වෙනස

in hive-133716 •  2 years ago 

ඉතින් කොහොමද යාලුවනේ, හිතනවා ඔයාල හැමෝම හොදින් කියල. වැඩ වැඩි වෙලා, කලබල උන සති දෙක තුනක් නිසා,ටික දවසකින් ලියන්න බැරි උනා. මම අද ඔයාලට කියන්න යන්නේ මම කැමති වෙනසක් ගැන.

හරියටම මීට සති දෙකකට වගේ කලින් සිකුරාදා, අපේ ගෙදර හැමෝම සුපුරුදු විදිහට වැඩ පටං ගත්ත. හැබැයි ටිකක් වෙලාවකින්, අපිට call එකක් ආවා. අපේ ලගම නැදැ වෙන සීයා කෙනක් නැති වෙලා කියලා. අපි හැමෝම ඉතින් වැඩ කලින් ඉවර කරලා, ඉකමනට ලෑස්ති වෙලා කෑගල්ලේ ඒ මළ ගෙදර යන්න පිටත් උනා. එහෙ ගිහින් ඒ සති අන්තේම, වැඩ වලට උදව් උනා. ආයෙම කොලබ ඇවිත් වැඩ පටන් ගත්තේ ඔක්කොම ඉවර උනාට පස්සේ.

ඉතින් මට එහෙ ඉදන් ඇවිත් මෙහෙ ඉද්දි, මට හිතුන දෙයක් ගැන තමයි මම දැන් කියන්න යන්නේ .එහෙයි මෙහෙයි තියෙන පරිසරේ වෙනස ගැන. ඒ වෙනසට මම හරිම කැමති. හැමදාම රස්නේ, වාහන දුම් පිරුන කොලබ අහසට වඩා, ඒ වෙනස කොච්චර ලස්සනද කියලා කියන්න වචන නැහැ. කොළ පාට පිරුණු වටපිටාව, සීතල හුලග, සීතල වතුර කියන්නේ වෙනම එකක්. ආයේ ඉතින් next level.

images.jpg
Source

උදෙන්ම දකින්න ලැබෙන තෙත පිරුනු කොළ පාට ගස්, තෙත් උන දුබුරු පාට පොලොව, සද්දෙන් කෑගහන කුරුල්ලෝයි චුටි චුටි සත්තුයි දකින එක විදින එක කියන්නේ වෙනස්ම විදිහක අලුත් නැවුම් දෙයක් මට. ඉතින් මම ඒ වෙනසට ගොඩක් කැමති. ඉතින් මගේ යාලුවනේ, ඔයාල මොකද හිතන්නේ මේ වගේ වෙනසක් ගැන?

ඔන්න ඉතින් කොහොම හරි මුළු සති අන්තෙම මල ගෙදර තිබුණු ගෙදර ඉදලා, උදව් කරලා වැඩ වලට එහෙම, අපි අපේ ගෙදරටත් ගිහින්, ටිකක් වට පිටේ ඇවිදලා, රෑ වෙලා ආපහු කොලඔ එන්න පිටත් උනා ලොකු වැස්සකුත් එක්කම.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

උදෙන්ම දකින්න ලැබෙන තෙත පිරුනු කොළ පාට ගස්, තෙත් උන දුබුරු පාට පොලොව, සද්දෙන් කෑගහන කුරුල්ලෝයි චුටි චුටි සත්තුයි දකින එක විදින එක කියන්නේ වෙනස්ම විදිහක අලුත් නැවුම් දෙයක් ම

ඒ වාක්‍යම මාර ලස්සනයි. ෆීල් වෙනවා. අපෙ ගෙවල් පැත්තත් එහෙම තමයි.

❤️

ඉතින් මගේ යාලුවනේ, ඔයාල මොකද හිතන්නේ මේ වගේ වෙනසක් ගැන?
me wage wenasakata akamathi kawruwath innawa kiyala man nam hithan na.

oo