Hello Everyone !..
කොහොමහරි අපිට ආයෙත් සතිඅන්තයේ පොඩි නිවාඩුවක් ලැබුනා.දෙවරක් නොහිතාම ගමනක් යන්න අපි කැමති උනා.මොකද පොඩි හරි වෙනසකට වගේම යාලුවො විදිහට හොදට අදුරගන්නත් ඒක ලොකු අවස්තාවක්.ඉතින් අපි කතාඋනේ සීගිරිය බලන්න යන්න.ටිකක් දුර උනත් ගමන යන්න පුලුවන්.උදේ 6.15 තියෙනවා කැම්පස් එක ලගින්ම කොලඹ යන බස් එකක්.ඉතින් ඒකෙ ගිහින් අපිට සීගිරිය බලන්න යන්න පුලුවන්. උදේම නැගිටින එක සාමාන්‍ය දෙයක් නිසා අපි ඒ බස් එකට ගියා.ඉතින් ඒකෙ ගිහින් දඹුල්ල ටවුන් එකෙන් බැස්සා. ඊටපස්සෙ කරේ උදේට කාපු එක තමා.ඔක්කොම අය බඩගින්නෙ හිටියෙ.ඊටපස්සෙ ඉතින් සීගිරිය යන බස් එක්කට ගොඩවෙලා අපි ගියා සීගිරිය බලන්න.
උදේ වරුවෙම අපිට පුලුවන් උනා සීගිරිය ලගට යන්න. ඒ නිසා දවසෙ වෙලාවත් ඉතුරුයි. ඉක්මනට ටිකට් ටිකත් අරගෙන අපි සීගිරිය උඩට නගින්න ගත්තා.මොකද අපේ හිත්වල තව ගමනක් යන්නත් පොඩි ප්ලෑන් එකක් තිබුනා.ඒ මොකද්ද කියල ඊලග කතාවෙන් කියන්නම්.ඉතින් මමනං සීගිරිය බලන්න ගිහින් තිබුනෙම නෑ. නියම අත්දැකීමක් මටනම්. හිතාගන්න බැරි තාක්ශනයක් ශ්‍රීලංකාවේ තිබිල තියෙනවා.ඒ තාක්ශනය අද නටඹුන් වලින් දකිනකොට දුකත් හිතෙනවා. හුලග තමයි හුලග.කොච්චර හුලග සැරයිද කිව්වොත් අපිවත් ගහගෙන යන තරමටම එහේ හුලග.නිවාඩු දවසක් නිසා ගොඩක් පිරිසක් හිටියා සීගිරියට.සීගිරිය උඩටම ගියාමනං මාරම ලස්සනයි. ලොකු විව් එකක් පේනව.
ඒ කාලෙ රජතුමා හොද සුවපහසුවෙන් ඉන්න ඇති කියල හිතෙනවා.කොහොමහරි චායාරූප එහෙම අරගෙන නැවත අපි පහලට එන්න ගත්තා. සීගිරි බිතුසිතුවම් ගැනනම් කතා කරල නිම කරන්න බෑ.කොච්චර ලස්සනයිද. ඒ වගේම අවුරුදු 1500ක් විතර ඒ වර්ණ සුරක්ශිතව තියාගන්න අපිට තිබුන උසස් තාක්ශනය කොතරම්ද කියල හිතාගන්න පුලුවන් නෙ.
ඉතින් දවල් 1 විතර වෙද්දි අපි ආයෙමත් පහලට ආවා.එතනින් පස්සෙ තමා ඊලග චාරිකාව පටන් ගත්තෙ.ඒ කතාව පස්සෙ කියන්නම්.එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. අපිට පුලුවන් කාලෙ හොදට ජීවිතේ විදින්න.නැත්තං වෙන්නෙ වයසට ගිහින් පසුතැවෙන්න තමා.
ස්තූතියි 🙏🏻
දැන්නම් සීගිරි නගින්න හරි ලේසියි. වැටවල් දාල පඩි කපල තියන නිසා. ඉස්සර නම් සීගිරි නගින එක හරිම අමාරු වැඩක්. ගොඩාක් දෙනෙක් සිංහ කට ගාවට ගිහින් නවතිනවා උඩට නගින්න බයේ. ඒ අතින් ඔයාල වාසනාවන්තයි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒකනම් ඇත්ත. දැන් ලොකු අපහසුවකින් තොරවම යන්න පුලුවන් උඩටම
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මම තාම ගිහින් නෑ සීගිරිය බලන්න, ආසයි යන්න
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ආයෙත් යන්න ආසයි..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මේ දවස් වල නම් සෙනගත් අඩුයි ටිකක්
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit