Hello Everyone !..
ඉතින් සුපුරුදු පරිදි අපේ practical දේවල් උදේ වරුවෙ තිබිලා හවස් වරුවෙ තිබුනා soil science lectures.කොච්චර මහන්සි උනත් ඒවට යන්නත් එපැයි.ඉතින් අපි ගිහින් lecture එකේ ඉන්නකොට කරන්ට් එක නැති උනා. දැන් මොනව කරන්නද.lecture එක කරන්නත් බෑනෙ. ආයෙත් කරන්ට් ආවම රෑ වෙලා හරි, වෙන දවසක හරි තියන්න හැමෝම එකග වෙලා එතනින් lecture එක නැවැත්තුවා.
ඉතින් වෙනද වගේ නෙමේ. ඒ වෙනකොටත් හවස 4ට විතර ඇති.ඒ නිසා වෙලාව තියෙනවා කොහෙහරි එලියට ගිහින් කාලා හොස්ටල් එකට එන්න.ඒ නිසා අපි හිතුව ආප්ප කන්න. බයිසිකල් අරගෙන ආප්ප කන්න වෙනදා කඩේටම ගියා. අවාසනාවක මහත.එදා ඒ කඩේ වහල. දැන් ඉතින් මොනා කරන්නද.ඊටපස්සෙ අපි හිතුව ටිකක් දුර තියන කඩේකට යන්න.
සේනපුර කියන පැත්තෙ තමා ඒ කඩේ තියෙන්නෙ.ඉතින් අපි බයිසිකල් වලින් ඒ කඩේ පැත්තට යන්න ගත්තා.ඇත්තටම කලින් මමනං ගිහින් තිබුනෙ නෑ ඒ පැත්තට.ගොඩක් ලස්සන පැත්තක් ඒ පැත්තනම්. ඒ වගේම හවසට අව්ව පායලා හරිම ලස්සනයි. අවසානෙදි අපි ආවා කඩේට. ඇත්තටම ඒක පොඩි කඩයක්.නමුත් හරිම ලස්ස්නයි. මම හිතනවා ඔයාලත් කැමති වෙයි කියල ඒ වගේ තැනකින් කන්න. ආප්පනම් හරිම රසයි. ඇතිවෙන්න ආප්ප කාලා අපි ඉක්මනට කැම්පස් එකට එන්න ආවා.
ආයෙත් දවසක් යන්න බලාපොරොත්තු තියාගෙන තමා ආවෙ. ඒ එනකොට තමා දැනගත්තෙ ආයෙම හවස 6 ට lecture එක පටන් ගන්නව කියල.කොහේ කලින් යන්නද.අන්තිමට ඒකටත් ඉදල තමා යන්න උනේ. ඔන්න ඔහොම තමා ආප්ප කතාව ඉවර උනේ.
හැමෝම පරිස්සමින් ඉන්න
ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻
ඔව් එතන ඇත්තටම ලස්සනයි තමයි.
ඒ ලොකු ගහේ ලස්සන.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්.මාරම ලස්සනයි
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit