දිග වැස්සකට පස්සේ....

in hive-133716 •  3 years ago 

ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ වැහි දෙවියොන්ට අපි ගැන දුක හිතිලා ද මන්දා අද. අද දවසම මේ වෙනකන් වැස්සේ නැහැ. පැහැදිලි අහසක් දවසම වගේ තිබ්බ. ගොඩ දවසකට පස්සේ වගේ අසාවෙන් ටිකක් එලියට යන්න පුළුවන් උනා අද ඒ නිසා. උදේ ගෙදර අස් කරන්න උදව් වෙද්දී අපි ඉන්න ගෙදර මිදුලේ චුටි යාලුවෙක් ලොකු වැඩක් කරන්න ලෑස්ති වෙනවා මම දැක්කා. ඔන්න ඕක ගැන මම ලියන්න හිතුව.

මෙහෙ ඉන්නව සම්බෝල පාට, ඒ කියන්නනේ Garfeild වගේ පූසෙක්. මම සාමන්යෙන් පුසන්ට ලොකුවට කැමති කෙනෙක් නෙමෙයි. අපේ ගෙදරත් හිටිය ඉස්සර. ඒ උනාට මම ගොඩක්ම අසා බල්ලන්ට. ඉතින් මම මේ කියන පූස් තමයි මේ ඉන්නේ. ලොකු බඩ ගෙඩියක් එහම තියෙන හරිම සැප පහසුවට ඉන්න පුස් තඩියෙක්.

20211120_084213.jpg

උදේ මම මේ විදිහට දකිද්දී හිතුවේ එය අව්ව තපිනවා කියල. මොකද ගොඩ දවසකින් වැස්සත් පෑව්ව නිසා එයාටත් එපා වෙලා ඇති නේ කියලා. මාත් පොඩ්ඩක් ලගට ගිහින් ආවා. එත් එයා නෙමෙයි ඉන්න තැන වෙනස් කලේ. කොහොමත් පුසෝ නිකන් ඉන්නේ එයාලගේ ගෙදර අපි ඉන්නව වගේ නේ. එක හින්ද ඉතින් මාත් ගණන් ගන්නේ නැතුව ආව.

ටිකක් වෙලා ගිහින් බලද්දී තම මෙන්න මෙය එතන එහමම. මම ටිකක් ඇහැ දාල බැලුව. ඔන්න එතකොට මම දැක්කේ මෙන්න මෙය මේ අව්ව තපිනවා නෙමෙයි. ලොකු වැඩකට බැහැල ඉන්නේ කියලා මට තේරුනේ.

20211120_084310.jpg

මේ පූස් ඔලුව උඩට උස්සන් ලග තියෙන අඹ ගහක් දිහා බලන් ඉන්නව. එකේ උඩ කුරුල්ලෙකුයි ලේනෙකුයි එහෙ මෙහෙ යනවා. ඒ දෙන්න එහෙ මෙහෙ යද්දී මේ පුස් යට ඉදන් බලන් ඉන්නව. අර දෙන්නත් touch එකේ ඉන්නේ කියලා මට තේරුණා මෙයා ගැන. මේ පූස් ඉතින් ගහට නැගල අල්ලන try එකක් දෙනෙන්ත් නෑ . කම්මලිය වගේ ගහ යට ඉදන් උඩ බලන් ඉන්නව, නිකන් දැන් වැටෙයි දැන් වැටෙයි කියලා.මට නිකන් ඒ වෙලේ හිතුනේ පුසත් කම්මලි වෙලා ද මන්ද කියලා. නිකන් ෆන් එකේ දෙන දෙයක් කාල ජෝලියේ ඉන්න එක හොදයි කියල පුසට හිතුනද දන්නේ නෑ. මෙච්චර මහන්සි වෙනවට වඩා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

එත් එයා නෙමෙයි ඉන්න තැන වෙනස් කලේ. කොහොමත් පුසෝ නිකන් ඉන්නේ එයාලගේ ගෙදර අපි ඉන්නව වගේ නේ. එක හින්ද ඉතින් මාත් ගණන් ගන්නේ නැතුව ආව

එහෙම තමයි පූසො. ඔයත් ගනන් ගන්න එපා. උන් හදන්නෙ කටින් ගහල දිනන්න

oya pusa ekka taraha welada me wiruddawa kata karanne.

hodatma experience thiye wage 😁

ape ekkenath ohomai.. antenawa dagena inne koi weleth saththunta.. mama itin eyata baldi danwa issarahata gihin 🤣.

mama itin eyata baldi danwa issarahata gihin 🤣.

🤭

පූසො ගැන මං නම් වැඩියෙ දන්නෙ නෑ.අපි හදල නෑ. අයාලෙ යන කෙනෙක් ඉඳහිට එනව මිස.

අයාලෙ යන කෙනෙක් ඉඳහිට එනව මිස.

eyala nm godak innwa ne😁

දැං පූසො මීයො අල්ලන් නෑ..අපි අල්ලල දුන්නොත් කනව..

😂

මං නම් ආස නෑ පූසන්ට වැඩිය, පාරෙ දාල ගිහින් ඉන්නව දැක්කම ගෙදර ගේන්න ගිහින් තියනවා, ඒ ඇරුනම බල්ලන්ට තමා ආආආආසම, පූසො ගැන එක්ස්පීරියන්ස් නෑ

ඒ ඇරුනම බල්ලන්ට තමා ආආආආසම

eyala hodai thmai matath hithnne