Hello Everyone !..
මම කලිනුත් මෙතන ගැන කියල තියෙනවා. හැබැයි දැන්නම් ඒ තැන හදල තියෙන්නෙ හොදට. ඉතින් අපි දෙන්න එතනට යමු කියල පිටත් උනා. පහුගිය දවස් වල වැස්සත් මේ දවස් වල හොදටම පායනව. හිතාගන්න බෑ මෙච්චර රස්නයක් කොහොමද කියල. ඒ තරම් පායනවා. View point එකක් කියන්නෙම ඉතින් උස තැනක් වෙන්න එපැයි. ඒ නිසා අපි දෙන්න රේල් පාරෙන් එක තැනකට ගිහින් කන්ද නගින්න ගත්තා. අපිට යන්න ප්‍රධාන මාර්ගය තිබ්බත් ඒ කන්දෙ නැග්ම වැඩියි. ඒ නිසා ඉක්මනට මහන්සි වෙනව. කන්ද උඩටම ගියාම වගේ තියෙනවා මහඋල්පත විහාරස්තානය. ඒ තැන නවත්තලා තිබ්බ ලොරියකින් අපි දෙන්න පොඩි පොඩි කෑම වගේකුත් ගත්තා.
ඇත්තටම අපේ සෙට් එකට යන එකම අමතර වියදම තමා කෑම වලට යන වියදම. කොහේ ගියත් කෑම වලට තමා වියදම් කරන්නෙ ටිකක් වැඩිපුර. සමහරවිට අමද්‍යප වීම සමහරු හෑල්ලුවට ලක් කරත් අපිටනං ඒක ගානක් නෑ. ඊටවඩා හොදයි මොනාහරි කන එක. ඉතින් අපි අන්තිමට ආවා view point එකට.
හරිම ලස්ස්නයි එතන. මුලු පලාතක්ම පේනව එතනට. අපි ඉගෙනගත්ත පාසලත් පේනව එතනට.
හැබැයි ඒ view point එකේ පොඩි අවුලක් වෙලා මේ ලගදි එතන තිබ්බ කනුවක් කෙනෙක්ගෙ ඇගට කඩාවැටිල ඒ නිසා අලුතින් හදපු කොටස් වලට යන්න දෙන්නෙ නෑ. ඒ තැන් වහල තමයි තියෙන්නෙ. පාලමක් හදල තියෙනවා නිකං අහස මැද ඇවිදිනව වගේ. නමුත් ඒකත් වහල තියෙන්නෙ අර කලබලය නිසා. ඉක්මනට හොදින් එතන ප්‍රතිසංස්කරණය කරනවනම් හොදයි. මොකද අවදානම් තැනක් නෙ. ඉතින් අපි එතන ටික වෙලාවක් ඉදල ආයෙ ගෙදර එන්න පිටත් උනා. ලොකු වෙලාවක් ඉන්න බෑනෙ දැන්. ඉස්සර වගේ බස් වැඩ නැතිනිසා තියන බස් එකට වෙලාවට යන්න ඕනිනෙ. ඉතින් අපි පහලට ඇවිල්ල බීම එක්කුත් බීලා සතුටින් විසිරිලා ගියා.
ඇත්තටම හදිසි ගමනක් උනත් නියම ගමනක් ඒක. ඉස්කෝලේ කාලෙනම් යාලුවො හැමදාම ඉන්නව. දැන් එහෙම නෑනෙ. කොහොම නමුත් යාලුවො හම්බෙන දවසට නියමයි. ඔයාල හැමෝම පරිස්සමින් ඉන්න .
ස්තූතියි 🙏🏻
Let's take care of our mother 🌎🌍🌏 together.🤝
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
sure
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Me koheda? 😯 E place eka niyamai. 💚
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
බන්ඩාරවෙල , පොරෝගල
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ෆොටෝස් ටික superb!❤
කොහෙද ඒ?
ඒක ලස්සන attitude එකක්. අපි කරන්න ඕනෙ අපිට කරන්න ඕනෙයි කියලා හිතන දේ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
බන්ඩාරවෙල පොරෝගල.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit