිස්

එහෙමද? ඌත් මේ වගේ දඩබ්බරද? 🤔🤔

අපොයි නෑ. හරිම අහිංසකයි😊

අපි හුරතල් කරනෝ වැඩි නිසාද මන්දා එයාලා ලොකු වෙන්න වෙන්න හරිම සැරයි.... අපේ ජිමීටත් දම්වැල් දාලා පිරිමහන්න බෑ. දැන් එයා නිදැල්ලේ හැසිරෙනෝ... එයාට තේරුනොත් අනිත් අය එයාට බයයි කියලා එයා වැඩ දාන්න පටන් ගන්නෝ එපාර. ඊට පස්සේ පාරේ යන මිනිස්සු බය වෙලා කෑ ගහනෝ... අතුරු ප්‍රතිඵලයක් විදියට මල්ලියි මායි හවුලේ බැනුම් අහනෝ අම්මගෙන්... 🤣

ඒක ඇත්ත..සමහර වෙලාවට මිනිස්සුත් අපිට බැනපු අවස්ථාත් තියෙනවා ...ඒ වගේ වෙලාවට අපේ අම්මගෙ මූණ පොඩ්ඩක් දැක්කොත්නම් බනින්න ඕනෙත් නැහැ. හිතේ ලියවෙන ටික මට හිතා ගතහැකි...... 😂😂

හෙන චන්ඩියෙක් නෙහ් බලන් ගියහම. ඉන්නෙ නම් අහින්සකයෙක් වගේ🌝

බුරන බල්ලා හපා නොකයි කියලා කියනවා නේ. 🤣🤣

එයාලා තරම් ආදරණීය හිතවත් අය සමහර මිනිස්සු අතරින් හොයා ගන්නත් බෑ

ඒක නම් ඇත්ත. ඇත්තටම ඌ කොච්චර නපුරු වුනත් හරිම හොඳයි.

ea lassnii. Eth eawa bndlma tynna wela tyna eka gna nam dukii.

ඔව් ඒක නම් එහෙම තමයි. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ. 🙁

hane hane kukku puthee. Sara ballek inna eka hodai ithnn.

ඔව්. ඒක නම් ඇත්ත..
හැබැයි වෙලාවකට හරිම හිසරදයක් වටින් පිටින් එන පැමිණිලි. 😓

මම නම් බල්ලො ඉන්න ගෙවල් පැත්ත පළාතක යන්නවත් කැමති නෑ. මං හරිම බයයි බල්ලොන්ට. අපෝ සැර වෙන්නම ඕන නෑ. සෙල්ලම් කරන්න ළඟට දුවන් ආවත් බයයි

හැමෝම එහෙම නෑ. හොඳ අයත් ඉන්නවා.